ආගමික නායකයන් පාස්කු ප‍්‍රහාරය දේශපාලනය කරනවා..- සුරේෂ් සලේගේ මව සත්‍යග‍්‍රහයට එක්වෙමින්..


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් තම පුත්‍රයාට සිදුවන අසාධාරණය පිළිබඳව ඉතා සංවේදීව කරුණු පැහැදිලි කළාය.

තම පුත්‍රයා රට වෙනුවෙන් විශාල සේවයක් කළ දරුවෙකු බවත්, ඔහු කමාන්ඩෝ බලකායේ සේවය කරමින් සිටියදී මුළු ප්ලැටූනයම විනාශ වී ඔහු ඇතුළු තිදෙනෙකු පමණක් දිවි බේරාගත් අවස්ථාවන් තිබූ බව ඇය සඳහන් කළාය.

එම සටන් වලදී සිදු වූ දරුණු පිපිරීම් හේතුවෙන් ඔහුගේ එක් කනක ඇසීම පවා දුර්වල වී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

යුද්ධය පැවති වසර 30ක කාලය පුරාම ඔහු රට වෙනුවෙන් කැපවී කටයුතු කළ බවත්, ඔහු කිසිවිටකත් තමා කරන සේවය ප්‍රදර්ශනය කිරීමට හෝ ප්‍රශංසාවට කැමති අයෙකු නොවන බවත් ඇය අවධාරණය කළාය.

70 වන වියේ පසුවන තමා, තම දරුවා වෙනුවෙන් පෙනී සිටීමට රෝහලේ සිට මෙහි පැමිණි බව පැවසූ ඇය, "මිනිස්සු පුතාට මෙච්චර ආදරෙයි නම්, වදාපු අම්මාට කොච්චර වේදනා ඇද්ද?" යනුවෙන් විමසා සිටියාය,.

රාත්‍රී කාලයේදී පවා තමාට තම පුතාගේ හඬ ඇසෙන බවත්, ඔහු සිරගතව සිටින බව මතක් වූ විට දරාගත නොහැකි වේදනාවක් දැනෙන බවත් ඇය කඳුළු පිරි දෑසින් පැවසුවාය.

තම පවුලේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකුම හමුදාවේ සේවය කළ බවත්, ඔවුන් හැමවිටම රටට ගෞරවයක් ගෙන දුන් දරුවන් බවත් ඇය මෙහිදී මතක් කර දුන්නාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන මෙම පරීක්ෂණ පිටුපස දේශපාලන අරමුණු ඇති බවට ඇය චෝදනා කළාය.

විශේෂයෙන්ම ඇතැම් ආගමික නායකයින් මේ හරහා දේශපාලනය කරන බවත්, ඔවුන්ට මවකගේ හැඟීම් තේරුම් නොගන්නා බවත් ඇය සඳහන් කළාය.

"මම ඉපදුණේ කතෝලිකයෙක් විදිහට, මම ජේසුට වඳිනවා, කොච්චිකඩේ පල්ලියට හැමදාම ගියා. ඒත් මේගොල්ලෝ කරන්නේ ආගම ධර්මය නෙමෙයි, දේශපාලනය," යැයි ඇය දැඩිව ප්‍රකාශ කළාය.

රට වෙනුවෙන් රහසිගතව සේවය කළ බුද්ධි අංශ නිලධාරීන් මෙලෙස අපරාධකරුවන් සේ සලකා කටයුතු කිරීම රටට කරන අහිතකර බලපෑමක් බව ඇය පැවසුවාය.

තම පුත්‍රයාට සිදුවන මෙම අසාධාරණයට එරෙහිව දෙවියන් බුදුන් සාක්ෂි දරනු ඇති බවත්, යුක්තිය ඉටු වන තෙක් තමා බලා සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය

21 Comments

  1. කවිද ඉතින් කාඩියා මිසක්

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව සාධාරණ ආණ්ඩුවක්. යුක්තිය ඉටු කරන ආණ්ඩුවක්. අපි ආණ්ඩුව පත් කලා වගේම රකිනවා.

      Delete
  2. කාදිනල් පරයායි පාස්කු ප්‍රහාරෙන් සීරීමක්වත් නැති ලෝගු කාරයොයි ඔක්කොම උසාවි ගෙන්වන්න ඕන පාස්කු ප්‍රහරේ දැන දැන මිනිස්සු මැරෙන්න ඇරියට. ඇයි කවෘවත් අහන්නෙ නැත්තෙ ලොගු කාරයොන්ට සීරීමක්වත් වුනේ නැත්තෙ ඇයි කියලා.පව් කාරයෝ.

