ඩෙංගු රෝග ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කිරීම සඳහා යොදාගන්නා වොල්බැකියා බැක්ටීරියාව (Wolbachia), මෙරට ඩෙංගු මර්දනය සඳහා යොදාගැනීමට රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් නියමු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ ද, විවිධ හේතූන් මත ඒවා අතරමග නතර කර දැමීම කණගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
පරිසරයට හානිදායක නොවන අන්දමට, ස්වාභාවික ලෙස ඩෙංගු වෛරස ව්‍යාප්තිය පාලනය කරමින්, රෝගය බෝ කරන Aedes aegypti මදුරු ගහනය මර්දනය කිරීමට මෙන්ම මදුරුවා තුළ වෛරසය වර්ධනය වීම සීමා කිරීමට මෙම බැක්ටීරියාව උපකාරී වේ.
දැනට සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, කොලොම්බියාව, වියට්නාමය, මැලේසියාව, මෙක්සිකෝව සහ ඉන්දියාව වැනි රටවල් රැසක මෙය සාර්ථක ලෙස භාවිත කරන බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
අවස්ථා ගණනාවකදීම මෙම බැක්ටීරියාව ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීම සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක වුව ද, විවිධ බලපෑම් හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නතර කෙරුණු බව ඔහු පවසයි.
මෙම බැක්ටීරියාව භාවිත කළ බොහෝ රටවල මදුරු ගහනය සියයට හැත්තෑවකට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩු කරගැනීමට හැකි වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු වසංගත තත්ත්වයන් පාලනය කරගැනීමට එම රටවලට හැකියාව ලැබී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
"අදාළ මදුරුවා තුළ පමණක් මෙම බැක්ටීරියාව ජීවත් වනවා. පරිසරයට හානිදායක නොවන මෙම බැක්ටීරියාව, මදුරුවාගේ ශරීරය තුළ ගුණනය වෙමින් සෛලවල ජාන පදනම වෙනස් කිරීම හරහා මදුරු ගහනය පාලනයටත්, ඩෙංගු වෛරසය මදුරුවාගේ සෛල තුළ වර්ධනය වීම වැළැක්වීමටත් කටයුතු කරනවා" යැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මීට අමතරව, ඩෙංගු රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට ලොව රටවල් රැසක් නව තාක්ෂණය මුසු වූ ක්‍රමවේද භාවිත කරන බවත්, ඇතැම් රටවල් කුඩා දරුවන් සඳහා එන්නත් ලබාදීම පවා සිදුකරන බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම, කියුබාව වැනි රටවල් රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා අඛණ්ඩවම ප්‍රජා සහභාගිත්වයෙන් "කැම්පෙන්ස්තා" හෙවත් නිවසෙන් නිවසට ගොස් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන් සහ ජනතාවගේ ක්‍රියාකාරී දායකත්වය මත පදනම් වූ ස්වාභාවික ආකෘති නිර්මාණය කර ඇති බව ද වෛද්‍යවරයා පවසයි.
මෙවැනි නව ක්‍රමවේද මෙරටට හඳුන්වා දීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී සාකච්ඡාවට භාජනය වුව ද, ඒ කිසිවක් සාකච්ඡා මට්ටමෙන් ඔබ්බට ගමන් නොකළ බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

දුර දැකපු අපෙ ජනපති ,,,- පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස අද සෞඛ්‍ය ඇමති පිළිබදව 2017 මෙලෙස පවසන ලදි "65 000 ඩෙංගු හැදිලා, තමුන්නාන්සෙලා බුදියන් හිටියාද, දැන් රැස්වීම් කැදවලා වැඩක් තියෙනවද? සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවෙ වචනයක් කියන්නෙ නැහැ. ඇමති මාධ්‍යය සාකච්ඡා තිය තිය දගළ දගළ ඉන්නවා. ,! මීට වඩා දුර දැකපු ජනාධිපති කෙනෙක් හිටියනං අටපට්ටමට කියන්න හොඳේ.
ReplyDelete2019 ඉදන් ඔය බිල් ගේට්ස් කියන මිනීමරුවා ඔය මදුරුවො බෝ කොරනව. බොරලැස්ගමුව කේන්ද්‍ර කරගෙන ඕකුන් මදුරුවන් මුදා හැරියෙ. ඒ මදුරු ප්‍රභේදයට ගොදුරු වුනොත් ඩෙංගුවල මාරාන්තික බව වැඩි වෙනවා. මේ පාර වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නෙ දැන් ඉන්න ප්‍රභේදය බිල් ගේට්ස්ගෙ ප්‍රභේදය නිසා.
DeleteMunta rilavekvath maranna baruva inna ekey maduruvo maraida bn.
ReplyDeleteඅසමත් බවෙ සංකේතය npp.
ReplyDeleteඒකට ගෝඨා. සංඛේතෙත් ෆේල්. 2%ට බැස්සා.
Deleteගලප්පත්තියො. මුං අසමත් ද නැද්ද කියල දැනගන්න චන්දයක් තියන්න කියපංකො.
DeleteSukkya amathiyawa podu deepola panatha yatathe athadanguwata aragena 4x4 pollak puke arrinna
ReplyDeleteEthakota eyaage polla arina Kalutara mantri nonala paw neda?
DeleteApi ave horu allanda pamani. Maduruwo maranda nwmei.Yahapalane 2.
ReplyDeleteරට නියමෙට ඉදිරියට යනවා කියපු එකෙක් හිටියා අපේ ගෙවල් ළඟ. හැබැයි දැන් ඌ ගෙදරින් එලියට බහින්නේ මහ රෑ හැමෝම නිදාගත්තට පස්සෙ. ඇයි දන්නෙ නැහැ නේ?
ReplyDelete