මෙරට ඉන්ධන වෙළඳපොළෙහි නියුතු Lanka IOC, Sinopec, RM Park ඉන්ධන සමාගම් විසින් ඉන්ධන මිල තව දුරටත් ඉහළ දැමිය යුතු බවට රජයට දන්වා ඇති බව වාර්තා වෙයි.
පවතින මිල ගණන් යටතේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමෙන් විශාල අලාභයක් සිදුවන බවත්, එම පාඩුව තවදුරටත් දරා ගැනීමට නොහැකි මට්ටමකට පත්ව ඇති බවත් එම සමාගම් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, පෞද්ගලික සමාගම් සිදුකර ඇති මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රජය මෙතෙක් ස්ථිර ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, තීරණයක් ගැනීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව වාර්තා වේ.
මේ අතර මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා සඳහන් කළේ, ඉන්ධන මෙහෙයුම් අලාභය තවදුරටත් දරාගත නොහැකි බැවින් මිල සංශෝධනයක් අවශ්‍ය බවට වන ඉල්ලීමක් ඒම සමාගම් වෙතින් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවයි.

Mannarame thel tika gannakan witharaine. Kamak naha padua nolaba thava ussamu.
ReplyDeleteඔයගොල්ලෝ දුක්විඳින අන්තිම පෝය දෙක තමා මේ, කියලා කියපු වෙලේ අපේ ගොන් වස්සෝ ටික රැවටුන රැවටිල්ල කොහොම ද? දැන් ඉතින් පෝය දෙකක් නෙමේ, පරම්පරා දෙකක් දුක් විඳින්න වෙනවා.
ReplyDelete