ඉන්ද්‍රජිත් සුබසිංහ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනයක් ලබාදීම පිණිස නොපමාව නිලවරණයක් කැඳවන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී ය) ශ්‍රී ලංකාවට ලිඛිතව දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ සැලවේ.
මේ වන විට මෙරට ක්‍රිකට් පරිපාලනය පැවරී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව, ජාත්‍යන්තරයෙන් තමන් වෙත එවැනි දැනුම්දීමක් කළ බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති වුවද, උද්ගත තත්ත්වය මත, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඔස්සේ පත්වන පරිපාලනයකට අවස්ථාව සලසමින් නිවරණයක් ප්‍රකාශ කිරීම සඳහා වහ වහා කටයුතු කිරීමට ඔවුනට සිදුවනු ඇතැයි පැවසේ.
යම් ලෙසකින් මෙම දැනුම්දීම නොසලකා, අනවශ්‍ය කල් මැරීමේ ප්‍රතිපත්තියක යෙදීමට වත්මන් ක්‍රිකට් පරිපාලනය කටයුතු කළහොත් මීළඟට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාරණ පැනවීමට අයි.සී.සී ය කටයුතු කිරීමේ අවදානමක් ඇත.
2025 මාර්තු 31 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට පත්වූ ශම්මි සිල්වා ප්‍රමුඛ කණ්ඩායමේ දෙවසරක ධුරකාලය ඉක්මයෑමට මත්තෙන් හෙවත් 2026 අප්‍රේල් 29 වැනිදා නිලවරණයෙන් පැමිණි එකී නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්වීමට යෙදුණු අතර එය ආණ්ඩුවේ බලපෑමක් මත සිදුවූවක් බව ප්‍රසිද්ධ රහසක් වුණි. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් පරිවර්තන කමිටුවක් නමින් ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලන කමිටුවක් පත්කිරීමට යෙදුණි.
දේශපාලන බලපෑම් මත පත්වන මෙවැනි පරිපාලන සමග කටයුතු කිරීමට අයි.සී.සී ය කැමැත්තක් නොදක්වන අතර සාමාන්‍යයෙන් ගත් කල, මාස තුනකට වැඩි කාලයක් අතුරු කමිටු පැවැතීමද අයි.සී.සී ය විසින් අනුමත කරනු නොලබයි. (ඉකුත්දා පැවැති අයි.සී.සී වාර්ෂික රැස්වීමේදී ශ්‍රී ලංකාවට ආරාධනාවක් හෝ නොලැබී තිබුණේ එබැවිනි)
විවේචනයන්ට බඳුන්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනසකට ලක්කිරීම සිය ප්‍රධාන අරමුණ බව සිය පත්වීම් ලැබීමෙන් පසු වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුව පවසා සිටියද, මේ ආකාරයෙන් නොපමාව නිලවරණයක් වෙත යෑමට සිදුවුවහොත් එකී සිය ප්‍රධාන ඉලක්කය වෙත යෑමට ඔවුනට කාල වේලා ප්‍රමාණවත්වේද යන්නත් පැනයකි. මෙරට වත්මන් ක්‍රීඩා රෙගුලාසි අනුව නිලවරණයක් පැවැත්වීම සඳහා, අදාළ වැඩකටයුතු ආරම්භ වන දිනයේ සිට අවම වශයෙන් දින 52ක කාලයක් ගතවේ.
- අරුණ

ඕව වැඩක් නෑ හෙට දෙවෙනි ලංකට්ව ගන්නවා
ReplyDeleteරුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය ළඟ පඩ දාපු මස් වැද්දෝ වැඩිකල් රඟන්නෑ
ReplyDelete