පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
2026 ජූනි මාසේ 6 වෙනිදා අපි මාධ්‍ය හමුවක් පවත්වමින් සුරේෂ් සලේ මැතිතුමාට පොලීසිය විසින් කරනු ලබන වදහිංසා පිළිබඳ රටට හෙළිදරව්වක් කළා. අපි මාධ්‍ය හමුව පවත්වලා පැය කීපයක් ඇතුළත පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මම කියන්නේ බොරුයි කියලා රටට කිව්වා.හැබැයි, මේ වන විට අපි කිව්වේ ඇත්තයි, පොලීසිය කියන්නේ බොරුයි කියන එක හෙළිදරව් වෙලා හමාරයි.
ජූනි 6 වෙනිදා මාධ්‍ය හමුවේදී අපි නිශ්චිත කාරණා හතරක් මතු කරා. පළවෙනි කාරණය තමයි, 13 දෙනෙක් ඉදිරියේ සලේ මැතිතුමාව නිරුවත් කර ගුද මාර්ගය පරීක්ෂා කළා කියන එක. දෙවැනි කාරණය, ඔහුව වාතාශ්‍රය නොමැති අඳුරු කුඩා කාමරයක, අඩි 6x4 කුඩා කාමරයක සිරගත කර ඉන්න බව. තුන්වෙනි කාරණය, ඔහුට නිසි ආහාර ලබා නොදෙන බව. හතරවන කාරණය, ඔහුව නිරුවත් කර පහර දුන් බව.
දැන් මේ කාරණාවලින්,පළවෙනි කාරණය වුණු 13 දෙනෙක් ඉදිරියේ නිරුවත් කර පරීක්ෂා කළා කියන කාරණය තමන් විසින් සිදු කළ බව පොලීසිය විසින් මානව හිමිකම් කොමිසම ඉදිරියේ පිළිගැනීමක් සිදු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒක සිදුකළ දිනය මාර්තු මාසේ 8 වෙනිදා කියලත් ඒ අය සඳහන් කරලා තියෙනවා.
ඒ වගේම අපි දෙවැනියට සඳහන් කළ වාතාශ්‍රය නොමැති කුඩා කාමරයක, අඳුරු කාමරයක සිරකර සිටියා කියන කාරණය මානව හිමිකම් කොමිසම විසින් කරනු ලැබූ නිරීක්ෂණ චාරිකාවේදී තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම වෛද්‍ය වාර්තාවේ, ඔහු අඳුරු කාමරයක දිගින් දිගටම සිටිය නිසා සිටීමේ ප්‍රතිඵලයක් වන, හිරු එළියට නිරාවරණය නොවීමේ ප්‍රතිඵලයක් වන විටමින් D ඌනතාවයට මුහුණ දී තිබෙනවාය කියන කාරණය වෛද්‍ය වාර්තාවෙනුත් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම, උසින් වැඩි සුරේෂ් සලේ මැතිතුමාව අඩි 6x4 කාමරයක සිර කර සිටි බවත් මානව හිමිකම් කොමිසම තමන්ගේ නිරීක්ෂණ චාරිකාවේදී තහවුරු කරගෙන තිබෙනවා.
එහෙම බැලුවම, අපි සඳහන් කළ තුන්වෙනි කාරණය වන නිසි ආහාර ලබා නොදෙන බවට කළ චෝදනාව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වෙලා තිබෙනවා. මොකද ඒ අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙනවා සුරේෂ් සලේට ප්‍රමාණවත් ප්‍රෝටීන් ලැබිලා නැහැ, එළවළු ලැබිලා නැහැ, පළතුරු ලැබිලා නැහැ කියන කාරණය.
එතකොට තවම සනාථ නොවුණේ, නිරුවත් කර පහර දුන්නා කියන කාරණය පමණයි. හැබැයි, මේ නිරුවත් කරලා පහර දුන්නා කියන කාරණය පිළිබඳ මතු කළ අවස්ථාවේදීම ඔහුගේ ශරීරය පරීක්ෂා කළා නම් සමහරවිට මේ කාරණය හෙළිදරව් වෙන්න තිබුණා. එහෙමත් නැතිනම් සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කළා නම් හෙළිදරව් වෙන්න තිබුණා.