    ReplyDelete
  3. කාදිනල් පරයායි පාස්කු ප්‍රහාරෙන් සීරීමක්වත් නැති ලෝගු කාරයොයි ඔක්කොම උසාවි ගෙන්වන්න ඕන පාස්කු ප්‍රහරේ දැන දැන මිනිස්සු මැරෙන්න ඇරියට. ඇයි කවෘවත් අහන්නෙ නැත්තෙ ලොගු කාරයොන්ට සීරීමක්වත් වුනේ නැත්තෙ ඇයි කියලා.පව් කාරයෝ.

    ReplyDelete
  4. ත්‍රයි නිකායික මහා නාහිමිවරු කාදිනල්ගේ මේ වියරු හැසිරීම ප්‍රශ්න කල යුතුයි. කව්දෝ කෙනෙක් කියපු දෙයක් පස්සෙ ගිහින් අහින්සකයින්ට වද දෙනවා.

    ReplyDelete
  5. මේක ටිකක් අමුතු දේශපාලනයක්

    කාඩිනල් බලන්නේ පාස්කු ප්‍රහාර දඩමීමා කර ගෙන සේවා දිගුවක් ලබා ගන්න පුළුවන් ද කියලයි

    ReplyDelete
  6. pasku praharaka kandayama deshapalana uwamanawak wenuwen use kale me ammage putha bawa Asad mawulana pahadiliwa sakki dila thiyenawa..gota ge travel ban eka danna gaman thamai me kalabale ...asuhi bandala gonmanpila la parana katha adagena dagalanne...

    ReplyDelete
  7. “මෙම අවංක නිලධාරියාව අපවිත්‍ර දේශපාලන කටයුතු සඳහා භාවිත කළ දූෂිත දේශපාලනඥයන්ට නීතිය අනුව දැඩි දඬුවම් ලබා දිය යුතුය. හොඳ දේ කළොත් මල් කලඹක් ලැබේ; නරක දේ කළොත් මල් වඩමක් ලැබේ. එය ලෝකයේ සදාතනික සත්‍යයයි. එබැවින්, තමන් කළ ක්‍රියාවන්හි ප්‍රතිඵලයෙන් කිසිවෙකුටත් සදාකාලිකව ගැලවිය නොහැක.”

    ReplyDelete
    Replies
    1. ඔහු දේශපාලනය කරා යැයි පච පතුරුවන ජෙප්පද්දන්ට ස්වභාවධර්මය නිරතුරුවම දැඩිව දඬුවම් පමුණුවන බව පැහැදිලිය

      Delete
  8. පට්ට හුට්ටි කෙරි පඩුරු වේසි. තොගෙ පුතාපිල්ලියාන් එක්කාම්මට හැමිනුනාඩ කෙරි බැල්ලි තොපි ඔක්කොම මරල දාන්න ඔන. තොගෙය් පුතා ඕව කරෙය් නිස්සන්ක සෙනඩිපති orders වලට

    ReplyDelete
    Replies
    1. උතුරේ හා දකුණේ ත්‍රස්තයන්ගේ එකමුතුව

      Delete
  9. පාස්කු ප්‍රහාර එල්ල කළේ ගෝඨාභය වෙනුවෙන් සුරේෂ් සලේ ය කියන එක මම පිළි නොගන්නේ මෙන්න මේ කාරණා හතර නිසා

    1. ගෝඨාභය වගේ සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගේන්න ජීවිත අහිමි කර ගැනීමට මුස්ලිම් තරුණයන් අට දෙනෙක් කැමති වුනාය කියන එක මට පිළිගන්න අමාරුයි

    2. පාස්කු ප්‍රහාර වෙලේ ISIS ලොක්කා - ඒ කියන්නේ ලංකාවේ ඉන්න කව්රුවත් නෙමෙයි - ජාත්‍යනතර ISIS ලොක්කා ප්‍රකාශයක් කළා - පාස්කු ප්‍රහාර යේ වගකීම ISIS එකෙන් බාර ගන්නවා ය කියලා.
    යම් හෙයකින් සුරේෂ් සලේ සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගේන්න ජීවිත පූජා කිරීමට මුස්ලිම් තරුණයන් අට දෙනෙක් කැමති කරවා ගත්තා ම ය කියලා අපි පිළිගත්තා වුනත්, ජාත්‍යන්තර ISIS ප්‍රධානියා ලව්වා ප්‍රකාශයක් කරවන්න පුළුවන් කෙනෙක් මේ රටේ - සුරේෂ් සලේ තියා වෙන කෙනෙකුටවත් - අඩු ගානේ මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙකුටවත් එච්චර දෙයක් කරන්න පුළුවන් ය කියලා - එහෙම කෙනෙක් මේ රටේ ඉන්නවාය කියලා මට පිළිගන්න අමාරුයි.

