අනු‍ර අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට ‘රෝල්ස් රොයිස්’ පුදනවා..


 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි. බත්තලමුල්ල පක්ෂ කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වීමක නිරත වූ වීරවංශ මහතා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට පමණක් නොව තමන්ගේ පක්ෂයද අන්ත අමාරුවක දමා ඇති බවට චෝදනා නගමින් දැඩි දෝෂදර්ශනයක් එල්ල කළේය.

පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමූ බවත්, ඊලගට විදුලි බිල සහ ජල බිල නැවතත් අලුත් වටයකින් ඉහළ දැමීමට කුරුමානම් අල්ලමින් සිටින බවත්, ගජ මිතුරන් පිනවමින් රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමේ කුරිරු උත්සාහයක රජය නිරත වෙමින් සිටින බවත් පෙන්නා දෙමින්, ඒ දුෂ්ඨ ‍වෑයම පිටුපස ආණ්ඩුවේ නිරුවත හෙළි වෙමින් තිබෙන බවත් පෙන්වා දෙමින් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

“බලය ගන්න කලින් ඇහුවේ “ලෝක වෙළඳ පොළේ මිලට මේවා විකුණන්න ආණ්ඩුවක් ඕනද? පාලකයෙක් ඕනද?’ කියලා. දැන් ඒ සියලු පාලකයන්ගේ වාර්තා අභිභවා ඉතාම නරුම විදිහට මේ රටේ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය ගැන මෙලෝ සැලකිල්ලක්, තැකීමක් නැතුව, අර රජ මාලිගාවට වෙලා සැපෙන් ඉන්න ගමන් මූල්‍ය අරමුදලේ පදයට නටමින් බර පිට බර පටවමින් තිබෙනවා. දැනුත් කියනවා අපි තාම තෙල් දෙන්නේ පාඩුවක් තියාගෙන කියලා. ඒ කියන්නේ තව වටයකින් දෙකකින් ඉතා ඉහළ මිලකට ඩීසල් සහ පෙට්‍රල් ඇතුළු සියලු ඉන්ධන මිල ඉහළ දාන්න තමයි ඔය කුරුමානම් අල්ලන්නේ, නහයෙන් අඬාගෙන එන්නේ.”

ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 695 ගැන උදම් අනමින් ජනතාව මුළා කරන “මෝඩ චූන්” ප්‍රතිපත්තියක් ගෙන යන බවත්, මෙරටට ලැබී ඇත්තේ 5.3% ඉක්මවන අධික පොලී සහ දඬුවම් අධිභාර සහිත මාරක ණය උගුලක් බවත් වීරවංශ මහතා කරුණු සහිතව ඔප්පු කර සිටියේය:

“මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 695ක් ලැබුණා කියලා ‘චූන්’ වෙන මිනිස්සු ‘මෝඩ චූන්’ වලට අඳිනවා. බැලූ බැල්මට කියන්නේ සොච්චම් ගාණකට හම්බවෙන්නේ කියලා. නමුත් ඇතුළත සූක්ෂමව තියෙනවා හැංගිච්ච අගයන් ටිකක්. මූලික ණය පොලී අනුපාතය 2.73%කට, තව 2%ක ‘දඬුවම් අධිභාරයක්’ එකතු වෙනවා - ඒ 2%ක දඬුවම් අධිභාරය එන්නේ අපි ශ්‍රී ලංකාවට හිමි මූල්‍ය අරමුදලේ ණය කෝටාවෙන් 300%කට වඩා අරන් හින්දා. ඊළඟට සේවා ගාස්තුව ගන්නවා 0.5%ක්. මේවා ඔක්කොම එකතු කරාම 5.3%ට වැඩියි පොලී අනුපාතය. ඒ නිසා මේවා සහනදායී ණය නෙවෙයි. ඩොලර් මිලියන 695ක් කියන්නේ තෙල් නැව් තුනක් ගේන්න පුළුවන්. ඒ තෙල් නැව් තුනක් ගෙනාවට පස්සේ ඊට පස්සේ අපි මොකද කරන්නේ? විරවපට්ටන් ගහන් උඩ බලාගෙන ඉන්න ඕනද?”

