මෙරට ඩෙංගු රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වන අතර, පවතින තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් සමස්ත රෝහල් පද්ධතියම බරපතළ කඩාවැටීමකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වන විට දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක ධාරිතාව ද ඉක්මවා ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළ පරිදි මේ වසරේ ජුනි 24 වැනිදා වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 48,287 දෙනෙකු වාර්තා වී ඇත. ඊයේ දිනයේදී පමණක් අලුතින් රෝගීන් 757 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ජුනි මාසයේ ගත වූ දින 24 තුළ පමණක් රෝගීන් 14,446 දෙනෙකු වාර්තා වී ඇත.
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 29ක් වාර්තා වී ඇති අතර, ඉන් පස් දෙනෙකුම කුඩා දරුවන් වේ. මෙම මරණ සංඛ්‍යාව 2025 වසරේ සමස්ත මරණ සංඛ්‍යාවට සමාන අගයකි.
වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 51ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 25,167කි.
රට පුරා සීඝ්රයෙන් පැතිර යන මෙම විසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්වූ වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක ග්‍රාම නිලධාරී වසම් මීට ඇතුළත් වේ. විශේෂයෙන්ම කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, බත්තරමුල්ල, කඩුවෙල, දෙහිවල, පැලියන්දල මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, මීගමුව, කැලණිය, බියගම ආදී ප්‍රදේශ රැසක් මෙලෙස හඳුනාගෙන තිබේ.
මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
මෙම මදුරු මර්දන වැඩපිළිවෙළ සෞඛ්‍ය අංශ, සන්නද්ධ ආරක්ෂක හමුදාව සහ පරිසර පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි. එහිදී මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ. සෝදිසි කිරීම් අපහසු උස් ස්ථාන පරීක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන යානා (Drones) තාක්ෂණය ද යොදාගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
පවතින දැඩි පීඩනකාරී වටපිටාව හමුවේ රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින්, වහාම තමන්ගේ නිවාස සහ අවට පරිශ්‍රයන් පිරිසිදු කරගනිමින් මෙම ජාතික මදුරු මර්දන වැඩසටහනට පූර්ණ සහාය දක්වන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.

තුට්ටු දෙකේ ඩෙන්ගු මර්දනය මෙහෙම නම්, කොහොමද ලෝක වසන්ගතෙ කොරෝනා ආපු වෙලෙ මේ කට්ටි හිට්යනම්.
ReplyDeleteBill Gates released mosquitoes that caused dengue outbreaks. Bill Gates sponsored a dengue mosquito project aimed at reducing dengue, malaria, Zika, and other mosquito-borne diseases. He released mosquitoes in countries like Sri Lanka, Brazil and Ecuador. The wolbachia method mutated the dengue mosquitoes to become super transmitters of mutated virus strains and now infects up to 100 times more people. The ultimate goal of Bill Gates was to wipe out millions of people in developing countries for his sustainable goals.
Deleteතුට්ටු දෙකේ?? මූ නම් ඩෙන්ගුවල භයානකකම දන්නෙ නැති මෝඩයෙක්. යකෝ කොරොනා කියන්නෙ හෙම්බිරිස්සාවක්. ඩෙන්ගු කියන්නෙ මාරාන්තික රක්තපාත උණක්. කෝවිඩ් කියල ගහපු gene altering clot shots වලින් ලෝකෙ පුරා මිලියන ගාණක් දැනුත් මැරෙනව. ඒ වැක්සින් එක රිලීස් කොරගන්න එක තමයි කෝවිඩ් කුමන්ත්‍රණයෙ පරමාර්ථයත්.
Deleteකොරොනා කියන්නෙ හෙම්බිරිස්සාවක් හෙහ්.. හෙහ්..
Deleteහෙහ්..කොරොනා කියන්නෙ හෙම්බිරිස්සාවක්ලු ඒක මාරාන්තික නැතිලු කවුද කියන්නෙ හරක් වෙදා නලින්ද ජයතිස්සයද?
