ලෙබනනය තුළ නොසන්සුන්කාරී තත්ත්වයන් නිර්මාණය කරන තම මිත්‍ර පාර්ශවයන්ගේ සහ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වහාම නතර කිරීමට ටෙහෙරානය පියවර ගත යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
තම ‘ටෘත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම ඉරාන හිතවාදී බලවේගයන්ගේ හැසිරීම මත රඳා පවතින බවයි.
ඒ අනුව, ඉරානය විසින් විශාල වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලබන මෙම ‘ප්‍රොක්සි’ හෙවත් අතරමැදි සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකලාපයන්ට ඉරානය වහාම තිත තැබිය යුතු බව ඔහු අවධාරණය කරයි.
"ලෙබනනය තුළ ප්‍රශ්න ඇති කරන, තමන්ගෙන් ඉහළ වැටුප් ලබන අතරමැදි කණ්ඩායම්වල ක්‍රියාකාරකම් නතර කිරීමට ටෙහෙරානය වහාම පියවර ගත යුතුයි," යනුවෙන් ට්‍රම්ප් සඳහන් කර ඇත.
මෙම ප්‍රකාශය වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාව තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා, ලෙබනනයේ ක්‍රියාත්මක හෙස්බුල්ලා සංවිධානයේ හැසිරීම් රටාවේ කඩිනම් වෙනසක් සිදු නොවන්නේ නම්, අතීතයට වඩා ප්‍රබල හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අමෙරිකාව සූදානම් බවට ද අනතුරු ඇඟවීය.
"ඔවුන් එය නොකරන්නේ නම්, අප පසුගිය සතියේ එල්ල කළ ප්‍රහාරයට වඩා බෙහෙවින් ප්‍රබල ප්‍රහාරයක් ඉරානය වෙත නැවතත් එල්ල කරනවා," යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය සටහන මඟින් අවධාරණය කර ඇත.

නෑ, එහෙම කිව්වෙ නෑ, ට්‍රම්ප් කිව්වේ යලි ප්‍රහාර එල්ල කරන්ඩ අවශ්‍ය වුනොත් එල්ල කරණවා, එහෙත් පැහැදිලිව පෙනෙන ලෙසට කිසි සේත් එසේ යලි ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවයක් නෑ කියලා. මේ සී නිව්ස් කියවන රිලව් ෆෝම් කරන්ඩ නිවුස් දානවා.
ReplyDeletetrumpachchi call cala da
DeleteKahinnathuwa budiyaganin ,pathrena international dobiyek ne