කතානායක පත් කල කමිටුවෙන්ම කතානායකට එරෙහි දුෂණ චෝදනා 10ක්...


 වත්මන් කතානායකවරයා විසින් සිදු කර ඇති බව කියන බරපතල මූල්‍ය අවභාවිතයන් සහ පරිපාලන දූෂණ 10ක් ඇතුළත් විමර්ශන වාර්තාවක් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අනාවරණය කර තිබේ.

ඔහු පෙන්වා දුන්නේ කතානායකවරයා විසින්ම පත් කරන ලද විමර්ශන කමිටුවක් මගින් මෙම කරුණු හෙලි වී ඇති බවයි.

උදය ගම්මන්පිල මහතා විසින් හෙළිදරව් කරන ලද ප්‍රධාන චෝදනා 10 මෙසේය.

    1. නිල නිවාස දෙකක් පරිහරණය කිරීම: රජය විසින් ලබා දී ඇති නිල නිවසට අමතරව, ලොරිස් මාවතේ පිහිටි තවත් රජයේ නිවසක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම.

    2. නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයක් කිරීම: කතානායක නිල නිවස 'පාර්ලිමේන්තු පර්යේෂණ මධ්‍යස්ථානයක්' ලෙස පත් කිරීමට කැබිනට් අනුමැතියකින් තොරව නීති විරෝධී තීරණයක් ගැනීම.

    3. පෞද්ගලික නඩත්තු කටයුතු සඳහා පාර්ලිමේන්තු සේවකයින් යෙදවීම: ලොරිස් මාවතේ පිහිටි නිවසේ වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියාව වැනි පෞද්ගලික කටයුතු සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය යොදා ගැනීම.

    4. භාවිතා නොකරන නිවසකට සේවකයින් පත් කිරීම: තමන් පදිංචි නැතැයි පවසන නිල නිවස සඳහා සේවකයින් 8 දෙනෙකු පත් කර ඔවුන් වෙනුවෙන් මසකට රුපියල් 786,000ක වැටුප් රජයේ මුදලින් ගෙවීම.

    5. වයස් සීමාව ඉක්මවූවන් සේවයට ගැනීම: නිල නිවසේ සේවය සඳහා අවුරුදු 73ක සහ 68ක පුද්ගලයින් දෙදෙනෙකු නීති විරෝධී ලෙස බඳවා ගැනීම.

    6. නිලධාරීන් නොමඟ යැවීම: නිල නිවස රැස්වීම් සඳහා භාවිතා නොකරන බව පැවසුවද, එහි විවිධ රැස්වීම් පැවැත්වූ බවට නිලධාරීන් සාක්ෂි ලබා දී තිබීම.

    7. භාණ්ඩ අවභාවිතය: නිල නිවසට අයත් ඇඳ ඇතිරිලි, කොට්ට උර වැනි භාණ්ඩ පෞද්ගලික පරිහරණය සඳහා වෙනත් ස්ථාන කරා රැගෙන යාම.

    8. අනවසර මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යාම: කතානායකවරයා සඳහා නීත්‍යානුකූලව හිමි නොවන පෞද්ගලික මාධ්‍ය ඒකකයක් ස්ථාපිත කර ඒ සඳහා රජයේ උපකරණ මිලදී ගැනීම.

    9. වාහන අවභාවිතය: අදාළ අනවසර මාධ්‍ය ඒකකය සඳහා පාර්ලිමේන්තුවට අයත් NC 4923 දරන වෑන් රථය වෙන් කරවා ගැනීම.

    10. ඉන්ධන දීමනා ද්විත්වයක් ලබා ගැනීම: පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස හිමිවන ඉන්ධන දීමනාව සහ කතානායකවරයා ලෙස හිමිවන ඉන්ධන දීමනාව යන දෙකම එකවර ලබා ගනිමින් රජයේ මුදල් අවභාවිත කිරීම.

මෙම දූෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත්, කතානායකවරයා වැනි වගකිවයුතු තනතුරක සිටින පුද්ගලයෙකු මෙලෙස මහජන මුදල් අවභාවිත කිරීම බරපතල තත්ත්වයක් බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.






Former Minister Exposes Serious Misappropriations and Administrative Corruption in Parliament

The Leader of the Sri Lanka Freedom Party and former Minister Udaya Gammanpila has revealed a critical investigation report detailing ten significant allegations of financial misappropriation and administrative corruption allegedly committed by the current Speaker of Parliament. This report has emerged from an inquiry conducted by a committee appointed by the Speaker himself.

