ඉරාන මිසයිල ප‍්‍රහාර වීඩියෝ කල ලාංකියන් පිරිසක් ඩුබායි පොලිස් අත්අඩංගුවට..


 ඉරානයෙන් ඩුබායි රාජ්‍යය ඉලක්ක කර ගනිමින් වරින් වර දියත් කෙරෙන මිසයිල ප්‍රහාර හේතුවෙන් සිදුවන දේපළ හානි දර්ශන වීඩියෝ ගත කොට, ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සහ අනෙකුත් පාර්ශවයන් වෙත හුවමාරු කිරීමේ චෝදනා මත ඩුබායි ආරක්ෂක අංශ භාරයට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් නව දෙනෙකු (09) ඉදිරි දිනවලදී මෙරටට පිටුවහල් කිරීමට නියමිත බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරංචි මාර්ග හෙළි කරයි. 

මෙලෙස නීතිමය පියවරයන්ට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස රැකියා සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රමිකයන් බව වාර්තා වේ. 

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් දර්ශන පටිගත කර ප්‍රසිද්ධ කිරීමේ මෙම වරදටම හසුවී මීට ඉහතදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් ශ්‍රී ලාංකිකයන් විසිහය දෙනෙකු (26) අවස්ථා දෙකකදී මෙරටට හරවා එවා තිබුණි

3 Comments

  1. දැක්කනේ ගෝටබය❤මැතිතුමා පන්නන්න ඔය රට රටවල් වල හිටපු උන් කරපු දේවල් උන්ට පටිසන් දෙන හැටි. යුරෝපෙන් ඔට්‍රේලියාවෙනුත් පන්නනවා හෙට අනිද්දා. දිට්ට දම්ම වේදනීය කර්ම මේවා

    ReplyDelete
  2. ගියානම් ගිය වැඩේ කර ගනිල්ලා.

    ReplyDelete
  3. ලංකාවේ ජනාධිපති මන්දිරේ වටකලත් ගෝටා මුකුත් කලේ නැහැ. ඔය රටවල මිසයිල ෆොටෝ ගත්තත් අත් අඩංගුවට. ලංකාවේ නිදහස වැඩියි. එකනේ බොරු කියලා චරිත ඝාතනය කරලා මෝඩයෝ රවටන්න පුළුවන් වෙන්නෙ.

    ReplyDelete
Previous Post Next Post