අලුත් පාස්කු මහ මොලකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලට දන්වන්නැයි කියයි..

 


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

ස්වර්ණවාහිනී නාලිකාවේ 'රතු ඉර' දේශපාලන සංවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, එවැනි දැනුම් දීමකදී එම ජාත්‍යන්තර ආයතන ලබා දෙන ප්‍රතිචාර පිළිබඳව වර්තමාන ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

මේ වන විටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුකාරයන් බවට පත්ව ඇති බවත්, සාමාන්‍ය බුද්ධියෙන් යුතුව මෙම කරුණු දෙස බැලිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජයවීර මහතා, මෙය "සාක්ෂි නිර්මාණය කිරීමේ" ක්‍රියාවලියක් බවට චෝදනා කළේය.

සලේ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මුල් 'බී' වාර්තාවේ අඩංගු නොවූ කරුණු, ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීම සැක සහිත බව ඔහු පෙන්වා දුන්නේය.

"FBI ආයතනය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් ඇතුළු සියලු විමර්ශන නිලධාරීන් නිසැකවම ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (ISIS) ශ්‍රී ලංකා ශාඛාව විසින් බවයි," යැයි පැවසූ මන්ත්‍රීවරයා, ආණ්ඩුව පවසන පරිදි මෙරට බුද්ධි අංශවල සහයෝගයක් මීට ලැබුණේ නම් එම නව තොරතුරු ජාත්‍යන්තරයට හෙළි කළ යුතු බව සඳහන් කළේය.

තවද, අදාළ කාලවකවානුවේදී සුරේෂ් සලේ මහතා මෙරට සේවය නොකළ බවත්, එවැනි තත්ත්වයක් තුළ ඔහු හමුදා යාන්ත්‍රණය පාවිච්චි කර කුමන්ත්‍රණයක් කළේ යැයි පැවසීම තර්කානුකූල නොවන බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පෙර පුවත්


12 Comments

  1. next FBI head is going to be Sri Lankan

    Who is proud of it:

    Walan Sani

    from Hunduland

    ReplyDelete
    Replies
    1. රෝහල්ගතකර සිටින සුරේෂ් සලේ විරුවා මරාදැමීම සඳහා ඉතා සූක්ෂම ලෙස ඔහුගේ සේලයින් වලට වස එකතු කිරීමේ 
      ක්‍රමන්ත්‍රනයක් දැන් ක්‍රියාත්මක වේ.

      Delete
    2. දැන් එතකොට පල්ලියට FBI , ස්කොට්ලන්ඩ්යාර්ඩ් වගේ වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන කියන දේත් ෂුවර් නැද්ද?
      අපි නම් දැනගෙන හිටියේ එම ආයතන ලංකාවේ CID එකට වඩා බොහොම දක්ෂ ආයතන බවයි.

      Delete
  2. US and other Western Embassies should be informed that Sri Lanka has “handlers” who can use Islamic extremists to suicide bomb and kill tourists. Red notices should be issued about touring the country

    ReplyDelete
  3. තෝ පහත් පෙලේ ජේවීපී ඩෝබියෙක්. දිලිත්ගේ තර්කය හරි. මුලු ලෝකෙම ලංකාව Black List කරනවා සලේට වධ දීලා රාජපක්ෂලාගේ නමක් ගන්න අනුර සහ ලංකාණ්ඩුව උත්සාහ කිරීම ගැන.

    ReplyDelete
  4. ගාල්ලේ, අඟුලුගහ ග්‍රාමයේ වැදගත් පරම්පරාවකින් පැවතෙන ජයවීර කංකානම්ලාගේ දිලිත් ජයවීර ගොවිගම කුලේ.
    තඹුත්තේගම රොඩී පරම්පරාවකින් එන අනුර කුමාර පද්දෙකි. 

    ReplyDelete
  5. කාඩිනල් ඇතුළු පල්ලි නඩේට රවී සහ ශානි බේරා ගැනීමට පුදුම රුදාවක්නේ තියෙන්නේ.
    හරිනම් ඔවුන් දෙදෙනා රාජ්‍ය බුද්ධි අංශ සහ විදේශ බුද්ධි අංශ ලබා දුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නිසා, බෝම්බ පුපුරවල ISIS කාරයන්ට කතෝලික මිනිස්සු මරන්න හැකිඋන එක සම්බන්ධව ඔවුන් දෙදෙනා සමඟ වෛරයක් ඇති වෙන්න එපැයි. පුදුමේ කියන්නෙ කාදිනල් ඇතුළු පල්ලියේ අවශ්‍යතාවය මත ඔවුන් දෙදෙනා එම තනතුරු වලට පත් කල බව බිමලුත් කිව්වා. ඒකියන්නේ කාදිනල් කැමතිද ඔවුන් එම වැරැද්ද කරපු නිසා අහිංසක ජීවිත විනාස උන එක ගැන. එකේ මොකක් හරි කුමන්ත්‍රණයක් තිබුණද? ඒකද වැරැද්ද සුරේෂ් සලේගෙයි රාජපක්ෂලගෙයි ඇඟේ ගහල හරි රවී ශානි බේරීමට කටයුතු කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කතෝලික පූජකයො ඔක්කොම ඕක වෙනවා කියලා දෑන ගෙන හිටියලුනෙ. උන්ම කියන්නෙ ඒකයි උන් එදා පල්ලි ගියෙ නෑත්තෙ කියලා. ඉතින් උන්ට තිබ්බනෙ උන්ගෙ මිනිස්සුන්ව දෑනුවත් කරලා මින්ස්සුන්ගෙ ජීවිත බේරගන්න. දෑන් කියනවා මහ මොලකාරයෙක් හොයලා දෙන්ඩලු

      Delete
  6. අර චිත්තාහාරි කියන කොටි දෙනට සලේ ලඟට යාමටවත් ඉඩදෙන්න හොඳ නෑ, ගියොත් සලේ ඉවරයි.
    ඒකි ඒ තරම් බද්ධ වෛරයකින් ඉන්නෙ රණවිරුවොත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව! ගෑණි පල්ලි පිල්ලියක්, ඉගෙනගෙන තියෙන්නෙ ගාල්ලෙ සේක්‍රඩ් හාට් (Sacred Heart Convent) කියන කොන්වන්ට් එකේ.

      ඒකි කියනව ශ්‍රී ලංකා හමුදාව යුධමුක්ත කලාපයේ හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට උඩින් ගිහින්ල බෝම්බ ගැහුව කියල.

      Delete
    2.  බලාගන යනකොට  දෙමල මිනිස්සුවත් නොකරපු චෝදනාවක් කරන මේකි  පුනරුත්ථාපනය මගහැරපු කොටි දෙනක් වෙන්ඩ ඇති.

      Delete
  7. Master-Molakaru = Logu Andina dabalak

    ReplyDelete
Previous Post Next Post