මම කියන්නේ බොරුයි කියලා පොලීසිය කිව්වම මම පොලීසියට අභියෝග කළා, සුරේෂ් සලේ මැතිතුමා කියනවා තමන්ට හිරිහැර වදහිංසා කළේ සීසීටීවී කැමරා අටක් තියෙන ස්ථානයක කියලා. මේ කියන්නේ බොරු නම්, ඒ කැමරාවල දර්ශන ප්‍රසිද්ධ කරන්නයි කියලා අපි පොලීසියට අභියෝග කළා. හැබැයි මේ වන තෙක් ඒ අභියෝගය භාරගන්න පොලීසිය ඉදිරියට ආවේ නැහැ.
ඇත්තෙන්ම, පොලීසිය මේවා ප්‍රසිද්ධ නොකරන්නේ, සීසීටීවී දර්ශන ප්‍රසිද්ධ කළොත් කාකි සූට් ඇඳගත්ත මැරයන්ගේ ඇඳුම් ගැලවෙන බව, කාකි සූට් පිත්තල බොත්තම් ගැලවෙන බව ඒ අය හොඳටම දන්න නිසා.
ඇත්තෙන්ම දැන් සුරේෂ් සලේ මැතිතුමා කියනවානේ මට වදහිංසා කළේ කැමරා අටක් තිබෙන ස්ථානයක කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා, පොලීසිය වදහිංසා කරන්නේ කැමරා නැති තැනක. අපරාධකරුවෙක් වුණත් සීසීටීවී කැමරා මඟහරිමින් තමයි ඒ අපරාධය සිද්ධ කරන්නේ. ඇයි දැන් පොලීසිය කැමරා ඉදිරියේ වදහිංසා කළාම, අනාගතයේ යම් දවසක තමන්ට එරෙහිව මේක සාක්ෂියක් විදිහට භාවිත කළ හැකියි කියන කාරණය පොලීසියේ මහත්තුරු, විශේෂයෙන්ම පහරදීමට දිගුකාලීන පළපුරුද්දක් ඇති රහස් පොලීසියේ මහත්තුරු හොඳටම දන්නවා. එහෙමනම්, එවැනි අවදානමක් අරගෙන රහස් පොලීසියේ මහත්තුරු සීසීටීවී කැමරා අටක් ඉදිරියේ මේ වදහිංසා ලබාදීම සිදු කළේ ඇයිද කියන සාධාරණ ප්රශ්නය මතු වෙනවා.
අපි හිතන්නේ, මේක යටි අරමුණකින් කරපු වැඩක්. අපි හොඳටම දන්නවා, සුරේෂ් සලේ මැතිතුමා කියන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් කළ, ඒ වගේම මහාචාර්ය රොහාන් ගුණරත්න මැතිතුමාගේ වචන වලින් කියනවා නම් ලෝකයේ කලාතුරකින් බිහිවෙන දුර්ලභ ජාතික වීරයෙක්. ඔහු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට කළ තීරණාත්මක දායකත්වය නිසා කොටි හිතවාදීන් ඔහු සමග ඉන්නේ දැඩි වෛරයකින්. ඒ නිසාම, අසාමාන්‍ය ලෙස සීසීටීවී කැමරා අටක් ඉදිරියේ ඔහුට වදහිංසා කළේ පොලීසිය, ඒ සීසීටීවී දර්ශන කොටි හිතවාදීන්ට අලෙවි කිරීමේ යටි අරමුණින්ය කියන සාධාරණ සැකය අපිට මතු වෙනවා. ඒ නිසා තමයි මෙවැනි අවදානමක් පොලීසිය අනිවාර්යයෙන්ම අරගෙන තිබෙන්නේ.