හඬ පට එලියට ඇවිත් තියෙන කොට හිතුනා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඇති කියලා
ReplyDelete
ReplyDelete෴මදුරැ ෆාම් තුල වැඩිදියුනු කරනා රෝගකාරක මදුරැවන්, බටහිරයන්ගේනවතම ජෙෙව අවිය බවට පත්වී ඇතිඇති බවට නිවේදනය ,...
''බිල් ගේට්'' විසින් දැවැන්ත අරමුදල් සපයා පවත්වාගෙන යනගග
''බයෝ ලැබ්'' මාරාන්තික මදුරැවන් බෝ කරනා අප්‍රිකානු සහ ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල ස්ථාපිත කර පවත්වාගෙන යනු ලබනා ජනඝාථක මදුරැ ෆාම්වල නව මදුරැ ප්‍රභේද, රට තුලට ශූකෂමව රැගෙනවිත් මුදා හරිනා බවත්,. සියල්ල සූකෂම ලෙසට සංචාරක වේසයෙන් පැමිනෙනා බටහිර ඵ්ජන්තයන් විසින් සිදුකරනා බවත්, අති විශාල ප්‍රමාණයක් සංචාරක නිවාසහිමියන්, සංචාරක මගපෙන්වන්නන් සැකකටයුතු ක්‍රියාකාරකම් පිලිබඳව විශාල වශයෙන් වාර්තා කර සිටිනා බැවින්,.
රෝග කාරක මදුරැවන් රටට පැමිනෙන ගුවන්යානා මගින්, මුහුදු යාත්‍රා නැව් මගින් වරායට ගුවනට ගෙනවිත් මුදාහරිනා බවට තොරතුරැ වාරථා පවතින අතර,..
මදුරැ ෆාම් තුල වැඩිදියුනු කරනා රෝගකාරක මදුරැවන්, බටහිරයන්ගේනවතම ජෙෙව අවිය බවට පත්වී ඇති බැවින්,.
අප්‍රිකාව තුල ජෙෙව අවි ෆාම් තුල මාරාන්තිකලෙසට වැඩිදියුනුකර වරධනය කරනා, මදුරැ කීටයන් රටතුලට සූකෂමලෙසට රැගෙනවිත් රට තුලට මුදාහරිනා
කූඨ බටහිර නියෝජිතයන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව අවබෝධය, සහ සිදුකරනා කූඨ කෘෘර ක්‍රියාන්විතයන් පිලිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානය,.!෴
Bill Gates released mosquitoes that caused dengue outbreaks. Bill Gates sponsored a dengue mosquito project aimed at reducing dengue, malaria, Zika, and other mosquito-borne diseases. He released mosquitoes in countries like Sri Lanka, Brazil and Ecuador. The wolbachia method mutated the dengue mosquitoes to become super transmitters of mutated virus strains and now infects up to 100 times more people. The ultimate goal of Bill Gates was to wipe out millions of people in developing countries for his sustainable goals.
DeleteBill Gates released mosquitoes that caused dengue outbreaks. Bill Gates sponsored a dengue mosquito project aimed at reducing dengue, malaria, Zika, and other mosquito-borne diseases. He released mosquitoes in countries like Sri Lanka, Brazil and Ecuador. The wolbachia method mutated the dengue mosquitoes to become super transmitters of mutated virus strains and now infects up to 100 times more people. The ultimate goal of Bill Gates was to wipe out millions of people in developing countries for his sustainable goals.
ReplyDeleteAnother socialist idiot 😠
Deleteජේ - චක්‍රය නෙමේ ...ජෙපි - චක්‍රය .. මුන් රට දියුණු කරනවා කියල ජාතික සෞඛ්‍ය සේවා ප්‍රතිපාදන කපලා කියලා දන්නේ නැද්ද .. අඩුගානේ හොස්පිටල් වල උනට හෙම්බිරිස්සාවට බෙහෙත් ටික වත් හරියට නැති එකේ ඩෙංගු මර්ධනයට සල්ලීම වෙන් කරයි.. නොදකින් මුන් වගේ පාච ඩෝබි ආණ්ඩුවවක්
ReplyDelete