රටේ නිෂ්පාදන ආර්ථිකය හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලීමට කිසිදු උපායමාර්ගික පියවරක් නොගන්නා වත්මන් පාලනය, රටේ ඉන්නා මහා පරිමාණ ධන කුවේරයන් සන්තර්පණය කිරීම සඳහා අහිංසක විදේශ ශ්‍රමිකයන්ගේ ලේ, කඳුළු විකුණමින් සිටින බව කියමින් වීරවංශ මහතා බරපතළම විවේචනයක් එල්ල කළේය.

“බොහෝම අමාරුවෙන්, ‘අත් රෝස පාට වෙනකන්’ පිඟන් හෝදලා, නොවිඳිනා දුක් විඳලා මැදපෙරදිග සේවය කරන අපේ අම්මලා, තරුණ දරුවන් එවන ඩොලර් සොච්චම ඩඩ්ලි සිරිසේනලාට ‘රෝල්ස් රොයිස්’ ගේන්න, තව අනිත් හාල් මුදලාලිට ‘චොපර්’ (හෙලිකොප්ටර්) ගේන්න පුච්චන්න ඉඩහදලා දුන්නා. මේ තියෙන ඩොලර් ටිකවත් අත්‍යාවශ්‍ය උවමනාවන් වෙනුවෙන් පරිස්සමෙන් පාවිච්චි කරනවා වෙනුවට මේ රටේ ඉන්න ප්‍රකෝටිපතියන්ට ඕන විදියට ඒ ඩොලර් ටික මිලියන ගණනින් බිලියන ගණනින් පුච්චන්න ඉඩකඩ හදලා දුන්නා. මේක පාපයක්! 

මේකද ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දරන පාලනයකින් මේ රටේ පොදු ජනතාව බලාපොරොත්තු වුණේ? ඉහළ පැළැන්තියට උපරිම සතුට දනවන්නයි, තියෙන ඩොලර් ටික පුච්චලා පහළ මිනිහගේ ලේ උරා බොන්නයි, ඒ මිනිහා මත බර පිට බර පටවන්නයි - ඒකද බලාපොරොත්තු වෙච්ච ගමන?”

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සහ ආණ්ඩුවේ වංචා සහගත ගනුදෙනු නිසා පිරිවැය ඉහළ යන බවත්, එහි බර ජනතාව මත පැටවීම සාධාරණ නොවන බවත් හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එහිදී වත්මන් ජනාධිපතිවරයාගේ පැරණි ප්‍රකාශ පවා ඔහුට එරෙහිව අවියක් කර ගැනීමට වීරවංශ මහතා කටයුතු කළේය:

“තෙල් ගේන්නේ ඩොලර් වලින්. ලෝකේ වැඩිම මිලට තෙල් ගේන්නේ ලංකාව. ප්‍රීමියම් එකට ගෙවනවා ඩොලර් 40ක් 50ක්. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක - දැන් එතුමා ජීවතුන් අතර නැහැ - එතුමා තමයි ඒ කාලේ කිව්වේ ‘ප්‍රීමියම් එකෙන් තමයි හොරා ගන්නේ’ කියලා. එතකොට අද ඩොලර් 40යි 50යි ප්‍රමියම් එක. ලෝකේ වැඩිම මිලට ඩීසල් පෙට්‍රල් ගන්නේ ලංකාව. එහෙම හොරා කන ගමන් ගේන්න මේ ඉන්ධන වලට වැය වෙන්නේ ඩොලර්. රෝල්ස් රොයිස් ගේන්න, හෙලිකොප්ටර් ගේන්න ඉඩ දුන්නු හින්දා පසුගිය මාස හතරට 5.3%කින් රුපියල වැටෙනවා. වැටෙන රුපියලක් ගානේම බර පැටවෙන්නේ මහජනයාගේ කරට. මිනිස්සු උදේ, දවල්, රෑ තෙල් බොන්නේ නැහැ. ආණ්ඩුවේ අමනකම්, හොරකම්, ගොංකම් නිසා සිද්ධ වෙන පිරිවැය බර මහජනයා පිට පටවන්න එපා!"