ඒ වගේමයි, ජනාධිපතිවරණයේදී බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය හිමිවුණේ මාලිමාවට. බොහෝවිට සල්ලි කුට්ටියකුත් හිමිවෙන්න ඇති අපිට නොකිව්වට. ඒ නිසා අපි මේ මාලිමා ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කළා බෙදුම්වාදීන්ට ඔබ ලබාදුන් පොරොන්දු හෙළිදරව් කරන්න කියලා. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපි ඔවුන්ට බලපෑම් කළත්, අද දක්වා බෙදුම්වාදීන් සහ ඔවුන් අතර ඇතිවෙච්ච රහස් එකඟතාවය හෙළිදරව් කරන්න මාලිමා ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා, සුරේෂ් සලේ මැතිතුමාට වෙනත් කිසිම රැඳවියකුට නොකරන ආකාරයේ බරපතළ වදහිංසා කරන්නේ, තමන්ට ඡන්දය දුන්නු, සල්ලි දුන්නු, කොටි හිතවාදීන්ට, බෙදුම්වාදී බලවේගයන්ට කළගුණ සලකන්නද කියන ප්රශ්නය අපි මාලිමාවෙන් අහනවා.
ඒ වගේම, බොහෝ වෙලාවට ඒක ඡන්ද පොරොන්දු ඉටුකිරීමක් වෙන්නත් පුළුවන්. සුරේෂ් සලේ මැතිතුමාට වදහිංසා කරනවාය කියන කාරණය අපි රටට හෙළිදරව් කළාම, පොලීසිය හැරෙන තැපෑලෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා, අපි කියන්නේ බොරුයි කියලා රටට කිව්වා. දැන් මේ වන විට, පොලීසිය කියන්නේ බොරුව, අපි කිව්වේ ඇත්තක්ය කියන කාරණය අධිකරණ වෛද්‍ය වාර්තා වලිනුත්, මානව හිමිකම් කොමිසමේ විමර්ශන වලිනුත් තහවුරු වෙලා හමාරයි.
ඒ නිසා, වහාම පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරලා, අපි ගැන බොරු ප්‍රචාරය කරමින් අපහාස කිරීම පිළිබඳ සමාව ගත යුතුයි. සතියක් ඇතුළත පොලීසිය සමාව ගැනීමට අපොහොසත් වුණොත්, රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා නඩු දාන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම, "අපි කියන්නේ බොරුයි" කියන එක ප්‍රධාන පුවතක් කරගත්ත මාධ්‍ය ආයතන වලටත්, සමාජ මාධ්‍යවේදීන්ගෙනුත් අපි ඉල්ලීමක් කරනවා, අද අපි මේ ප්රවෘත්ති සාකච්ඡාවේ කියන කාරණයට එදා පොලීසියේ බොරු ප්රචාරයට ලබාදුන්න ප්‍රචාරය හා සමාන අයුරින් ප්‍රචාරයක් ලබා නොදුන්නොත්, ඔබටත් එරෙහිව නඩු පැවරීමට සිදුවන බව ඉතාම කනගාටුවෙන් සිහිපත් කරනවා.

මාලිමාව කියන්නෙ බෞද්ධ විරෝධී කොටින්ට හිතවත් දේශපාලන ව්‍යාපාරය ක් කියල දැන් හැමෝම දන්නවා.
ReplyDeletemoda baudyo innakan gonmanpilya goda
Deletenaha pallikakko innakan
Deleteඇත්ත. පල්ලි කාක්කොන්ට ඕන විදියට වැඩ කරන මිනිස්සු එකා පිට එකා මැරුනත් ගන් ගන්නෙ නැති කාලකන්නි ආන්ඩුවක්
Deleteඒ වගේම, බොහෝ වෙලාවට ඒක ඡන්ද පොරොන්දු ඉටුකිරීමක් වෙන්නත් පුළුවන්. සුරේෂ් සලේ මැතිතුමාට වදහිංසා කරනවාය කියන කාරණය අපි රටට හෙළිදරව් කළාම, පොලීසිය හැරෙන තැපෑලෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා, අපි කියන්නේ බොරුයි කියලා රටට කිව්වා. දැන් මේ වන විට, පොලීසිය කියන්නේ බොරුව, අපි කිව්වේ ඇත්තක්ය කියන කාරණය අධිකරණ වෛද්‍ය වාර්තා වලිනුත්, මානව හිමිකම් කොමිසමේ විමර්ශන වලිනුත් තහවුරු වෙලා හමාරයි.
