නෝර්වුඩ් ප්‍රදේශයේදී ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකයන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් ප්‍රචණ්ඩකාරී ලෙස කෙළවර වී තිබේ.
මෙලෙස ගැටුමකට මැදිව ඇත්තේ එම පක්ෂයේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභා සභාපතිවරයා වන පැන්සිස් හැලන් සහ පක්ෂයේම තරුණ බලවේග ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කරන රවිචන්ද්‍ර දුෂාන්ත නමැති අයෙකි.
පසුගිය 25 වැනිදා පස්වරැවේ සිදු වූ මෙම සිදුවීමෙන් අනතුරුව, තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාම දික්ඔය රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කර තිබින.
පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ප්‍රකාශ කළ පරිදි, දෙපාර්ශවය අතර හටගත් වාද විවාදයක් පාලනය කරගත නොහැකි මට්ටමට දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත.
ගැටුමෙන් පසුව මෙම පුද්ගලයන් දෙදෙනාම තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට පොලිසිය වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
එහිදී තමන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට ඔවුන් කළ ඉල්ලීමකට අනුව, පොලිසිය විසින් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තා ලබා දී ඔවුන්ව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