විදුලි බල අර්බුදය සහ අධිවේගී මාර්ග ව්‍යාපෘති හරහා රටේ මුදල් විනාශ කරන ආකාරය තවදුරටත් පැහැදිලි කළ ඒ මහතා:

"අඩුම විදුලි ප්‍රමාණයක් ජනනය කරන්න පුළුවන් විදියේ බාල ගල්අඟුරු ගේනවා. ඒ ඉතුරු ටික නිෂ්පාදනය කරන්න ඩීසල් බලාගාර වලට එක යුනිට් එකකට රුපියල් 100කට වඩා වැඩි අගයක් ගෙවලා ගන්නවා. අන්න පිරිවැය වැඩි වෙනවා. බාල ගල්අඟුරු ගේන්න කිව්වේ මහජනයද? අනෙක් පැත්තෙන් “පඬු කරඳ ගහ” හින්දා පටන් ගන්න බැරි වෙච්ච අධිවේගී මාර්ගය පටන් අරන් ‘දේශීය මුදල් වලින් කරන්නේ’ කියලා පාරම්බානවා. 

දේශීය මූල්‍ය වෙළඳපොළෙන් 10%, 13% වැනි ඉහළ පොලියට බැඳුම්කර වලින් ගත්තු සල්ලි තමයි ඔය පාර හදන්න ගන්නේ. ඕකට තාර ගේන්න, යන්ත්‍ර සූත්‍ර ගේන්න, සිමෙන්ති ගේන්න විදේශ විනිමය වැය වෙන්නේ නැද්ද? මේක ‘මළගෙයක් අස්සේ මගුල් ගෙයක් කනවා’ වගේ වැඩක්. තියෙන ඩොලර් ටික පුච්චලා, රුපියල වැටුණම ‘කරන්න දෙයක් නැහැ’ කියලා පිරිවැය මහජනයාගේ කර පිට පටවලා අත හෝදගන්න ඉන්නවා."

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂයේ සාමාජිකයන් පාවා දෙමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අතකොළුවක් වී ඇති බවට චෝදනා කරමින් විමල් වීරවංශ මෙසේ බරපතළ දේශපාලන විවේචනයක් එල්ල කළේය.

“අනුර කුමාර ජනාධිපතිතුමා දුවන්නේ ධම්මික පෙරේරාට, මලික් සමරවික්‍රමට, ක්‍රිෂාන්ත කුරේලාට, හනීෆ්ලාට - ඒ ගජමිතුරු වළල්ලට ඕන විදිහටයි තීරණ ගන්නේ. ඒ නිසා තමයි රෝල්ස් රොයිස් ගේන්න, චොපර් ගේන්න පාර පාදලා දෙන විදිහට ප්‍රතිපත්තිය තීරණය කරන්නේ. ඔහු අද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියට ක්‍රියාත්මක නැහැ. සපුරා පටහැනි ගමනකයි යන්නේ. අන්තිමට ඒ ගජමිතුරු වළල්ල සන්තර්පණය කරන ගමනේ බර තමයි පිරිවැය හැටියට රටේ පොදු ජනතාවට පටවන්න ඉන්නේ. මේ පාපයට අනුර කුමාර ජනාධිපති වග කියන්න ඕනේ!”

අවසාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාන්‍ය සාමාජික බලකායට සෘජු අභියෝගයක් එල්ල කළ විමල් වීරවංශ මහතා, "ඕගොල්ලන්ගේ පංචේන්ද්‍රයන් වැඩ කරන්නේ නැද්ද? මේවා තේරෙන්නේ නැද්ද? දන්නේ නැද්ද? තේරෙනවා නම් දන්නවා නම් තමුන්ගේ නායකයාට මේක කියලා දෙන්න උත්සාහ කරන්නේ නැත්තේ මන්ද?" යනුවෙන් ප්‍රශ්න කළේය.

