ඕස්ට්‍රේලියානු ණය දෙන ආයතනයක් වන 'Export Finance Australia' වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරික මුදලක් වංචනික ගිණුම් වෙත යොමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු අසත්‍ය සහ අසම්පූර්ණ කරුණු නිවැරදි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
මහ බැංකුව පෙන්වා දෙන්නේ අදාළ මුදල් වංචනිකයන්ගේ ගිණුම් වෙත හැරවීමට මූලිකම හේතුව මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපැල් පද්ධතියට එල්ල වූ සයිබර් බලපෑමක් හරහා සකස් වූ ව්‍යාජ ගෙවීම් උපදෙස් බවයි.
ඕස්ට්‍රේලියානු ණය දෙන ආයතනය සමඟ 2025 ඔක්තෝබර් 27 දින අලුතින් අත්සන් කරන ලද ණය ගිවිසුම් මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව සතුව තිබියදීත්, ලැබුණු ඉන්වොයිසිවල සඳහන් බැංකු ගිණුම් විස්තර එකී මූලික ගිවිසුම් සමඟ සසඳා බලා නිවැරදි භාවය තහවුරු කිරීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කටයුතු කර නැත. රජයේ බැංකුකරු ලෙස මහ බැංකුවේ මුදල් දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය මගින් අනුමත කර එවන ලද ගෙවීම් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණි.
මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ඉන්වොයිසියක ප්‍රතිග්‍රාහක බැංකු විස්තර වෙනත් ප්‍රාන්තයක පිහිටි බැංකුවක් ලෙස සටහන්ව තිබීම හේතුවෙන්, ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (AML) නීතිමය පසුබිම යටතේ අදාළ ගෙවීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බව මහ බැංකුවේ මුදල් දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශයට පූර්වයෙන් දැනුම් දී තිබුණි. ණය හිමියාගෙන් ඍජුවම නිවැරදි ගිණුම් විස්තර තහවුරු කරගන්නා ලෙස උපදෙස් දුන්නද, මුදල් අමාත්‍යාංශය ඍජු තහවුරු කිරීමක් සිදු නොකර ව්‍යාජ මුලාශ්‍රය මතම විශ්වාසය තබා කටයුතු කර ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙයි.
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මගින් ස්ථාපිත කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) වෙනුවෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව (PDD) විසින් පූර්ණ පුහුණුවක් ලබා දී තිබුණි. මෙම පුහුණුවෙන් පසු, 2025 ඔක්තෝබර් 24 දින සිට PDMO නිලධාරීන් විසින්ම තමන්ගේම පරිශීලක ගිණුම් භාවිත කරමින් NRM පද්ධතිය තුළ ස්වාධීනව Standard Settlement Instructions (SSIs) සකස් කිරීම සහ ගනුදෙනු ඇතුළත් කිරීම සිදු කර ඇත. එබැවින් මෙම ගනුදෙනු මහ බැංකුවේ ඍජු අධීක්ෂණය හෝ අනුමැතිය යටතේ සිදු වූවක් බවට මුදල් අමාත්‍යාංශය කරන ප්‍රකාශ අසත්‍ය බව මහ බැංකුවේ පද්ධතිමය සටහන් (System Logs) ඇසුරින් සනාථ කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ, රාජ්‍ය විදේශ ණය සේවාවන් ඉටු කිරීමේදී රජයේ බැංකුකරු ලෙස තමන් සැමවිටම කැපවීමෙන් කටයුතු කර ඇති බවයි. මෙම අරමුදල් වෙනතකට යොමුවීමේ සිදුවීම මහ බැංකුවේ ක්‍රියාවලියක්, පුහුණුවක් හෝ පද්ධතිමය දෝෂයක් නිසා සිදු වූවක් නොව, මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර සත්‍යාපන ක්‍රියාවලියේ සහ පාලන ව්‍යූහයේ පැවති බරපතල බිඳවැටීම නිසා සිදු වූවක් බව මහ බැංකුව COPF කාරක සභාව හමුවේ අවධාරණය කර සිටියි.
1. මුදල්
අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන
පද්ධති බිඳවැටීම:
මෙම
මූල්‍ය වංචාව සිදුවීමට සෘජුවම
බලපා ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ
විද්‍යුත්
තැපැල් පද්ධතිය
බිඳවැටීම සහ එහි නිලධාරීන්ගේ
දැඩි නොසලකා හැරීම බව මහ බැංකුව
පෙන්වා දෙයි.
