අම්පාර ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වන, එම දිස්ත්‍රික්කයේම හිටපු නගරාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය විසින් පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
මේ වන විට වෙනත් පළාත් පාලන ආයතනයක කළමනාකරණ සේවා නිලධාරිනියක ලෙස සේවය කරන තැනැත්තියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන ඇත.
2021 වසරේදී ඇය අදාළ මහා නගර සභාවේ සේවය කරමින් සිටියදී, එවකට එහි නගරාධිපති ධුරය දැරූ සැකකරු විසින් සිය නිල කාමරය තුළදී ඇයව පළමුවරට දූෂණය කර තිබේ.
අදාළ අවස්ථාවේදී ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති සැකකරු, ඒවා ජංගම දුරකථනය හරහා ඇයට පෙන්වමින් තර්ජනය කර ඇත.
තමාට අවනත නොවුවහොත් එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්වමින්, ඇයගේ අකමැත්තෙන් වරින් වර දිගින් දිගටම ලිංගිකව අපයෝජනය කර තිබේ.
තමන්ව විවාහ කරගන්නා බවට සැකකාර හිටපු නගරාධිපතිවරයා දුන් පොරොන්දුව මත ඇය කාලයක් නිහඬව සිටියද, පසුව ඔහු එම පොරොන්දුව පැහැර හැර ඇත.
මෙම අසාධාරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා අදාළ නිලධාරිනිය පසුගිය දිනෙක සැකකරුගේ පියා වන හිටපු ප්‍රබල අමාත්‍යවරයා හමුවීමට ඔහුගේ නිවසටම ගොස් ඇත.
එහිදී තමාව රවටා, නිරුවත් ඡායාරූප මඟින් තර්ජනය කරමින් සිදුකළ ලිංගික අතවර පිළිබඳව ඇය කරුණු පැහැදිලි කළද, එම දේශපාලනඥයා ඒ පිළිබඳව කිසිදු තැකීමක් කර නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාස පොලිස් කණ්ඩායම් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ko yako, hitapu amathita namak nedda??? uge puthata namak nedda?
ReplyDeleteehema nethnam cnews eke aithikayage ammata kelala thiyenneth amathida
A.L.M ge putha ne hitiye Akkaraipattu wala
DeleteBalen ගැහුවා නම් irila. ඇති. ආයේ දෙකක් නෑ.
ReplyDelete