ඩෙංගු තව වැඩිවුනොත් රෝහල් කළමණාකරණය කරන්න අමාරුයි..- නි. ඇමති


 දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ ආකාරයෙන්ම අඛණ්ඩව ඉහළ ගියහොත්, රෝහල් පද්ධතිය තුළ රෝගීන් කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අනතුරු අඟවයි.

පසුගිය වසරේ දත්ත හා සැසඳීමේදී මේ වසරේ රෝගීන් වාර්තා වීම ඉතා ඉහළ මට්ටමක පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරේ ජූනි මාසයේදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 5,466කි. එහෙත් මේ වසරේ ජූනි මස 21 වැනි දින වන විට පමණක් රෝගීන් 13,338 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ ආකාරයට රෝගීන් වාර්තා වීම දිගින් දිගටම ඉහළ ගියහොත්, රෝහල්වල පවතින පහසුකම් යටතේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ තත්ත්වය පාලනය කිරීම බරපතළ අභියෝගයක් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර ශීග්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනය සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී  පැවැත්විණ.

ඒ අනුව කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු  ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමටත්, ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී තීරණය කරන ලදී.

එසේම ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටද, මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති සහ මහජන ආරක්ෂක කමිටු මඟින් ඩෙංගු මර්දන කටයුතු තව දුරටත් ශක්තිමත් කිරීමටද මෙහිදී තීරණය විය.

මේ වන විට පාසල්, කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බැවින් එම ස්ථාන ආවරණය වන පරිදි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී. 

තවද වරින් වර ඇතිවන මෙවැනි ප්‍රවණතා මග හරවා ගැනීමට ගත යුතු දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. 

14 Comments

  1. සිරිල් ගාමිණීJune 23, 2026 at 1:58 AM

    ඩෙංගු වැඩිවෙලා මිනිස්සු එක පිට එකා මැරෙනකම් මේ දවස් වල බලාගෙන ඉන්නේ කවුද? රාජපක්ෂ ට කඩේ යන ගොන්නු ටික තමා ඉතින්.

    ReplyDelete
    Replies
    1. යකෝ හෝදන එක දැන්වත් නවත්වලා උඹලගේ මහ එවුන්ට කියපන් රාජපක්ෂලාගෙන් උපදෙස් ගන්න කියලා මේ තත්වය පාලනය කරන්න. නැත්නම් මේ වැඩ බැරි ආණ්ඩුව අපිව විතරක් නෙමේ උඹලවත් එලොව යවලා තමයි නවතින්නේ. අච්චර ලොකු කොරෝනා වසන්ගතයත් ගෝටා හොඳට පාලනය කළා උඹලගේ කකුලෙන් ඇදිලි තිබිය දීත්.

      Delete
  2. යකුනේ තේරුම් ගනිල්ලකෝ බං. අපිට පළපුරුද්දත් නෑ. කළපුරුද්දත් නෑ. වැඩ කරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩ කරනවා. පොඩ්ඩක් හිතන්න කොහොමද කරන්නේ කියලා. අපි ඩිංගිත්තක්වත් හිතුවද උඹලා අපිට රට කරන්න බලය දෙයි කියලා. මේ තත්ත්වය උඹට උඹලගේ තාත්තා අම්මට ආරෝපණය කරලා බලන්න. අපි වැඩ ඉගෙනගෙන ඊළඟ අවූරුදු 5දී වැඩ පෙන්නන්නම්

    ReplyDelete
  3. මුගේ මුනේ හැටි...මොක්කුද මේ අඩු කුලේ සක්කිලි බලයට පත් කෙරුවේ...මුන්ට චන්දෙ ගහපු එවුන් මිනිස්සු වෙන්න බැහැ

    ReplyDelete
    Replies
    1. මට තියන ප්‍රශ්නේ මාලිමාවේ පෙනුම තියන එකෙක්වත් නැත්තේ ඇය් කියල. අනුරගේ එඩිට් කරපු නැති photos සහ අනිත් අය දැක්කම මෙලෝ රහක් නෑ. සීයා හොඳය් ඊට වැඩිය.

      Delete
  4. Who the FCUK is this IDIOT?

    ReplyDelete
    Replies
    1. He is a Walking Encyclopedia. Here is his qualification listed in the Parliament

      අධ්‍යාපනික සුදුසුකම්: අ.පො.ස. (උ/පෙළ) දක්වා (8 = F's)
      වෘත්තීය සුදුසුකම්: ලබා දී නොමැත

      Delete
  5. ඊ-මේල් ලිපිනය: ruwans@parliament.lk
    ලිපිනය (රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී): 45/1,වීරකැටිය පාරරන්න

    ReplyDelete
  6. වැලි කොට්ට ගහලා රේල් පරවල් හදාපු බූරුවන් ඉන්න ආන්ඩුවක් කොහොමද බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් නිරාකරණය කරන්නේ ?

    ReplyDelete
  7. ලප ශාපය.

    ReplyDelete
  8. කොරෝනා කාලෙ මුන් හිටියනම් රටින් බාගයක් මැරෙනවා.මුන්ට මිනිස්ඩු මැරුනට ගානක් නෑ. බේරේ වැව ලගින් යන්න බෑ. රටේ පාරවල් වල කුනු පිරිලා. කෝච්චි හරිම අපිරිසිදුයි.

    ReplyDelete
  9. නිකමට හිතලා බලන්න, කොවිඩ් කාලේ ජනාධිපති පුටුවේ අනුර හිටියා නම් කොහොමට තියේවි ද කියලා.

    ReplyDelete
  10. කෝ අර බෙර ගහගෙන පටන්ගත්තු ක්ලීන් ශ්‍රී ලංකා? ඩෙංගු හැදෙන්නැතුව පිරිසිදු කරන්න බැරි අමනයො ටිකක්.

    ReplyDelete
    Replies
    1. බේරෙ වැව පිරිසිඳු කරගන්න බැරුව කොහොමද බන් මුන් ලංකාවම පිරිසිඳු කරන්නෙ. තම තමන් එකතුවෙලා අල්ලපු ගෙවලුත් එක්ක හොඳට පරික්ෂා කරලා ඩෙංගු අඩු කරගමු. ආණ්ඩුවක් දැන් නැති නිසා ජනතාවට තමයි නායකත්වය ගන්න වෙන්නෙ.

      Delete
Previous Post Next Post