ICC රැස්වීමට එරාන්ගේ කමිටුවට දොර වහයි.. බලන්නවත් ඉඩ නොදෙයි...


ඉන්දියාවේ අහමදාබාද් හිදී පෙරේදා (31වැනිදා) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී) වාර්ෂික රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ (අතුරුපාලන කමිටුවේ) කිසිවෙකුටත් ආරාධනා කර නොතිබූ බැව් වාර්තා වේ.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අතුරු කමිටු නිල වශයෙන් පිළිගැනීමට හෝ ඔවුන්ගේ ප්‍රධාන රැස්වීම්වල ඡන්ද බලය සහිත අසුන් පිරිනැමීමට කටයුතු නොකරන අතර මෙවැනි රැස්වීමකට අතුරු කමිටු සාමාජිකයකු සහභාගීවනුයේ හුදු නිරීක්ෂකයකු ලෙසින් පමණකි. නමුත් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ නියෝජිතයකු හට නිරීක්ෂකයකු ලෙසින් හෝ ඒ සඳහා සහභාගීවීමට අයි.සී.සී ය වෙතින් අවස්ථාව සලසා නොමැති බැව් පැවසේ.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යම් අතුරු කමිටු සාමාජිකයකු සහභාගී වූයේද? නොඑසේ නම් එසේ සහභාගී නොවීමට හේතුව කුමක්දැයි අප විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු නිලධාරීන් දෙදෙනකු වෙතින් විමසා සිටියද එම සහභාගීත්වය පිළිබඳ තමන් කිසිත් නොදන්නා බව එම නිලධාරීන්ගේ පිළිතුරු විය.

මේ වන විට අතුරු පාලන කමිටු පවතින බංගලිදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකෙහිම සාමාජිකයන් මේ සඳහා සහභාගී කරවානොගත් බවට යම් වාර්තා පළවුණිද, බංගලිදේශ අතුරුපාලන කමිටු ප්‍රධානී තමීම් ඉක්බාල් මේ සඳහා සහභාගී වී නොසිටියේ මෙම 7 වැනිදා පැවැත්වීමට නියමිත බංගලිදේශ ක්‍රිකට් නිලවරණය හේතුවෙන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකාවට අවම වශයෙන් නීරීක්ෂකයකු ලෙසින් හෝ මේ සඳහා සහභාගීවීමට අවස්ථාවක් ලබා නොදුන්නේ නම් එය අයි.සී.සී ය ව්‍යංගයෙන් සිදුකළ බරපතළ අනතුරු හැඟවීමක් විය හැකි යැයි හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පරිපාලකයකු මේ සම්බන්ධයෙන් පවසා සිටියේය.

අයි.සී.සී ව්‍යවස්ථාවට අනුව සෑම රටකම ක්‍රිකට් පාලක මණ්ඩලයක්ම ස්වාධීන විය යුතු අතර ක්‍රිකට් ආයතනයකට රජයක් මැදිහත් වී අතුරු කමිටුවක් පත් කිරීම දේශපාලන ඇඟිලි ගැසීමක් ලෙස අයි.සී.සී ය විසින් සලකනු ලබයි.

- Aruna

3 Comments

  1. ICC මොක්කුද බං, උන්ට අපේ ජනපති අනුර Direction leader සිරිමතානෝ ලාල් glitter, Spring සමරසිංහ, Conqurror හේරත් දාලා කනේ ඇඟිලි ගහගන්න දෙන්නේ. බෑද ?

    ReplyDelete
  2. ICC හරක් දන්නේ නෑ අපේ ක්‍රිකට් බෝඩ් එකේ මගඩි.

    ReplyDelete
  3. ICC එක නොහොත් Indian Cricket Cartel එක රන් කොරන්නෙ දූශිත හොර ඉන්දියානුවො කිහිප දෙනෙක්

    ReplyDelete
Previous Post Next Post