මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය හෙවත් ඩොලර් 2,509,430 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය ලැජ්ජා සහගත උත්සාහයක නිරතව ඇතැයි ෆී ලෝයර්ස් සංවිධානය පවසයි.
මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත ලබාදිය යුතු වාර්තා එහි සමාජිකයින්ගෙන් සැඟවීමට කටයුතු කර ඇත. භාණ්ඩාගාර කොල්ලය පිලිබඳ වාර්තාව ‘Bed time reading’ (නින්දට යන වේලාවේ කියවීම) සඟරාවක් නොව ජනරජයේ ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට පවරා ඇති රාජ්‍ය මුල්‍ය පිළිබඳ වගකීම කි. එබැවින් එය වහා පාර්ලිමේන්තුව වෙත ලබාදිය යුතු යැයි ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කරයි.
ලංකා ඉතිහාසයේ මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය වන ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ (FINAL BUDGET POSITION REPORT – ANNUAL REPORT 2025) කිසිදු සදහනක් නොවේ. මුදල් අමාත්‍යාංශයට අදාලව 2025 වසරේ සිදු වූ වඩාත් අවධානය යොමු වූ සිද්ධිය පිළිබඳ අවම වශයෙන් පාද සටහනක් (ෆුට් නෝට්) හෝ මුදල් අමාත්‍යාංශය සිය වාර්ෂික වාර්තාවට ඇතුලත් කර නැත.
මුදල් අමාත්‍යාංශයට, මහ බැංකුවට පමණක් නොව රටේ මුල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ කළ භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට මඟහැරීමට මුදල් අමාත්‍යාංශ්‍ය බහුවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඇත.
මහා භාණ්ඩාගාරයේ වාර්ෂික මුල්‍ය වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කරන ජාතික විගණන කාර්යාලය (පි. 11) Non disclosures in the Financial Statements යටතේ දක්වන්නේ, 2025 වසරේ දී ඇමරිකානු ඩොලර් 1,091,419 ක් හෙවත් රු. මි. 333 ක් ද, 2026 ජනවාරි මස ඩොලර් 1,418,011 ක් ද ණයකරුවන් නොවන තුන්වන පාර්ශවයකට (භාණ්ඩාර
මංකොල්ලකරුවන්ට) ගෙවා ඇති බවයි. ඒ අනුව, ෆ්‍රී ලෝයර්ස් අනාවරණය කළ පරිදිම ඩොලර් 2,509,430 ක් මංකොල්ලකරුවන් අතට පත්ව ඇත.
භාණ්ඩාගාර මංකොල්ල සිදු වූ දින සිට අද දක්වාම මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව මඟහරිමින් සිටී. මුදල් අමාත්‍යා ලේකම්වරයා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා නොමඟයවන සුළු ප්‍රකාශ සිදු කිරීමෙන් පසුව සැඟවී ඇත. මෙම මංකොල්ලයට අවශ්‍ය ලේඛන සකස් කර, මෙහි පළමු ගෙවීම සිදු කර එම ලිපිගොනු භාණ්ඩාගාරයට ලබාදුන් ශ්‍රී ලංකා මහ බැංකුව ‘අපට ලබාදෙන බැංකු ගිණුමකට මුදල් යැවීම’ හැර වෙනත් වගකීමක් අපට නොමැති බව පවසමින් අතසෝදා ගෙන ඇත. රජයේ කිසිදු පාර්ශවයක් භාණ්ඩාගාර මංකොල්ලයේ වගකීම බාර නොගන්නා අතරම, එය ඉතිහාසයෙන් මකා දැමීමට සියළු උත්සාහයන් දරමින් ඇත.
මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සභාපතීත්වය දරන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව භාණ්ඩාගාර මංකොල්ලය පිළිබඳ ලේඛන ලබාදීම සඳහා ප්රශ්නකාරී ලෙස මාසයක කාලයක් ලබාදුන්නේය. එමගින් ප්රශ්නය මාසයකට වඩා යට ගැසීමට ආණ්ඩුවටත්, ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා මහ බැංකුවටත් හැකි විය.
නියමිත කාලය අවසන්වීමෙන් පසුව පවා, මුදල් අමාත්‍යාංශය අදාළ වර්තාව මුදල් කාරක සභාවේ සමාජිකයින්ගෙන් සැඟවීමට තවමත් උත්සහ දරයි. භාණ්ඩාගාර කොල්ලය පිලිබඳ වාර්තාව ‘Bed time reading’ (නින්දට යන වේලාවේ කියවීම) සඟරාවක් නොව ජනරජයේ ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට පවරා ඇති රාජ්‍ය මුල්‍ය පිළිබඳ වගකීමක් යයිද ඔවුන් කියා සිටී.

මරු සංවිධානෙ. Fee Lawyers 🤣
ReplyDeleteෆී ලෝයර්ස් සංවිධානය පවසයි.
ReplyDeleteමරු haker ලා.
ReplyDeleteභාණ්ඩාගාර කොල්ලය යනු සෙලවෙන මනසයි
ReplyDelete