Jay Shah ආවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හදන්න සාකච්චාවටයි.. Black List කතා කීවේ නෑ..- PMD


 "ක්‍රිකට් නිලවරණය නොපැවැත්වුවහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළු ලැයිස්තුවට ඇතුළත් කරන බවට ICCය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දෙයි" යන මැයෙන් 'ඩේලි මිරර්' පුවත්පත අද (22) පළ කළ ප්‍රධාන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, අදාළ පුවත්පත් වාර්තාවේ කිසිදු සත්‍ය පදනමක් නොමැති අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ශා මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාව හිතාමතාම විකෘති කර ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එම සාකච්ඡාවේදී කිසිදු ආකාරයක අවසාන නිවේදනයක්, තහනම් කිරීමේ තර්ජනයක් හෝ නිලවරණය පැවැත්වීම පිළිබඳ බලපෑම් කිරීමක් සිදු නොවූ බව රජය අවධාරණය කරයි.

ජනාධිපතිවරයා සහ සභාපතිවරයා විසින් 'X' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රසිද්ධියේ තහවුරු කර ඇති පරිදි, එම සාකච්ඡාව මුළුමනින්ම වෙන්වී ඇත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් වැඩසටහන් ප්‍රවර්ධනය මෙන්ම තරුණ ක්‍රීඩකයන්ට ඇති අවස්ථා පුළුල් කිරීම වැනි ධනාත්මක කරුණු පිළිබඳව පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

3 Comments

  1. හොරු සමග හෙලුවෙන්

    ReplyDelete
    Replies
    1. සිරිල් ගාමිණීJune 22, 2026 at 7:07 PM

      ඇයි ජේ ෂා මැදමුලනෙත් ගිහින් ද?

      Delete
Previous Post Next Post