Gammanpila disclosed that the committee's findings highlight serious issues involving misuse of state resources and violations of regulations within the governance structure. The ten major allegations outlined by him include:

1. **Unauthorized Use of Official Residences**: In addition to using the government-provided official residence, the Speaker has reportedly been illegally occupying another government house located on Loris Mawatha.

2. **Conversion of Official Residence into Research Center**: The Speaker unlawfully designated his official residence as a "Parliament Research Center" without obtaining Cabinet approval.

3. **Employment of Parliamentary Staff for Personal Maintenance**: Staff members from Parliament were allegedly employed for personal tasks, such as servicing air conditioning units at the Loris Mawatha residence.

4. **Hiring Staff for an Unused Residence**: Despite claims of not residing in an official home, eight staff members were assigned to an unused official residence, with a total salary payout of LKR 786,000 being covered by state funds.

5. **Employment of Overaged Individuals**: Two persons aged 73 and 68 were allegedly recruited for service at the official residence in violation of legal age restrictions.

6. **Misrepresentation of Official Use**: Although officials claimed the residence was not being used for gatherings, evidence has been provided indicating that various meetings did take place there.

7. **Misuse of Property**: Items such as bedsheets and cookware meant for the official residence were reportedly taken for personal use to other locations.

8. **Operating an Unauthorized Media Unit**: An illegal private media unit was established for the Speaker's benefit, involving the purchase of government equipment without proper authorization.

9. **Misappropriation of Vehicles**: A van registered as NC 4923, belonging to Parliament, was allegedly reserved for the unauthorized media unit.

10. **Double Fuel Allowances**: The Speaker has been accused of misusing government funds by simultaneously receiving fuel allowances both as the District Minister of Polonnaruwa and as Speaker.

Gammanpila emphasized the necessity of action against such unprincipled practices and highlighted his intent to submit a complaint to the Commission to Investigate Allegations of Bribery or Corruption regarding this matter. He remarked that for a person in a responsible position like the Speaker to engage in misuse of public funds represents a grave situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. කම්බ හොරු

    ReplyDelete
  2. කම්බ හොරු

    ReplyDelete
  3. ජයවේවා! .. වංචා දූෂණ හොරු නැති ආණ්ඩුව .. පුංචි අ ### huuuu. oooc.

    ReplyDelete
  4. මුන් ඔක්කොම පන්නන්න ඕනේ.. හාල් පාරු ආණ්ඩුව . වරප්‍රසාද එපා එපා එපා කියලා මිනිස්සු රවට්ටලා බලයට ආපු කාලකන්නි.

    ReplyDelete
  5. එතකොට පාර්ලිමේන්තු නියොජ්‍ය ලෙකම් විසින් කටානායකට කරලා තියෙන චොදනා වලට මොකද වෙන්නේ.මුන්ගෙ ඉස්සර හිටපු කතානායක තාම ජපානෙද?

    ReplyDelete
  6. ආරියතිලක

    දේශපාලනයෙහිදී අනුන් රැවටීම හා තමන්ගේ අධ්‍යාත්මය රවටා ගැනීම..

