තම රජය බලයට පත්වීමෙන් පසු ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කළ ද, මැදපෙරදිග ඇති වූ අනපේක්ෂිත යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල ගණන් තාවකාලිකව ඉහළ දැමීමට සිදු වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රජය බලයට පත් වූ විගසම ධීවර ප්‍රජාවට සහන සැලසීමටත්, ගෑස් සහ විදුලි බිල අඩු කිරීමටත් පියවර ගත් බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා සංචාරක හෝටල් වෙනුවෙන් විදුලි බිල සැලකිය යුතු මට්ටමකින් (13% ක් පමණ) අඩු කර එම සහනය පවත්වාගෙන ගිය බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ අනෙකුත් තෙල් මිල ගණන් අසීමිත ලෙස ඉහළ ගිය බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
"සාමාන්‍ය තත්ත්වයක් යටතේ තෙල් බැරලයක 'ප්‍රීමියම්' අගය ඩොලර් 3ක් පමණ වුවත්, යුද්ධයත් සමඟ එය ඩොලර් 52 දක්වා ඉහළ ගියා. මේ අභියෝගය නිසාම තෙල් මිලට සාපේක්ෂව විදුලි බිලත් ඉහළ දැමීමට අපට සිදු වුණා," යැයි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එසේම ඩොලරයේ අගය 354 දක්වා ඉහළ ගොස් පසුව නැවත 334 දක්වා අඩුවීම වැනි අනපේක්ෂිත ආර්ථික වෙනස්වීම් ද මෙම මිල සංශෝධන කෙරෙහි බලපෑ බව ඔහු සඳහන් කළේය.
පෙබරවාරි 28 දිනෙන් පසු ගත වූ කෙටි කාලය තුළ ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම නිසා මෙරට ආනයන වියදම ඉහළ ගිය ද, මේ වන විට මැදපෙරදිග කලාපයේ යම් සුබදායී තත්ත්වයක් මතු වෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.
යුදමය තත්ත්වය සමනය වීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවන බවත්, මුහුදු මාර්ග විවෘත වීම නිසා නැව් ගාස්තු සහ ගුවන් ගාස්තු පහත වැටෙනු ඇති බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහි වාසිය කිසිදු පැකිලීමකින් තොරව ජනතාවට ලබා දීමට රජය සූදානම් බවත්, ඉදිරියේදී ඉන්ධන සහ විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම නැවත අඩු කරන බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් සහතික විය

Thota pakayo mongle da
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
Deletepennadda kindi hinawa
Delete