සෑම ඩෙංගු රෝගියෙක්ම රෝහල්ගත කරන්න අවශ්‍ය නැතැයි වෛද්‍යවරුන්ට දැනුම් දුන්නා..- සෞඛ්‍ය නි. ඇමති


රට තුළ වර්තමානයේ පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ, හඳුනාගන්නා සෑම ඩෙංගු රෝගියෙකුම රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව වෛද්‍යවරුන් වෙත අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පවතින ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තත්ත්වය තවත් මාසයක පමණ කාලයක් පවතිනු ඇති බවත් ඉන් අනතුරුව රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන අමාත්‍යවරයා, රෝගය වැළැක්වීම ප්‍රධානතම ක්‍රමවේදයක් බව ද අවධාරණය කළේය.

රෝගීන් කළමනාකරණය කිරීමේදී, රෝහල් තුළ ඇති විය හැකි තදබදය අවම කිරීම සඳහා සෑම රෝගියෙකුම රෝහල් ගත නොකර, රෝගී තත්ත්වයේ බරපතලකම අනුව කටයුතු කිරීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය මග පෙන්වීම් ලබා දී ඇත.

කෙසේ වෙතත්, යම් අයෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැක කරන්නේ නම්, ඔවුන් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ, බොහෝ රෝගීන් රෝහල් ගත කර ඇත්තේ රෝගයේ අවසන් අදියරේදී බවයි.

එබැවින්, රෝගය උත්සන්න වන තෙක් නොසිට කල්තියා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් මරණ වළක්වා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

7 Comments

  1. වෛද්‍යවරුන්ට දැනුම් දුන්නා..- සෞඛ්‍ය නි. ඇමති (MBXX)

    Now Drs can follow these instructions

    ReplyDelete
  2. Who is this IDIOT?

    ReplyDelete
  3. ROHALGAHA WENNATH EPA! GEDAR INNTH EPA! MRGOPADESHA PILIPADINNA1

    ReplyDelete
  4. පතිරණ ගලප්පත්තිJune 15, 2026 at 11:48 PM

    අවුරුදු 76ක් පාලනය කරපු එවුන්ට අඩු ගානේ ඩෙංගු වසංගතේ කන්ට්‍රෝල් කර ගන්ඩ ක්‍රමවේදයක් හදන්ඩ බැරි වුණා. මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා සේරටම පිළිතුරු හොයන්ඩ. කරන්ඩ දෙයක් නෑ, හැමදේටම නිවැරදිම, කාර්යක්ෂමම, පිළිතුරු ලබා දෙනවා. ඉවසීමෙන් ඉන්ඩ.

    ReplyDelete
  5. 76 auruddak ekekvath punchammata kalada man ahanne

    ReplyDelete
  6. මුන්ට මිනිස්සු මැරුනට ගානක් නෑ. මිනීමරුවොනෙ

    ReplyDelete
  7. රට තුළ වර්තමානයේ පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ, හඳුනාගන්නා සෑම ඩෙංගු රෝගියෙකුම රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති

    රෝගීන් කළමනාකරණය කිරීමේදී, රෝහල් තුළ ඇති විය හැකි තදබදය අවම කිරීම සඳහා සෑම රෝගියෙකුම රෝහල් ගත නොකර,

    පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ, බොහෝ රෝගීන් රෝහල් ගත කර ඇත්තේ රෝගයේ අවසන් අදියරේදී බවයි

    රෝගය උත්සන්න වන තෙක් නොසිට කල්තියා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් මරණ වළක්වා ගත හැකි බව

    ReplyDelete
Previous Post Next Post