    අනුන් රැවටීම අශීලාචාර ය. ඊටත් වඩා තමන් රැවටීම බරපතල ය. තමන්ගේ අධ්‍යාත්මය, බොරුවෙන් රවටා ගැනීම සැම අතින් ම භයානක ය. සියලු විපත්වලට මුල එයයි. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය ම ගොඩ නැගී ඇත්තේ රැවටීම මත ය. එයට හේතුව, ජවිපෙ දේශපාලන න්‍යාය වශයෙන් සලකන මාක්ස්-ලෙනින්වාදය නිසාවෙනි. මාක්ස් ලෙනිනවාදයේ මුල ඇත්තේ කාල් මාක්ස්ගේ හා පෙඩ්රික් එංගල්ස්ගේ මිත්‍යා දර්ශනය මත ය. පසු කාලයේ එය විස්තර කිරීමට ලියන ලද පොත්, ලිපි, පුවත් පත් හා ලේඛන මත ය. ඒ දර්ශනය මත පිහිටි ජවිපෙ හා එයට අනුබද්ධ සියලු ක්‍රියාකාරී දේශපාලන සංගම්, කණ්ඩායම්, සංවිධානවල සියලු සාමාජිකයන්ට වූයේ පක්ෂ නායකයන් විසින් උගන්වන ලද, කාල් මාක්ස්ගේ අසත්‍ය දර්ශනය ඉගෙන, “මහත් වටිනා ඇත්තක්” යැයි බොරුවෙන් ම තම අධ්‍යාත්මය රැවටීමට ලක් වීම ය. කාල් මාක්ස්ගේ අසත්‍ය ඉගැන්වීම මත පිහිටි කොමියුනිස්ට්වාදී දේශපාලනය මිත්‍යා සංකල්ප මත ගොඩ නැගුනකි. මෙම මිත්‍යා කොමියුනිස්ට්වාදී දර්ශනය මත පිහිටි, ඊනියා විමුක්තිකාමීන් ලෝකයෙහි මහත් ව්‍යසනයක් ඇති කෙළේ ය. මාක්ස්වාදී දර්ශනය පිළිගත් බොහෝ දෙනා සිතා සිටින්නේ “මාක්ස්ට වඩා දන්න දැනුමැතියෙක් තවත් ලෝකයේ නැත” යයි යන අදහසිනි. ඒ හේතුවෙන් ම ඔවුන්ට සත්‍යවාදී ගවේශනය මඟ හැරී යයි. ඒ හේතුවෙන් ම “අප තමයි හොඳට ම දන්නා අය; අපට වඩා දන්න, අපට වඩා හොඳට යමක් කියන්න, කරන්න දන්න අය තවත් නැත”යයි සිතා මාක්ස්වාදී න්‍යාය පිළිගත් පිරිස සිතා සිටිති. ක්‍රියා කරති. එහි සැබෑ අරුත 1971, හා 1978/88/89 “අති සාර්ථක” යයි උපකල්පනය කොට ඇති කළ ජවිපෙ සංනද්ධ කැරැළි දෙකෙහි අසාර්ථක බව හා එමගින් රටට ජනතාවට කළ විනාශයෙන් පැහැදිලි වනු ඇත.

    ජවිපෙට සාමාජිකයන් බඳවා ගන්නා බලවත් උපාය මාර්ගයක් වූයේ “ඉන්දියානු ව්‍යාප්තවාදය” යන සංකල්පය ය. එයින් ජවිපෙ කියා සිටියේ;

    “අප හදිසියේ ඉක්මණින් ක්‍රියාත්මක නොවුන හොත් ඉංදියාව විසින් අප රට ආර්ථික හා දේශපාලන වශයෙන් ගිල ගන්නා බව ය. අප හැර වෙනත් කුමන ආණ්ඩුවක් තිබුණ ද, මේ ඉන්දියානු බලපෑමෙන් රට බේරා ගැනීමට නො හැකි ය. ඒ නිසා වහ වහා පවතින ආණ්ඩුව පලවා හැර ආණ්ඩු බලය මාක්ස්වාදීන් වන අප අතට ගත යුතු ය. එය කිරීමට නම් පවතින රාජ්‍යයේ පොලිස් හමුදාවට, යුද්ධ හමුදාවට, නාවික හා ගුවන් හමුදාවට, සමස්ත ආරක්ෂක හමුදාවන්ට එරෙහිව සංන්ද්ධව සටන් කොට, පවතින රාජ්‍ය බලය පෙරළා දමා රාජ්‍ය බලය තම අතට ගත යුතු ය. එයට හැර වෙන විකල්පයක නැත; මෙය හැකි ඉක්මනට ම කළ යුතු දේශප්‍රේමීන්ගේ කාර්යක්; එසේ නො වුන හොත් ලඟ ලඟ ම ඉන්දියාව විසින් ලංකාවේ ආර්ථිකය ද දේශපාලන බලය ද අත් පත් කර ගන්නා බැවින්, ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් රට බේරා ගැනීමට වහා ආණ්ඩුවට, රජයට, විරුද්ධ සංනද්ධ වී සටන් කළ යුතු බව ය. ඒ සටන පොඩි පහේ එකක් නො වේ.

    “ මව් බිම නැත්නම් මරණය”
    යන සංකල්පය යටතේ අප සටන් කළ යුතු ය. ඒකරාශි විය යුතු ය.