ගෙවීම් උපදෙස් නිකුත් කිරීමට පෙර ඒවා මුල් ලේඛන සමඟ සැසඳීමට අමාත්‍යාංශ නිලධාරීන් අපොහොසත් වී ඇති අතර, වංචනිකයන් විසින් එවන ලද වෙනස් කරන ලද උපදෙස් නිවැරදි යැයි උපකල්පනය කරමින් ඔවුන් කටයුතු කර ඇති බව මහ බැංකුව චෝදනා කරයි.
2. මහ
බැංකුවේ අධීක්ෂණය පිළිබඳ
සාවද්‍ය ප්‍රකාශ:
අදාළ
වංචාව සිදුවන අවස්ථාවේදී
රජයේ ණය කළමනාකරණ ඒකකය මහ
බැංකුවේ අධීක්ෂණය යටතේ පැවති
බවට මුදල් අමාත්‍යාංශය කළ
ප්‍රකාශය මහ බැංකුව සහමුලින්ම
ප්‍රතික්ෂේප කරයි. 2025
ඔක්තෝබර්
මාසයේ සිට එම ඒකකය මුදල්
අමාත්‍යාංශය යටතේ ස්වාධීනව
ක්‍රියාත්මක වූ බවත්,
එහි සියලු
ගනුදෙනු සහ අනුමත කිරීම්
අමාත්‍යාංශ නිලධාරීන් විසින්ම
සිදු කර ඇති බවත් මහ බැංකුව
පවසයි. ඒ
සඳහා අවශ්‍ය පුහුණුව සහ තාක්ෂණික
සහාය මහ බැංකුව විසින් කලින්ම
ලබා දී තිබූ බව ද එහි සඳහන්
වේ.
3. අනතුරු
ඇඟවීම් නොසලකා හැරීම:
මෙම
ගනුදෙනුවේදී ප්‍රතිලාභියාගේ
ලිපිනයන් වෙනස් වීම පිළිබඳව
මහ බැංකු නිලධාරීන් විසින්
මුදල් අමාත්‍යාංශය වෙත සැක
මතු කර තිබුණද, අමාත්‍යාංශය
එම අනතුරු ඇඟවීම් නොසලකා හැර
වංචනික මූලාශ්‍රවලින් තොරතුරු
ලබාගෙන ගනුදෙනුව ඉදිරියට ගෙන
ගොස් ඇති බව වාර්තාවේ දැක්වේ.
මුදල්
විශුද්ධිකරණය වැළැක්වීමේ
වගකීම මහ බැංකුව පැහැර හැර
ඇති බවට කරන චෝදනාව "නීතිමය
වශයෙන් පදනම් විරහිත"
එකක් බව මහ
බැංකුව අවධාරණය කරයි.
4. ගෙවීම්
ප්‍රතික්ෂේප වීම පිළිබඳ අසත්‍ය
තොරතුරු:
අදාළ
ගෙවීම් වාර තුනකදී ප්‍රතික්ෂේප
වූ බවට මුදල් අමාත්‍යාංශය කළ
ප්‍රකාශය ද මහ බැංකුව ප්‍රතික්ෂේප
කරයි. බැංකු
පද්ධති වාර්තා අනුව එවැනි
සිදුවීමක් වී නොමැති බවත්,
අමාත්‍යාංශය
සත්‍ය තත්ත්වය වසන් කරමින්
කරුණු විකෘති කිරීමට උත්සාහ
කරන බවත් මහ බැංකුව පවසයි.
5. මහ
බැංකුවේ භූමිකාව:
මහ
බැංකුව රජයේ බැංකුකරු ලෙස
ක්‍රියා කරන අතර, මුදල්
අමාත්‍යාංශය විසින් ලබා දෙන
නිවැරදි සහ වලංගු ගෙවීම්
උපදෙස් ක්‍රියාත්මක කිරීම
පමණක් මහ බැංකුවේ වගකීම බව
මෙහිදී සිහිපත් කර ඇත.
ගෙවීම්
උපදෙස්වල නිරවද්‍යතාව සහ
සත්‍යතාව තහවුරු කිරීමේ පූර්ණ
වගකීම මුදල් අමාත්‍යාංශය සතු
බව මහ බැංකුව සිය වාර්තාව
මගින් අවධාරණය කර සිටී.
