බලය පිහිටුවන්න මාලිමාවට සහාය දී පගා ගත් වීඩියෝ එලියට.. SJB මන්ත‍්‍රීන් පහක් ධුරවලින් නෙරපයි..


 බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කළ සමගි ජන බලවේගයට අයත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරවලින් නෙරපා හැරීමට පියවර ගෙන තිබේ.

බුලත්සිංහල ප්‍රාදේශීය සභාව ස්ථාපිත කරන අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරුන් මුදල් ලබාගෙන ඇති බවට බරපතළ චෝදනා එල්ල වී තිබුණි. මෙම දූෂිත ක්‍රියාව සනාථ කෙරෙන සාක්ෂි සහිත වීඩියෝ පටයක් බුලත්සිංහල ප්‍රදේශයේ වැඩවසන ප්‍රසිද්ධ හිමි නමක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී ඇත.

අදාළ දර්ශන සහ හඬ පට මඟින් එම මන්ත්‍රීවරුන් විසින්ම මුදල් ලබාගත් බව සනාථ වී තිබේ. 

මේ සම්බන්ධයෙන් මන්ත්‍රී ජගත් විතාන මහතා විසින් අඛණ්ඩව සිදුකරන ලද විධිමත් විමර්ශනයකින් පසුව, වරදකරුවන් වූ මෙම පිරිස පක්ෂයෙන් සහ ධූරවලින් ඉවත් කිරීමට අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

4 Comments

  1. AI wenna barida? Malimawa dushanayen thorai. Paga deneth naha ganneth naha. Anek paksha wala dushithayo gava ganneth naha.

    ReplyDelete
  2. පගාව අරගත්ත එකා වගේම පගාව දීපු එකාත් කරන්නේ එකම වරදයි. එතකොට දෙදෙනා ටම සමානව දඬුවම් දෙන්න ඕනෑ. නැත්නම් ඔය ආචාර්ය මහාචාරී පට්ටම් බොරුවට පෙන්වා චන්දය ගත්තා වගේ වේවි

    ReplyDelete
    Replies
    1. පලයන් බූරුවෝ යන්න. ඔතන වෙලා තියෙන්නෙ නැති බැරි අහිංසක සජබ මන්ත්‍රීවරයෙකුගේ දුක දැකලා මාලිමාවෙක් කල දානමය ක්‍රියාවක්. ඕක පගාවක් වෙන්නෙ පොහොට්ටුවේ එකෙක් සල්ලි දුන්නනම් විතරයි. දැන් නිතිය කැරකෙන්නේ මාලිමවට ඕන විදියට. තව අවුරුදු 100කට මාලිමාවේ නිතිය තමයි රටේ නිතිය.

      Delete
Previous Post Next Post