සුළි සුලං එනවා.. කාලගුණෙන් තද රතු නිවේදන..


නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක දෙකකට තද සුළං පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. 

2026 ජුනි මස 05 වන දින පස්වරු 03.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය, 2026 ජුනි මස 06 වන දින පස්වරු 03.30 දක්වා පැය 24 ක කාලයක් වලංගු වන බව එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. 

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැක.

  •       මධ්‍යම පළාත 
  •       සබරගමුව පළාත 
  •       උතුරු පළාත 
  •       උතුරු-මැද පළාත 
  •       ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 
  •       හම්බන්තොට දිස්ත්‍රික්කය 

මීට අමතරව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විටින් විට පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර  වේගයකින් යුත් තරමක තද සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැක. 

මෙම තද සුළං තත්ත්වය හේතුවෙන් පහත සඳහන් දේපළ හා වගා හානි සිදුවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

  • නිවාස සහ ගොඩනැගිලිවල වහලවල ඇති තහඩු හා උළු ආදිය ගැලවී යාම. 
  • විදුලි සහ දුරකථන රැහැන් පද්ධතිවලට හානි සිදු වීම. 
  • ගස්වල අතු කැඩී යාම සහ මාර්ග අසල ඇති විශාල ගස් මුලින්ම උදුරා දමමින් කඩා වැටීම. 
  • වී වගා බිම්වලට මෙන්ම කෙසෙල් සහ පැපොල් වැනි පළතුරු වගාවන්ට දැඩි හානි පැමිණීම. 
  • වරාය ආශ්‍රිතව නවතා හෝ රඳවා ඇති යාත්‍රා සහ අංගනවලට හානි සිදු වීම. 
  • වෙරළාසන්න පහත් බිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවීමේ අවදානම. 

පවතින ආපදා තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සූදානම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස දන්වා සිටී.

වහලවල තහඩු හෝ උළු ගැලවී යාමෙන්, කඩා වැටෙන ගස් සහ විදුලි රැහැන්වලින් සිදුවිය හැකි අනතුරු පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන්න.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන්න.

යම් හදිසි අවස්ථාවක් මතු වුවහොත් වහාම ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගැනීමට කටයුතු කරන්න.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කරන්න. 

5 Comments

  1. Eka Takaramak galaunoth lakshayak labeida?

    ReplyDelete
  2. හුන්ඩු ශබ්ද ටකරමක් ගියත් ලක්ශ දායායි

    ReplyDelete
  3. පතිරණ ගලප්පත්තිJune 5, 2026 at 6:30 PM

    නිරිතදිග මෝසමට වහිනව තමා යකෝ. වහින එක හොඳයි, වතුර නැතුව ගොවිතැන් කරන්නෙ කොහොමද? එහෙම තමයි, වහිනවා, පායනවා, ඒවා ස්වභාවික සංසිද්ධි. රටට වග කියන, ජනතාවට වග වෙන රජයක් තියෙන නිසා ආර්ථිකයට අවුලක් නෑ, නියමෙට කටයුතු කෙරෙනවා, බැරි වෙලාවත් ඕනෑවට වඩා වැස්සත්.

    දිට්වා හානිය වෙලාවේ මොනවද කිව්වේ? නෑ නෑ, මොනවද නොකිව්වෙ? ආර්ථිකය ඉවරයි කිව්ව. කෝ ඉවරද? අවශ්‍ය වන්දි පවා ගෙව්වා පුළුවන් උපරිමයෙන්. කීප දෙනෙක් ඉන්නවා වන්දි ලැබිලා ඒත් නෑ කියනවා. ඒ ඇර අනික් හැමෝටම ගෙව්වා කියලා පිලි ගන්නවා. මේකේ කමෙන්ට් කොටන වුන් වතුර ගලපු පලාත් වල එවුන් නෙවේ, උන් කියනවා වතුර ගලපු පැති වල අවතැන් වුණ මිනිස්සු තාම අවතැන් කඳවුරු වලය, වන්දි ලැබිලා නෑ ය කියලා. ඒක උන් දේශපාලනය කරන්ඩ කියන පත කෙප්පයක් විතරයි. රජය නූලට තිතට ඒ ස්වභාවික විපත කළමණාකරණය කලා. නුදුරේදීම පේරාදෙණියේ යකා පාලමත් හදලා ඉවර කරණවා, ඊට පස්සේ නුවරට කෝච්චි යන එකත් පටන් ගනී, ඉක්මණින්ම.

    ReplyDelete
  4. හුලඟට ගිය ටකරමකට ලක්ෂයක් ඕනෑද?

    නැත්නම් හුණ්ඩුවගෙ අතින් අගරු චෙක්එකක් ඕනැද?

    ReplyDelete
Previous Post Next Post