අදාල වාර්තාව මෙතනින්..
Sri Lanka Central Bank Reports on USD 2.5 Million Fraud Incident Linked to Ministry of Finance
The Central Bank of Sri Lanka (CBSL) has submitted a special report to the Committee on Public Finance (COPF) addressing the fraudulent diversion of approximately USD 2.5 million in foreign loan payments payable to 'Export Finance Australia'. This follows the Ministry of Finance's submission of a report that included false and incomplete information regarding the incident.
The CBSL highlighted that the primary cause of the funds being redirected to fraudulent accounts stemmed from a cyber attack on the electronic mail system of the Ministry of Finance, which manipulated payment instructions.
Despite recent loan agreements signed with the Australian institution on October 27, 2025, where relevant invoice details were stored in the Ministry's External Resources Department, officials failed to cross-check these with primary contract details to ensure their validity. The CBSL pointed out that, as the government banker, it had only executed payment instructions that were approved and sent over by the Ministry.
Additionally, an invoice submitted by the Ministry had indicated the beneficiary’s bank details incorrectly, which raised concerns about potential issues under international anti-money laundering (AML) regulations. CBSL officials had previously warned the Ministry about the risks associated with such payments. Although the Ministry was advised to verify the correct bank details directly with the lender, it opted not to and proceeded based on manipulated instructions.
Since October 24, 2025, following comprehensive training provided by the CBSL’s Public Debt Department (PDD) on behalf of the newly established Public Debt Management Office (PDMO), officials have independently created Standard Settlement Instructions (SSIs) within the NRM system. Consequently, the Ministry's claims that these transactions occurred under the direct supervision or approval of the CBSL have been debunked by the bank's system logs.
The CBSL reiterated its unwavering commitment to executing government foreign debt services as the government banker. They assert that the incident involving the misallocation of funds resulted from significant failures within the Ministry’s internal verification processes and governance framework, not due to any procedural, training, or system errors within the Central Bank.
1. Breakdown of Internal Control Systems in the Ministry:
This financial fraud was directly facilitated by the collapse of the electronic mail system in the Ministry’s External Resources Department and the gross negligence of its officials, according to the CBSL.
Ministry officials failed to cross-reference payment instructions with original documents before issuing them, acting under the mistaken belief that manipulated instructions from fraudsters were legitimate, something the CBSL criticizes.
2. Inaccurate Claims Regarding Oversight by the Central Bank:
The Ministry’s claim that the government debt management unit was under the monitoring of the Central Bank at the time of the fraud is outrightly rejected by the CBSL. The unit has been operating independently under the Ministry since October 2025, with all transactions and approvals carried out exclusively by Ministry officials, the Central Bank confirms.
3. Ignoring Warning Signs:
During the transaction, CBSL officials had raised suspicions regarding changes to the beneficiary's bank details, but the Ministry disregarded these warnings and proceeded with the fraudulent sources' information, as the report indicates.
4. False Information Regarding Payment Rejections:
The CBSL disputes the Ministry's claim that payments were rejected on three occasions. According to banking system reports, no such incidents occurred, indicating that the Ministry has attempted to distort facts by concealing the true situation.
5. Role of the Central Bank:
The Central Bank operates as the government banker and emphasizes that its sole responsibility is to implement valid and legitimate payment instructions provided by the Ministry. It highlights that the Ministry bears full responsibility for verifying the accuracy and authenticity of payment instructions.
