අම්බලන්තොට ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්වීමේ පුවතක් වසන් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත එම පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිනිය සහ ඊට සම්බන්ධ සැකකාර පාසල් සිසුවා අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 19 වැනිදා සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
පොලිස් විමර්ශනවලට අනුව, ඉකුත් මැයි මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අදාළ පාසලේ පැවැති ක්‍රීඩා උත්සවයක් අතරතුරදී මෙම අපරාධය සිදුව ඇත. එහිදී එම උත්සවයට සහභාගි වීම සඳහා වෙනත් පාසලකින් පැමිණි 15 හැවිරිදි වියේ පසුවන සිසුවකු විසින්, විද්‍යාලීය ගොඩනැගිලි අතර පිහිටි සැඟවුණු ස්ථානයකදී මෙම දැරිය අපයෝජනයට ලක් කර තිබේ.
වඩාත් බරපතළ කරුණ නම්, මෙම අපයෝජන සිදුවීම ජංගම දුරකථන ආධාරයෙන් දර්ශනගත කර, පසුව සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වීමයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ පුළුල් විමර්ශන අරඹා ඇත.
දැනට වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා වින්දිත දැරිය රෝහල්ගත කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

This was the System Change People Wanted. Very Nice. Make us proud.
ReplyDeletewhat happened to malima candidate tuition master accused for similar case
Deletefinally the girl suicide . Kotahen area
Umba wage modayek. Budu hamuduruwo hitiya kale dewadaththalath hitiya kiyalamathak karaganin. EEth budu hamuduruwo karana wade nathara kale na. Umbath dewadaththage kitasata watena ekek.
Deleteඅම්බලන්තොට උඩින් දින්නේ NPP .....උන් දැන් පොඩි තව් විදිනවා බලේ යොදලා
ReplyDeleteme kari ballanwa hire yawala athule radawiyan gen dushanaya gana ugannawanna ona.
ReplyDeletePukarudya අතේ දුරින්.
ReplyDeleteTikTok and tsunami generation
ReplyDeleteඑකටම. සොසාල් මීඩියා ලංකාවෙ 21න් පහල උන්ට තහනම් කල යුතුයි.
DeleteNPP eke sambandaya mokakda yakune... oka thopige pohottuwe kale purudu krapuwa...
ReplyDelete