    3. තමන්ව බලය ට ගෙන ඒම වෙනුවෙන් දිවි පිදීමට කැමති වුනු මුස්ලිම් තරුණයන් අට දෙනෙක් ගෝඨාභයට නෙමෙයි වෙන කෙනෙකුට හරි හිටියා නම්, ගෝඨාභය හරි ඒ වෙන කෙනා හරි, ඒ තරුණයන් අට දෙනාව යොදවන්නේ තමන්ට ලැබෙන මැතිවරණ ප්‍රතිඵලය උපරිම වෙන විදියට. උදාහරණයකට මගේ මැතිවරණ ජය වෙනුවෙන් මැරෙන්න ලෑස්ති අට දෙනෙක් මට හිටියා නම්, මම ඒ අට දෙනාව යොදවන්නේ පහත දැක්වෙන ස්ථාන අටේ බෝම්බ පුපුරුවා ගැනීමට
    - රුවන්වැලි සෑය
    - ජය සිරි මහා බෝධිය
    - මහනුවර දළදා මාළිගාව
    - කතරගම දේවාලය හෝ සිරීපාදෙ (සියලු ආගම් වල බැතිමතුන් යන ස්ථානයක්)
    - කැළණි රජ මහා විහාරය (කොළඹට දැනෙන්න ස්ථානයක්)
    - මඩු පල්ලිය (කිතුණු ජනයාට වැදගත් වන ස්ථානයක් - කිතුණු ඡන්දත් මට)
    - යාපනේ නල්ලුර් කෝවිල (හින්දු ජනයාට වැදගත් වන ස්ථානයක් - හින්දු ඡන්දත් මට)
    - කොළඹ දවට ගහ මුස්ලිම් පල්ලිය (මුස්ලිම් ජනයාට වැදගත් වන ස්ථානයක් - මුස්ලිම් ඡන්දත් මට)

    4. පාස්කු ප්‍රහාර වෙලේ මෛත්‍රීපාල සිරිසේනට විශාල විවේචනයක් හා පීඩනයක් එල්ල වුනා. පාස්කු ප්‍රහාර වලින් පස්සෙත් මෛත්‍රීපාල සිරිසේන මාස කිහිපයක් විධායක ජනාධිපති හා සේනාධිනායක ලෙස කටයුතු කලා. පාස්කු ප්‍රහාර, ගෝඨාභය නෙමෙයි මේ රටේ විපක්ෂයේ වෙන කෙනෙක් හරි මැදිහත් වෙලා කළා නම්, මෛත්‍රීපාල සිරිසේන ඒ කෙනා දිහාවට ඇඟිල්ල දික් කරනවා මිස තනියෙන් බැනුම් අහාවි කියලා මට පිළිගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධ දෙවන ලංකට් පුතෙක් ගෙන්න නෙමෙයි බං උන්ව ලස්සනට කුලප්පු කලෙ සාලේ ISIS එකෙන් හැටියට. Sonik Sonik - SS - සුරේශ් සාලේ
      මූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තියාගෙන ඉන්න එක හරි

      Delete
    2. දැන් ජනාධිපතිගේ කෙරුවාව එක්ක බලද්දි මෛත්‍රීපාල සිරිසේන ඉතාමත් උසස් ගතිගුණ ඇති ජනාධිපතිවරයෙක්.

      Delete
  10. madamawate gaman karana, mada mavathe hithana bagayak sinhala parayonve gonata andeemata meka bauddayonge age gahanne mun degollonge deviyan vansege kamaththa baba veemada?

    ReplyDelete
  11. රාජපක්ෂලා ගේ නිල අලුගෝසුවා සලේ

    ReplyDelete
    Replies
    1. උතුරේ හා දකුණේ ත්‍රස්තයන්ගේ එකමුතුව

      Delete
  12. ඔයාගෙ පුත්‍රයා තමයි අහිංසක දුලා පුත්තු සිය ගණනකට තමන්ගෙ අම්ම තාත්තා සදාකාලිකවම නැතිවෙන්න මරාගෙන මැරෙන බෝම්බ කාරයො එවන්න ප්ලෑන ගැහුවෙ..
    ඒ දරුවෝ අදත් තමාගේ අම්ම, තාත්තා ඉල්ල ඉල්ල අඬනවා..

    ReplyDelete
  13. ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවක් ඉංග්‍රීසි බසින් කරලා ISIS ජාත්‍යන්තර සංවිධානය දැනුවත් කරන්නයි තියෙන්නෙ, ඔවුන් කල පාස්කු ප්‍රහාරය නිසා සුරේෂ් සලේ ඇතුළු ISIS එකට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන්ට ලංකාවේ ආණ්ඩුව කරන වද හිංසා පිළිබඳව. ඔවුන් නැවතත් ප්‍රකාශයක් කලොත් ආණ්ඩුවට පිලි නොගෙන ඉන්න බැහැ.

    ReplyDelete
Previous Post Next Post