    මැරුණට කමක් නැහැ; රට බේරා පිණිස ය. අප විසින් විරුද්ධ වාදීන් මැරුවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. අනුන්ගේ ජීවිතවලට තුවාල කරාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. භික්ෂූන් වහන්සේලා ඝාතනය කළාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දළදා මළිගාවට ප්‍රහාර එල්ල කොට දළදා වහ්න්සේ පැහැර ගත්තාට, කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දළදා මාලිගාවේ දේපොළ මංකොල්ල කෑවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. සම්බුද්ධ ශාසනයේ පැවිදි වී ඇති භික්ෂූන් වහන්සේලාගේ සීලය බිඳ ගෙන, අප පක්ෂ සාමාජිකයන් වී රජයට විරුද්ධව කැරළි ගැසුවාට කමක නැහැ; රට බේරා ගැනීම පිණිස ය. රාජ්‍ය දේපොළ දේපොළ, අනුන්ගේ දේපොළ මංකොල්ල කෑවට, ගිනි තැබුවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දෙමාපියන් දුක් මහන්සියෙන් තම ඇස් දෙක වගේ හදාවාඩා ගත් දූ දරුවන්, තම දෙමාපියන්ට අහිමි වුනාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. ඒ දූ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය, අනෙකුත් වෘත්තීය අධ්‍යාපනය අහිමි වුවාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. අප හරි බම්බ කරන්න ඕනෑ නැහැ; අනුන්ගෙන් කා බී ජීවත් වුනාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. කුමන තරම් බොරු කීවාට, බොරු සාක්ෂි දුන්නාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. යමක් කමක් තියෙන් අය තමයි අපගේ සතුරා, යමක් කමක් නැති අය තමයි අපගේ මිතුරා ” යනුවෙන් කියමිනි. උගන්වමිනි.

    ඉන්දියානු ව්‍යාප්තවාදය අසන, දුර දක්නා නුවණ නැති අයගේ ඇඟේ රෝම කෙලින් වී ඇඟේ හිරිගඩු පිපී රටේ අනාගතය ගැන මහත් බියක් ඇති වීම නියත ය. මෙය විශ්වාස කරන කවරෙකු වුව ද රට වෙනුවෙන් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වනවා ඇත. “අපි මොකට ද ජීවත් වෙලා රට නැත්නම්” යන සිතිවිල්ල අනුව ක්‍රියා කරනවා ඇත.




    ReplyDelete
  7. ඉතිරි කොටස…

    ආරියතිලක

    ජනතා විමුක්ති පෙරමුණ 1971 හා 1987/88/89 ජවිපෙ කැරළි දෙකට සාමාජිකයන් බදවා ගත්තේ හා වහ වහා සංනද්ධ කැරල්ල උස්සන්න කළ එක හේතුවක් ලෙස, ජවිපෙ තම පල්ෂ සාමාජිකයන්ට කියා සිටියේ ඉන්දියාවෙන් රට බේරා ගැනීමට ය. 87/88/89 කැරැල්ල එයට උදාහණයක් ලෙස, ඉංදු ලංකා ගිවිසුම හා ඒ අනුව ඉන්දියන් හමුදාව උතුරු නැගනහිර පාළාත් දෙකට පැමිණීම, පළාත් සභා ක්‍රමය ගෙන හැර දැක්වී ය.


    1971 සංනද්ධ කැරැල්ල හා 87´/88´/89´ කැරැල්ල යන ජවිපෙ කැරළි දෙක ම එවකට පැවැති රජය විසින් මරදනය කළහ. නමුත් ඉන්දියාව අප රට යටත් කළේ නැත. ජවිපෙ කොරහේ පෙන්නපු කිඹුලා බොරු විය. ඉන්දියාවේ යටි අදහස් අනුව දේශපාලන සැලැස්මක් ලංකා භූමිය සම්බන්ධව තිබිය හැක්කේ ය. ඒ ඉන්දීය සම්බවය ලත් වතු ආශ්‍රීත දෙමළ ජනයා හරහා ය.
    ජවිපෙ කියන ලද ඉංදියානු ව්‍යාප්තවාදය නැමැති බොරුව අද පුස්සක් වී ඇත. එය සත්‍ය නම් කැරළි පරාද වීම හේතුවෙන් රට ඉන්දියාව විසින් යටත් (අඩුම වශයෙන් ආර්ථික හා දේශපාලන වශයෙන්) රාජ්‍යයක් බවට පත් වී තිබිය යුතු ය. ජවිපෙ රාජද්‍රෝහී කැරැළි දෙක රටට ජනතාවට මහත් විනාශයක් ඉතිරි කළේ ය.


    “ මව් බිම නැත්නම් මරණය” යන ජවිපෙ මෙම සංකල්පය කියුබානු රාජ්‍යයේ නිල ජාතික ආදර්ශ පාඨය අනුව ගත් බව පෙනේ කිව්බාවේ නිල ජාතික ආදර්ශ පාඨය වනුයේ "Patria o Muerte, Venceremos" ("Homeland or Death, We Shall Overcome!")
    යන්නයි, එහි තේරුම "නිජබිම හෝ මරණය, අපි ජය ගනිමු!" යන්නයි.

    අධ්‍යාත්මික (spiritual) හිඟන්නන්ට මාක්ස්වාදය රඟමඩලක් බව පැහැදිලි ය.

    ReplyDelete
Previous Post Next Post