For more detailed insights, refer to the full report here.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නන්දලාල් සග හර්සණ එකතු වෙලා සල්ලි මාටියා ගහල දැන් මෝඩ ගොබිලො රවට්ටන්න බෙදිල ඇරගන්නවා. ඕකුන්ගෙ ගිණුම් සහ දේපොළ පරීක්ශා කොරපල්ල
ReplyDeleteAPE MUDAL AMATHI KAWDA
DeleteSALLI KOLAWALA KANA ATHSANA GAHAN NATHUWA
KALANI BATCHA ELAWAPAN DANWATH
මේ අමාත්‍යාංශයට පැමිණිලි කරන්න අභ්‍යන්තර කටයුතු ඒකකයක් සහ විද්‍යුත් ලිපිනයක් තියනවා, දූෂණ ගැන හෝ වෙනයම් දෙයක් ගැන පැමිණිලි කලත් බලන් නැහැ, අපි ජනාධිපතිට ද බණින්න ඔන, වෙබ් පිටුව පරීක්ෂා කර බලන්න, මොකද මෙකේ ඉන්න එක ලොක්කියක් කියලා හිතන් ඉන්න අය සියල්ල දත් කියලා හිතාගෙන අනිත් අයටත් උඩින් යන්න හදන්නේ, මොන ආණ්ඩුව තිබ්බත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන් ජනතාවට දන්වන්න තියන දේවල් නැති කිරීම කොහොමත් සුදුසු නැහැ. සොයා බලන්න
Deleteමේ මුදල් වංචාව අනිවාර්යෙන්ම දැනුවත්ව සිදු කරපු දෙයක්. මොකද ගෙවීම් අංශ වල අය අනිවාර්යෙන්ම ගෙවිය යුතු අයගේ ඊමේල්, ගිණුම්, ගිණුම් තියෙන රටවල්, බැංකු අකුරෙන් අකුරට, නැත්තන් ඉලක්කමෙන් ඉලක්කමට, වෙන වෙනම පරීක්ශා කරලා බලනවා. මොකක්ම හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් වහාම ඉහල තනතුරු වලට දැනුවත් කරනවා. බැංකුවකට වැස්සකට හරි ගියපු අය මේක පොඩ්ඩක් හරි තේරුම් ගනීවි. හැම නිතරම ඊමේල්, ලියුම්, ගෙවීම් කරන්න ඕන අයගේ විස්තර ගැන සැකයෙන් බලන්න තමයි පුරුදු කරන්නේ. ඉතින් භාන්ඩාගාරේ ගෙවීම් අංශ වල ඉන්නේ මී හරක් කියලද මේ කියන්නේ?
Deleteමෙයාලා නිදහසට කියන්නේ Microsoft Exchange Servers පරණයි, ඒ නිසා ඒක හැක් වෙලා කියලා. තනිකර බොරු.
එහෙම මේල් සර්වර් හැක් කරන්න බැහැ Clientට එන ඊමේල් එකකින්.
මෙතන එහෙම දෙයක් උනා නම්, මේ සිද්ධිය ගැන පොලීසියට වාර්ථා කරපු රංග රාජපක්ශ කියන භාණ්ඩාගාර නිළධාරියාගේ බල නහර කපන්න ඕන නැහැ.
දැන් අපිට තියෙන එකම ප්‍රශ්ණේ, ඔය පිට කරපු ඩොලර් මිලියන 2.5 (රුපියල් කෝටි 85)න් මෙයාලා ගෙව්වේ මොන හේතුවටද කියන එක.
mADA HORUALLANNA
DeletePATTA HOREK DAMMA
පච ලප කොට ඇතුළු 159 අස්වෙලා පල මිනිමරු ආණ්ඩුව
ReplyDeleteතොපි ඔක්කොම වැඩ බැරි ජේ.වී.පී. ත්‍රස්තවාදීන් සමඟ එකතුවෙලා මහජන මුදල් මංකොල්ලා කාලා දැන් නීතියෙන් ගැලවෙන්න, ජනතාව අන්දවන්න එකාට එකා බෝලේ පාස්කරගනිල්ලා. මහජන මුදලින් නඩත්තු වෙමින් රටට, ජනතාවට තොපි කරපු, කරන සාගහන අපරාධ වල, මහා පාපකර්ම වල විපාක තොපි හැම එකාටම, තොපේ පරම්පරා ගානකට විඳින්න සිදුවන බව සිහිකරගෙන හිටපල්ලා 😡🤮
ReplyDeleteමමත් තොරතුරු තාක්ශන කලමනාකරුවෙක්. මේ ගැන මට අවස්තා දෙකක අත්දැම් තියෙනවා. එකක් රුපියල් ලක්ශ හැටක් අනිත් එක ලක්ශ එකසිය අසූපහක්. එක්ස්චේන්ග් සර්වර් එක අප්ඩේට් හෝ නොවේ... මේවගේ සිදුවීම් පාලනය කරන්න බෑ යූසර් කියන දේ අහන්නේ නැත්තම්. මගේ කේස් දෙකේදීම යූසර් එහෙම නැත්තම් පේමන්ට් එක කරපු එකී අදාල ස්කෑමර්ට රෙස්පොන්ඩ් කලා... ඌ එවපු ලින්ක් එක එක ඇක්සෙප්ට් කරා. ස්කෑමර් කනක්ටර් එකක් හදාගත්තා මෛල් අවුට්ලුක් එකේ. ඔරිජිනල් සෙන්ඩර්ගේ මේල් ඩිලීට් බොක්ස් එකට යවන්න රූල් එකක් හැදුවා. ඊටපස්සේ මේල් කොමුයුනිකේශන් එක ගියේ ඌත් එක්ක. මම සෑම් මාසයකම ඇඩ්වයිසරි මේල් දැම්මා කොහොමද මුන්ගෙන් ආරක්ශා වෙන්නේ කියලා. අපේ උන් ඒ මේල් ගනන් ගන්නේ නෑ. අවසානයේදී ලක්ශ ගානක් ෞන්ට පිදුවා. තනිකරම යූසර්ගේ වරද.
