විද්‍යාව, තාක්ෂණය ගමට ගෙනැත් ග්‍රාමීය නිෂ්පාදනවල ප්‍රමිතිය, ගුණාත්මක බව ඉහලට ගෙන එනවා..

 


විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කළුතර දිස්ත්‍රික් විදාතා ඒකකය විසින් සංවිධාන කරන විදාතා ව්‍යවසායක ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත නවෝත්පාදන ප්‍රවර්ධනය, ග්‍රාමීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදන ජනගත කිරීම මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර සංවර්ධනයේ දී ව්‍යවසායකයා මුහුණ දෙන තාක්ෂණික ගැටළු සඳහා උපදේශන සේවා සහ විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරයි.

කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති විදාතා සම්පත් මධ්‍යස්ථාන 14 හරහා බිහිවූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සහ නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ රැසක් ප්‍රදර්ශනයට එක්කර තිබිණි. ප්‍රදර්ශනයට අමතරව පැවති නවෝත්පාදන සායනයේ දී නව නිපැයුම් හා නවෝත්පාදන නිර්මාණයේ දී අංකුර නිර්මාණකරුවන් මුහුණ දෙන ගැටළු හා දුෂ්කරතා සඳහා තාක්ෂණික විසඳුම් ලබා ගැනීමට ඇති මාර්ගයන් පිළිබඳව උපදේශනය ලබා දෙන ලදි. ඒ සඳහා ජාතික නව්‍යකරණ නියෝජිතායතනය, ජාතික බුද්ධිමය දේපල කාර්යාලය, කාර්මික තාක්ෂණ ආයතනය, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සහ ජාතික විද්‍යා පදනම යන ආයතනයන්හි සම්පත් දායකත්වය ලබා දී තිබිණි.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ,

විද්‍යාව හා තාක්ෂණය ගමට ගෙන එ්ම තුළින් ග්‍රාමීය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනවල ප්‍රමිතිය සහ ගුණාත්මක බව ඉහලට ගෙන බවත්, එමගින් දේශීය හා විදේශීය වෙළඳපොල ජය ගැනීමට විදාතා වැඩසටහන මග පෙන්වන බවත් පැවසීය. විදාතා වැඩසටහන තවත් පුළුල් කරමින් ඉදිරියේ දී විදාතා මධ්‍යස්ථාන ක්ෂුද්‍ර සේවා හා ආධාරක මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර වැඩි වශයෙන් විදාතා ව්‍යවසායකයින් නිර්මාණය කර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම ඉලක්කය බව ද පැවසීය.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, කළුතර දිස්ත්‍රික් ලේකම් එස්.පී.හේරත් යන මහත්වවරුන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීන්, විදාතා මධ්‍යස්ථාන නිලධාරීන්, ව්‍යවසායකයින්, ගුරුවරුන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් එක් වූහ

6 Comments

  1. Weblink එක නොදා නම විතරක් දාමු නේද ලොක්කා

    ReplyDelete
  2. මුලිම්ම අර වැලි කොට්ට තාක්සනේට පේටන්ට් බලපත්රේ ගන්ට බලන්ට
    ආ අමතක උනා ඒ එක්කම කොලිකුට්ටුවේ නැට්ටටයි, මාළු ඇප් එකටයිත් ගන්ට


    ReplyDelete
  3. තාක්ශනේ ගමට ගේන්නද පකෝ අර බෞද්ධ විදුහල්පති එලවලා පල්ලි කාක්කෙක් ප්‍රින්සිපල් කරවන්න උද්ඝෝශනයක් කරේ?
    තොපිට ඔය රෙද්දවල් කරන්න බැහැ. උඹල දන්නේ උද්ඝෝශන, වැඩ වර්ජන, මිනී මරලා බෙල්ල කපලා වැටේ ගහන එක, ගල් පැලෙන බොරු කියන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. මුන් කරන හැම වැඩකින්ම ලෝකෙට පේනවා ක‍තෝලික උන් මොනතරම් අන්තවාදී, කුහක, ජාතිවාදී පාහර හැතිකරයක්ද කියන එක. අර පාහර අගරදගුරා හොඳට දැනගෙනම පල්ලි යන්නෙ නැතුව තමන්ගේ අනුගාමිකයන්ට බෝම්බෙ වැදෙන්න දීලා, ඒ අනුකම්පාවෙන් පාප්ප තනතුර ගන්න හදපු එකෙක්නේ. දැන් ඒක මාට්‍ටු වෙන නිසා අන්ත දූශිත බෝම්බෙ වැදෙන්න ඉඩ දීලා පැත්තකට වෙලා හිටපු පාහරයො දෙන්නෙක් දාලා පාස්කු විමර්ශන කරගෙන යනවා. දැන් අපිටත් තේරෙනවා බෝම්බෙ වැදෙන්න දීලා පැත්තකට වෙලා හිටියේ ඉස්සර ඉඳන්ම අගරදගුරුගේ උවමනාවට කියලා.

      Delete
  4. අනේ උඹලා කොච්චර පුංචි ලිඳකද ජීවත් වෙන්නේ. උඩ කමෙන්ට් කරපු උන් දෙන්නම අනිවා උග්‍ර බෞද්ධ බැතිමතුන් බව භාශාවෙන් සහ ආකල්ප වලින් තේරුං ගන්න පුළුවන්.

    ReplyDelete
  5. MQDOLDUUWA NAWAKATAWA MATHAK WENAWA!!!

    ReplyDelete
Previous Post Next Post