තවත් මෙට්‍රො බස් තොගයක් ගෙනේ...


මෙට්‍රෝ බස් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත නව බස් රථ 104 මෙරටට එවීමට අදාළ සියලු කටයුතු චීනයේ ‘ෆෝටෝන් ඉන්ටර්නැෂනල් කෝපරේෂන්’ සමාගම විසින් මේ වන විට සූදානම් කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සහ අදාළ බස් රථ ශ්‍රී ලංකාවේ මාර්ග හා ප්‍රවාහන තත්ත්වයන්ට වඩාත් උචිත වන පරිදි සකස් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික කරුණු අධ්‍යයනය කිරීමේ විශේෂ සංචාරයක මෙට්‍රෝ ට්‍රාන්ස්සිට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලයක් නිරත විය.

චීනයේ පිහිටි ෆෝටෝන් ප්‍රධාන කර්මාන්ත ශාලාව වෙත ගිය එම දූත පිරිස, එම සමාගමේ නිෂ්පාදන ඉතිහාසය සහ ගුණාත්මකභාවය පිළිබඳව ද කරුණු සොයා බලා ඇත.

මෙම සංචාරය අතරතුර චීනය තුළ දැනට ක්‍රියාත්මක වන මෙට්‍රෝ බස් සේවාවේ මෙහෙයුම් කටයුතු මෙන්ම, එහි සමස්ත බස් සැකසුම් පද්ධතියේ (Metro Bus Management System) ක්‍රියාකාරීත්වය පිළිබඳව ද ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව හිමි විය.

විධිමත් ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කෙරෙන මෙම බස් රථ කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත අතර, දිවයිනට ළඟා වූ වහාම මගී ප්‍රවාහන සේවා සඳහා එක් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙට්‍රෝ බස් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

3 Comments

  1. අනුර රංග ශානි ජාතියේ පිනට පහළ වුණු මුර දේවතාවුන්

    ReplyDelete
  2. Indra Kumara Silva ගේ පවුලට දීපු තෑග්ගක්

    ReplyDelete
  3. බස් වලින් ගහපු ගැහිල්ල හොරකපුවා හොයන්න නඩු ලැහැස්ති කරනවා එලඟ ආණ්ඩුව ආපු ගමන් පච කොට ඇතුළු 159 බලු කුඩුවලට දක්කන්න.

    ReplyDelete
Previous Post Next Post