රට පුරා ග‍්‍රාම නිලධාරින් වර්ජනයක...


ගැටලු කිහිපයකට වගකිවයුත්තන් නිසි ප්‍රතිචාර නොදැක්වීමට එරෙහිව ඊයේ (24 දා) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බාහිර රාජකාරිවලින් ඉවත් වීමට පියවර ගත් බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ මෙම විරෝධතා වෘත්තීය ක්‍රියාමාර්ගය දැනටමත් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම, ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් මුණිවත රකින්නේ නම්, එළඹෙන 30 වැනිදා සේවයට වාර්තා නොකර "අසනීප නිවාඩු" දැමීමේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද සභාපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.

දීර්ඝ කාලයක සිට තමන් ඉල්ලා සිටින ප්‍රවාහන කටයුතු සඳහා වන ඉන්ධන දීමනාව සාධාරණ ලෙස ඉහළ නොදැමීම සහ ග්‍රාම නිලධාරී සේවයට අදාළ මූලික පහසුකම් මෙන්ම අනෙකුත් දීමනා නිසි පරිදි ලබා නොදීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කර ඇති බව එම සන්ධානය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

7 Comments

  1. පතිරණ ගලප්පත්තිJune 25, 2026 at 7:23 PM

    ඒකියන්නේ සියලු පගා ගැනීම් වලින් ඉවත් වෙලා ලු ද? ග්‍රාම නිලධාරීන් පගා ගන්නවා ඇර වෙන වැඩක් කරන් නෑ නේද? ළමයෙක්ව ඉස්කෝලෙට දාගන්ඩ ඇඩ්‍රස් පොතට නම ඇතුලු කර ගන්ඩ, ගහක් කපන්ඩ, ඩෙංගු හැදෙන් නෑ කියන්ඩ, මෙකී නොකී ඕනෑම දේකට රුපියල් 25000 සිට ඉහලට පහසු ගෙවීමේ ක්‍රමයට ඔබටත් පගා ගෙවිය හැකියි. සම්පූර්ණ පගා මුදල එක වර හෝ කොටස් වශයෙන් ගෙවා අවසන් වූ පසු ඔබගේ සේවය සියලු වගකීම් සහිතව ඉටු කර දෙනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. Hora hithanne anikath HORA kiyala thamay

      Delete
  2. ජේවීපී එකත් එක්ක සෙල්ලම් කොරන්න යන්න එපා ග්‍රාමයො සැට් එක.

    ReplyDelete
    Replies
    1. ජෙප්පද්දොනම් ඉතිං ග්‍රාමයොම තමයි.

      Delete
  3. කට්ටිය පහුගිය කාලේ සෑහෙන්න කඩේ ගියා නේද හුණ්ඩු පාන්ඩු පුකරුදාව ගේන්න.

    ReplyDelete
    Replies
    1. ඕකුන් පුකේ ඇරගන්නයි යන්නෙ

      Delete
    2. හුණ්ඩු පාන්ඩු පුකරුදාව

      Delete
Previous Post Next Post