PTA යටතේ සලේගෙන් ප‍්‍රශ්ණ කිරීම කිසිම වරදක් නෑ..- වටගල

 


හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික ප්‍රතිපාදන පනත (PTA) යටතේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමේ කිසිදු වරදක් හෝ නීති විරෝධීභාවයක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අවධාරණය කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් නීතිමය රාමුවට අනුව ඔහු පාලනය වන බවත්, මෙම රඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන අදාළ පනත තුළ පැහැදිලිවම අන්තර්ගත වන බවත්ය.

කෙසේ වෙතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරි කාලයේදී ස්ථිර වශයෙන්ම අවලංගු කිරීමට රජය පියවර ගන්නා බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.

එලෙස පනත සහමුලින්ම ඉවත් කරන තෙක්, දැනට රට තුළ බලපැවැත්වෙන සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ එම නීතිය බලාත්මකව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

8 Comments

  1. අනිවා. ත්‍රස්තවාදියෙක්ගෙන් ප්‍රශ්න කරන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කිසි ප්‍රශ්නයක් නෑ

    ReplyDelete
  2. ‍රාජපක්ෂලාගේ ආණ්ඩුවේ රාජ්‍ය ත්‍රස්තවාදිනායකයා සලේ.රාජපක්ෂලාට විරුද්ධත්වයක් දක්වන පිරිස් එළොව යවන්න කටයුතු කලේ ඔහු බව සත්‍යග්‍රහය තුලින් පෙනෙන බව බුද්ධිමත් ජනතාව දන්නවා .සලේ කල යුත්තේ ඔහුට වන තාඩන පීඩන වලට නීතියානුකූලව මුලික අයිතිවාසිකම් නඩුවක් දැමීම පමණි

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයා ඉතුරුවුනේ කොහොමද?

      Delete
  3. මුන්ම තමයි PTA එකට විරුද්ධව ඛෙරිහන් දුන්නේ.දැන් උන්ඒක පාවිචිචි කරලා විරුද්ධවාදීන් හිරේ දානවා

    ReplyDelete
  4. මෙකේ කොටන සමහර එවුන්ට මොළේ කචල්. ජවිපෙ කියන්නෙත් ත්‍රස්වාදී සංවිධානයක්. Passe තහනම ඉවත් කල. LTTE එක තවමත් තහනම..ජවිපෙ වුණාට අතීතය amathaka. කරන්න එපා.

    ReplyDelete
  5. එතකොට atagala 88 89 මිනිස්සු මරපු එවුන්.

    ReplyDelete
  6. There is no problem in questioning learned Minister, we object the inhuman treatment meted towards him. Dont show the original terrorist face of JVP. That era is gone

    ReplyDelete
  7. awurudu thihakata wadiaya thamange jaya wenuwen thamange pakse dinawanna ratata karanna puluwan tharam kenahelikam karapu jeppo kohomada ban rata wenuwen awurudu 30 dukwinda yudde wenuwen jiwithe kapakarapu weerayekta samana wenne. oya sanita puluwnne sale ochchara loku deyak kale momawa wenuwenda kiyala kiyanna. salli wenuwenda naththm mona wenuwenda?

    ReplyDelete
Previous Post Next Post