ReplyDeleteSIRIL GAMINI & VP ALLIANCE
baiyo ala lunu kawda🤣🤣😀
Deleteගම්මන්පිලා ජනතාව වෙනුවෙන් කරන්නේ ඉතා අවදානම් සේවයක්. පරිස්සම්වන්න. ජයම වේවා..
ReplyDeletedukunu moda baiya 🤣🤣 u anam homa baiyek
Deleteගම්මන්පිල මැතිතුමනි ඔබතුමාගේ බලනහර ප්‍රවේසම් කරගන්න.
Deleteමේ ආන්ඩුව පෙරලුන දවසක ඔය ශානි බානි ඔක්කොම ඔවුන්ගේ සියලු අමානුෂික පලිගැනීම් වලට වන්දි ගෙවනු ඇති. කන්ටේනර් තුන්සිය ගානක ආයුධ හොරෙන් පන්නා කොටි කල්ලිය අතට දුන්නාට ආපහු ඊලාම් යුද්ධ ගේන්න ලැබෙන්නේ නැහැ
ReplyDeleteඩෝබියන්ටත් නඩු දාන්න ඕනේ. ඩෝබියෝ ටික ගම්මන්පිලට මඩ ගැහුවා බොරු කියන්නේ කියලා. ලැජ්ජ නැද්ද බන් කොමියුනිස්ට්කාරයන්ට කඩේ යන්න. කොමියුනිස්ට්කාරයෝ මුලු ලෝකයම විනාශ කරා උන්ගේ කොමියුනිස්ට්වාදය ලෝකය පුරා පතුරවන්න ගිහින්, ලංකාවේ ගොබ්බ හැත්ත දැන් කොමියුනිස්ට් පක්ෂයක් කරේ තියාගෙන හූරේ දානවා. ඉතිහාසය නොදැන ඉන්න එකේ ප්රතිඑලයිමේ. ඉස්සර ඉන්දියාවේ කේරලය සම්පූර්ණයෙන්ම වගේ කොමියුනිස්ට්, දැන් උන්ගේ ප්රාන්තේවත් කොමියුනිස්ට් ආණ්ඩුවක් නෑ.. මේ ආණ්ඩුව පෙරලුනාම ආයි කොමියුනිස්ට්කාරයොන්ට හිස ඔසවන්න බැරි වෙන්න වැඩේ දෙන්න ඕනේ. ඩයි මයිනා ඉදලා පහළ ඉන්න ඩෝබියා දක්වා හිරේ දාලා උන්ගේ දේපොළ රාජසන්තක කරන්න ඕනේ. පාරේ කලබල කරන, රාජ්‍ය දේපොළ ගිනි තියන්න හදන, මිනිමරන ඩෝබියෝ ටිකව එල්ලන්න ඕනේ. ඊට පස්සේ දැන් රාජ්‍යය ආයතන ඉදලා, විශ්ව විද්‍යාල දක්වා පැතිරි තිබෙන කොමියුනිස්ට් මතවාද සම්පූර්ණයෙන්ම එලවලා දාන්න ඕනේ.
ReplyDeleteuba ai ithin gonman pilage dobi wade karanne goma baiyo🤣🤣 moda baiya bere pool ake nawana balaganing😀 whiluwak kare punaku tikak denwa
Deleteගම්මන්පිල සර්, අර 2004රෙ කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු අයත් හොයන්න ඔනී...
ReplyDeleteගම්මන්පිල මොකටද බන්? එව්වට ඉන්නෙ මම තමා. වැඩිය දඟලන්ඩ ආවොත් බට්ලරයගෙත් පුකේ ඇඟිල්ල ගහල ඉඹල බලනව.
Deleteසලේ කියන්නේ කොලුකාරයෙක්, ඌ හිරේ ඉදන් සැපක් අරන් නොනට මාට්ටු වෙලා
ReplyDeleteමම රියදුරුගේ කටට ගත්ත එක තවම මගේ PHI නෝනට ආරංචිවෙලා නෑ.
Delete