නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධය.. මෙහෙම ගියොත් මිනිස්සු අධිකරණ විස්වාස කරන එකක් නෑලු..



 ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි. 

නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව අවධාරණය කර ඇත.

රටේ ඉහළම උසාවිවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සලකා බලමින් සිටින බවට පළවන වාර්තා පිළිබඳව එම ලිපිය මඟින් සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ දා සිට අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 ලෙස ස්ථාවරව පවතින බව පෙන්වා දෙන නීතිඥ සංගමය, එය අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ප්‍රකාශ කරයි. 

එවැනි වෙනසක් සිදු කිරීම අනවශ්‍ය මෙන්ම නුසුදුසු එකක් බවත්, එමඟින් අධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීමට රජය දක්වන කැපවීම පළුදු විය හැකි බවත් ඔවුහු තර්ක කරති.

විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ පරමාර්ථයෙන්ම පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීම පිටුපස ඇති චේතනාවන් පිළිබඳව මහජනතාව ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවට නීතිඥ සංගමය අනතුරු අඟවයි. තවද, 2020 වසරේ සිදුකළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉහළ අධිකරණ දෙකෙහිම විනිසුරුවරුන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බව ඔවුහු පෙන්වා දෙති. ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 11 සිට 17 දක්වාත් වැඩි කර ඇත.

මෙම සාමාජික සංඛ්‍යාව ඉහළ නැංවීම මඟින් අධිකරණවල ධාරිතාව ප්‍රමාණවත් පරිදි ශක්තිමත් වී ඇති බැවින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සේවා අවශ්‍යතාවය මත පදනම් වූ කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරයයි.

අධිකරණ විශ්‍රාම වයසෙහි සිදු කරන ඕනෑම වෙනස් කිරීමක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන බව නිරීක්ෂණය කරන නීතිඥ සංගමය, ව්‍යවස්ථාවට මෙලෙස තාවකාලික අවශ්‍යතා මත සංශෝධන සිදු නොකරන ලෙස අවධාරණය කරයි. ලංකා ඉතිහාසය දෙස බැලීමේදී නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පාවා දෙමින්, බලයට පත් වූ විවිධ රජයන් සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිතර නිතර සංශෝධනය කර ඇති බව ද එහි සඳහන් වේ.

වත්මන් වටපිටාවක සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම, අධිකරණයට සෘජුවම බලපෑම් කිරීමට දරන උත්සාහයක් ලෙස අර්ථකථනය විය හැකි බව නීතිඥ සංගමය අවධාරණය කරයි. එවැනි පියවරක් මහජන විශ්වාසය පළුදු කරනවා පමණක් නොව, අදාළ විනිසුරුවරුන්ගේ ගරුත්වයට ද නිගරුවක් විය හැකි බව ඔවුහු පවසති.

මෙහි ඇති දිගුකාලීන අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව අනතුරු අඟවමින් නීතිඥ සංගමය කියා සිටින්නේ, මෙම යෝජිත සංශෝධනය මඟින් භයානක පූර්වාදර්ශයක් සැපයෙනු ඇති බවයි. එමඟින් අනාගතයේ බලයට පත්වන රජයන්ට ද තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණයට බලපාන මෙවැනි ව්‍යවස්ථාපිත වෙනස්කම් සිදු කිරීමට මඟ පෑදෙනු ඇත.

"අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය අප ජනරජයේ නීතියේ ආධිපත්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ අත්‍යවශ්‍යම කුළුණු වේ," යැයි නීතිඥ සංගමය ප්‍රකාශ කර සිටියි.

අධිකරණය ප්‍රායෝගිකව ස්වාධීන විය යුතුවා පමණක් නොව, එය සම්පූර්ණයෙන්ම ස්වාධීන, අපක්ෂපාතී සහ කිසිදු බාහිර බලපෑමකින් හෝ අකටයුත්තකින් තොර ආයතනයක් ලෙස මහජනතාවට දර්ශනය විය යුතු බව ද ඔවුහු අවධාරණය කරති.

නීතියේ ආධිපත්‍යය සුරැකීමට සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තමන් සතු වගකීම ඉටු කිරීමක් වශයෙන් මෙම කනස්සල්ල ප්‍රකාශ කිරීමට සිදු වූ බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, යෝජිත සංශෝධනයෙන් අධිකරණයේ හෝ මහජනතාවගේ කිසිදු යහපතක් සිදු නොවන බව නැවත වරක් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපිය සඳහා එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන් අත්සන් තබා ඇත.

