හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි ඉරාන හමුදා ඉලක්ක කිහිපයකට ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා මගින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය නිවේදනය කරයි.
සිරීක් සහ කෙෂ්ම් දූපත්වල පිහිටි ඉරාන ඩ්‍රෝන යානා ගබඩා, මිසයිල ඩිපෝ සහ වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව දියත් කර තිබේ.
ඇමෙරිකානු බලධාරීන්ට අනුව, මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ ඊට පෙර දින ඕමාන් මුහුදු තීරය හරහා ගමන් කරමින් තිබූ සිංගප්පූරු ධජය සහිත 'M/V Ever Lovely' නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඉරානය විසින් එල්ල කරන ලදැයි කියන ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.
මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දුටු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙය දෙපාර්ශවය අතර පැවති සෙබළ විරාම ගිවිසුම "මෝඩ ලෙස උල්ලංඝනය කිරීමක්" ලෙස හැඳින්වීය.
ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාව සාර්ථකව මැඩපැවැත්වීමට සහ ඉන් කොටසක් ගගනගතදීම විනාශ කිරීමට තම ගුවන් ආරක්ෂක පද්ධති සමත් වූ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කරයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තම හමුදා ශක්තිමත් ලෙස එම ප්රහාරයන්ට මුහුණ දුන් බවයි. එමෙන්ම, ඇමෙරිකාවේ මෙම ක්‍රියාවට එරෙහිව ටෙහෙරාන් පාලනය "ඉතා කඩිනම් සහ තීරණාත්මක" ප්‍රතිචාරයක් දක්වන බවටද විප්ලවීය ආරක්ෂක බළකාය අනතුරු අඟවා තිබේ.
මේ වන විටත් ඉරානය විසින් ප්‍රතිප්‍රහාර දියත් කිරීම ආරම්භ කර ඇති බව ඉරාන බලධාරීන් ඉඟි කර ඇති අතර, මැදපෙරදිග කලාපය පුරා විසිරී ඇති ඇතැම් ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ඉරාන බලකායන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බවට වාර්තා පළ වේ.
කෙසේ වුවද, එම ප්‍රහාරවලින් සිදු වූ හානිය හෝ ප්‍රහාරයට ලක්වූ නිවැරදි ස්ථාන මොනවාද යන්න මෙතෙක් තහවුරු කර නොමැත.

කෝ මේ කාදිනල් තුමා ? පාස්කුව ගහන එකාට වඩා බරපතළ වරද කොට ඇඇත්තේ එය වලකවා නොගත් කාදිනල් තුමාය.
ReplyDeleteමැදපෙරදිග සම්පූර්ණ ලෙසට ගිනිගැනීමට සලස්වා බටහිර වහලු් ලෙසට මිලයට ගනු ලබනා බොරතෙල් ගෑස් සම්පූර්ණ ලෙස වලක්වා, සියලු බෙලෙහීන, බටහිරට වලංහෝදන හිඟන මුග්ධ වසල වහල් පාලක වනචරයන් පාලනය කරනා බටහිර යටත්විජිත බටහිර දඩබිම් සඳහා කුළී වහල්හමුදාවන් ලෙසට මිනිස්ජාවාරම් සිදුකරමින්, රටවල් කෝලාකෑමට බටහිරට සහයෝගය සපයන , සියළු රාජ්‍යයන් ගල් යුගයට යන ලෙසට නූගත් කල්ලතෝනි කළු සුද්දන්, වහළුන්ද සමඟින්ම විණාශවී ආදිවාසී මුල්ජනයාට නැවතත් භූමිය අත්පත්වන තුරැම හතරවටින් යුධගිනි බුරබරා පැතිරේවා. කළුසුද්දන් දඩබල්ලන් සමගම වඳවීගොස් ආදිවාසීන්ට නිදහසත් ,සාමයත් සතා සිව්පාවුන්ට ගහකොලට වනයට යහපතක් සාන්තියක්ම වේවා,.!
ReplyDelete