14 Comments

  1. අවධාන ගණිකාව

    ReplyDelete
    Replies
    1. වීරවංස ගොන් පකයගෙ ආණ්ඩුවත් ධම්මික පෙරේරා කියන හුත්තිගෙ පුතාට ටයිල් විකුණල පෝසත් වෙන්න සැට් කලා වගේ ජෙප්පොත් කොරනවා

      Delete
    2. රෝල්ස් රොයිස් ගත්ත නිසා ඩඩ්ලිට බදු ගෙවන්න උනා ඒ බද්ද රජයට හම්බුනා..

      විමල්ට දැන් u_රන්න රෝල්ස් නෑ ඒකයි මේ කුනු කුනු ගාන්නේ

      Delete
    3. ඩඩ්ලි did not earn single $

      Delete
    4. ගමේ බෝක්කු උඩ බීඩි කොට උරඋර හිටපු ජෙප්පන්ට විමල් කියන දේවල් තේරුම් ගන්ඩ තරම් බුද්ධියක් නෑ, උන් දන්නෙ මහඑකාල කියන කියන හතරවරම් බොරු ඔක්කොම ඇත්ත කියල පිලිගන්ඩයි, මහඑකාලගෙ වැරදි පෙන්නල දෙන අයට කුණුහරුපෙන් බනින්ඩයි විතරයි,

      Delete
  2. මුන්ට මේවා තේරෙනවා වීරවංස මතිතුමම්නි එත් මුන්ට දැන් කරකියාගන්න දෙයක් නැතුව ඉන්නේ

    ReplyDelete
  3. ඒකම තමයි යකෝ තොගේ රාජෆක්සයා කළෙත්.

    ReplyDelete
    Replies
    1. රාජෆක්ස කළ දේම කරන්න අංර රාජෆක්සගේ පුතාද

      Delete
    2. අනුරයා රාජපක්ෂලගෙ පෙලැන්තියේ එකෙක් නෙමේ, ඌ එළාරගෙන් පැවතෙන එකෙක්.

      Delete
    3. ඇත්තම තමයි! ඒක තමයි සිංහල බෞද්ධයන්ට ඌ ඔයතරම් වෛරකරන්නෙ.

      Delete
  4. කොමිනිස්ට් හීනයේ ඉන්න නූගත් වහල් ජෙප්පෝ මේවා අහලා වෙනස් වෙන්නේ නෑ...ජෙප්පෝ කියන්නේ වහල් ජාතියක් ....නූගත් හරක් ....ලපයා දන්නවා බෞද්ද උන්ව නිරාගමික පචයට හරි බෝන් අගේන් පචයට හරි හර්වන්න පුලුවන් කියලා ...ජෙප්පෝ දුක් විදින්නේ ලපයාගේ පච නිසා....

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 3, 2026 at 7:54 PM

      නෑ එහෙම නෑ. ඇරත් මහින්දගෙ වහල්ලු පුණරුත්ථාපනය කරන්ඩ තමයි අමාරු, තෝව අරන් යන්ඩ ඕන පුණරුත්ථාපන කඳවුරකට, මොනව හරි වේවැල් වියන්ඩ, වයරිං කරන්ඩ, මේසන් වැඩ, වඩු වැඩ වගේ දේවල් වත් ටිකක් උගන්නල ගත්ත නම් මොළේ පොඩ්ඩක් පෑදෙයි. තොගෙ ගොං මොළේ මදිටිය ඇටේකටත් වඩා පොඩියි.

      Delete
    2. ජෙප්පො විතරක් නෙමේ මහත්තයෝ, මුලු රටම විඳවන්නෙ ලපයගෙ පච විස්වාශ කරපු නිසා.

      Delete
  5. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු.

    ReplyDelete
Previous Post Next Post