10 Comments

  1. Ane Apita Arinna Aiyya Sahodaraya 70 auruddak kauruth ridenna Ariye nehe.
    Hariyatama arinna Atagilenakan arinna

    ReplyDelete
    Replies
    1. anadipathi kiayanawa ekek hire kiyala

      elanga dawase u ellila

      Delete
  2. පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි සලේ ගේ නඩුව විභාග කළ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු ලෙස පත්කොට ඇති බව වාර්තා වෙයි.
    වෙනත් වචන වලින් කිවහොත් ඩබල් ප්‍රමෝෂන් වැදී ඇත.
    ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන. කොටුවට මාරු කොට ඇත.
    හොර ඔප්පුවක් සකසා එමගින් රු මිලියන 3.6 වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් එරෙහි නඩුවක් විය.
    එම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙනී සිටිමින් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
    ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ පසන් අමරසේනය
    කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයාගේ නඩුව විභාග කළේද ඔහුය. එකී ගුරුවරයා ණ්ඵ්ඵ් අයෙක් විය.
    තණකොළ කැපීමේ යන්ත්‍රයට භාවිතා කිරීම සඳහා ඉන්ධන කෑන් හයක් ළඟ තබාගත් අයකුට රුපියල් 2500ක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කළේද ඔහුය.
    පිල්ලයාන්ගේ නඩුවේ වැඩි කොටසක් විභාග වූයේ ඔහු ඉදිරියේය.
    අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නයි වරෙන්තුවක් නිකුත් කළේද ඔහුය.
    නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසියේ යයි කියා ඩග්ලස් දේවානන්දට වරෙන්තු කරේ ඔහුය.
    පියුමි හංසමාලිගේ අයතා ලෙස ඉපයූ වත්කම් පිළිබඳ නඩු විභාග කළේ ඔහුය.
    ඥානසාර සාදු ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධ නඩුව විභාග කළේ ඔහුය.
    තුසිත හල්ඔලුවගේ නඩුව විභාග කළේ ඔහුය
    අනුර සහෝදරයා කොක්කෙන් බැයි නම් කෙක්කෙන් හරි නඩු විසඳන්නයි යන්නෙ....

    ReplyDelete
    Replies
    1. පසන් අමරසේනය තව වීර ක්‍රියාවක් කරලා. ගෝඨාභයගේ විදෙස් ගමන් තනහම් කරලා.
      ඊලඟ ආන්ඩුවකින් අනිවාර්යෙන් මේ වගේ නින්දිත විනිසුරුවන්ගේ වැඩ තහනම් කල යුතුයි. පැහැදිලිව අන්තවාදීවීම සහ නීතිය පසෙක තමා පුද්ගලික සැලසුම් වෙනුවෙන් තීන්දු ලබාදීම වෙනුවෙන් උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුයි. නැත්තන් ලඟදීම මිනිස්සු නීතිය අතට ගනු ඇත. එදාට තත්ත්වය නැවත හරි මාර්ගයට ගැනීමට වසර 20ක් වත් යනු ඇත.

      Delete
    2. අගවිනිසුරුවා යාඤා මෙහෙයවල් පවත්වනවා බෝර්න් අගේන් පල්ලියේ.
      ඉතුරු ටික හිතාගනින්.

      Delete
    3. අයියෝ. නීතිය වල් වැදිලා. අහිංසකයන් හිරේ දානවා බොරු චෝදනා දාලා.
      කතා කරන්නෙ නැතුව, බුදු දහමට විරුද්ධව වැඩ කරන උන්ට විතරක් හොඳයි.
      යුක්තිය, ධර්මය වෙනුවෙන් වැඩ කරන්නන් හිරේට. දෙවියනි ඔබ කොහිද?

      Delete
  3. බාර් සංගමය හොදටෝම දන්නව රටේ මිනිස්සුන්ගෙ විස්වාසයක් නෑ කියල.

    ReplyDelete
  4. ත්‍රස්ථවාදී සංවිධානයකින් යුක්තිය බලාපොරොත්තු වන්නා, අඹ ගහේ දෙල් හැදීම බලාපොරොත්තු වන්නෙකි, වතුරෙන් ගින්දර බලාපොරොත්තු වන්නෙකි. කොටින්ම ගොනෙකි. ගෙවල් ගිනි තැබූ, මිනී මැරූ උන්ට අප්පුඩි ගැසූ පාහර නඩුකාරයිනි, ඊලඟට උන් මරන්නේ විනිසුරුවන්ය, නඩුකාරයන්වය, එදාට උඹලා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙක් ඉතිරි වන්නේ නැත.

    ReplyDelete
  5. යකෝ මේ ආණ්ඩුවේ එව්ව කිව්වේ වයසක මිනිස්සුන්ට ගෙදර යතුරවත් දෙන්න එපා කියලා නේද

    ReplyDelete
  6. හික් හික් හික්

    ReplyDelete
Previous Post Next Post