Buddy.net 6 ශ්‍රේණිය මොඩියුලයට දැමීම කුමන්ත‍්‍රණයක් නොවේ..- රජය උසාවියේදී කියයි..


ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙවර වසර සඳහා සකස් කරන ලද හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මඩියුලයට (Module) නුසුදුසු අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් (Link) ඇතුළත් වීමේ සිද්ධිය කුමන්ත්‍රණයක් නොවන බව රජය අධිකරණයට වාර්තා කර ඇත.

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උල්පනේ සුමංගල හිමියන් පවසන්නේ, රජය විසින් ඉදිරිපත් කරන ලද බී (B) වාර්තාවක් මගින් මේ බව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇති බවයි.

අදාළ නඩුව නුගේගොඩ, ගංගොඩවිල අධිකරණයේදී කැඳවනු ලැබූ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ මෙය කුමන්ත්‍රණයක් නොවේ නම්, එය හිතාමතාම සිදු කරන ලද්දක් බව ඉතා පැහැදිලි වන බවයි.

මුලදී මෙය කුමන්ත්‍රණයක් යැයි පවසමින් රජය කෑගැසූ නමුත් දැන් ඉදිරිපත් කර ඇති වාර්තා මගින් එම ස්ථාවරය වෙනස් වී ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙම වරදකරුවන් බේරාගැනීමේ උත්සාහයක නිරත වන බවට ද උන්වහන්සේ චෝදනා කළහ.

හය වසරේ දරුවන්ට අසභ්‍ය කරුණු ඉගැන්වීමට දැරූ මෙම උත්සාහය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරිය, ලේකම්වරයා ඇතුළු සියලු වගකිවයුතු බලධාරීන් දඬුවම් ලැබිය යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

පාලනය සහ බලය පවත්වාගෙන යාම වෙනුවෙන් දරුවන් උගසට තබා රජය කටයුතු කරන බවත්, වත්මන් පාලනය යටතේ රටේ අධ්‍යාපනය දැවැන්ත විනාශයකට ඇද වැටෙමින් පවතින බවත් උල්පනේ සුමංගල හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

4 Comments

  1. පටන් ගන්නේ කුමන්ත්‍රණ කියලා. ඉවර වෙන්නේ රෙදි නැතුව පච වෙලා. නොදකින් මේ ආචාර්ය, මහාචාර්ය නැට් to.

    ReplyDelete
  2. කුමන්ත්‍රණයක් නොවේ. සිතා මතාම ආප්ප බෑමට ළමයින් හුරු කරවන උත්සාහයකි. හරිනිගෙ ආප්ප කඩේට බාස්ලා බදවා ගනු ලැබේ.

    ReplyDelete
  3. මෙය කුමන්ත්‍රණයක් නොව මාලිමා ආප්ප කොළු කල්ලියෙ සැලසුම් සහගතව වැඩකි.

    ReplyDelete
  4. හරිනිගේ ප්‍රතිසංස්කරණ ආප්ප බානවා වගේ. මෙහෙම. ශනික ආප්ප හදනව වගේ අද්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බෑ. මේ සැරේ ගම් වල සාපෙල ප්‍රතිපල දුර්වලයි. මේ අය ගම ගැන බලන්නෙම නෑ. නගර වලට වෙලා පච කිය කිය ඉන්නවා.

    ReplyDelete
Previous Post Next Post