ReplyDeletesaying frankly... i also reaponsible. because i could have to check suspicious connectors feim my mail server. evwry week ... monthly i sent warning mail to all 98 usrs. genarally mail users are not caring those emails since they receive more than hundred mails daily.but finance related matters users should bw more vigilant than other users.
Deleteඋඹ අත උස්සලා තොරතුරු තාක්ශනේ තෝර ගත්තු එකෙක්ද? ගෙවීමක් කරන්න කලින් ඊමේල් අකුරෙන් අකුරට පරීක්ශා කරලා බලන්න කියන එක තේරෙන්නෙ නෑ ද? ස්පෑම්, වෛරස් ගැන මෙලෝක හසරක් දන්නෙ නැද්ද? අපි අදටත් ගෙවීමක් කරනකොට අනිත් එකාගේ ගිණුම් අංකය පවා ඉලක්කමෙන් ඉලක්කමට දෙතුන් වතාවක් පරීක්ශා කරන්නේ නැද්ද? ඔය වගේ මෝඩයන්ව ඔය ගෙවීම් අංශ වලට දාගෙන ඉන්නේ ඔලුවක් කියල ජාතියක් දැකල වත් නැති උන්ද?
Delete
ReplyDeleteරහසිගත තුන්වන කැරැල්ලකට
ආයුධ මිළ දී ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) මුදල, ජවිපෙ කාඩරයන් අතට පත් වූවා ද?
ආයුධ සංනද්ධ සටනකදී ප්‍රධාන දේ අතර ආයුධ එක් ප්‍රධාන සාධකයකි. මේ කාලයේ නම් ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය, විවිධ ආකාරයේ යුධ, ගුවන්, නාවික පීඩාකාරී ගිනි අවි හා සනිවේදන උපකරණ භාවිතා කෙරේ. තිබෙන ආයුධ ප්‍රමාණය හා ආයුධවල බල දුබල බව මත, සටනෙහි ජය පැරදුම තීරණය වනවා ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය ඇතුලත 1948 නිදහසින් පසු සංනද්ධ කැරැළි තුනක් ඇති විය. ඒ කැරැළි 3 ම අති කළේ ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව ය. රාජ්‍ය බලය පැහැර ගැනීමට ය. දේශපූරණත්වය උල්ලංඝනය කිරීම පිණිස ය.
1. 1971 ජනතා විමුක්ති පෙරමුණ සංන්ද්ධ කැරැල්ල,
2. 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ සංන්ද්ධ කැරැල්ල,
3. එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ කැරැල්ල.
මේ කැරළි තුන ම කැරැළි කරුවන් පරාද වූයේ, රාජ්‍යයේ ත්‍රිවිධ ඇතුලු සියලු ආරක්ෂක හමුදාව සමඟ සටන් කිරීමට තරම් ප්‍රබල ආයුධ තොග නොමැති වීම ය.
රාජ්‍ය විරෝධී සංනද්ධ කැරළි දෙකක් මෙහෙයවා ඇති ජනතා විමුක්ති පෙරමුණ, හොඳාකාරයෙන් ම, එම 1971 හා 1987/88/89 කැරළි දෙක පරාද වීමට හේතුව, ආයුධ සංනද්ධ භාවයේ දුබල කම බව මනා කොට දන්නවා ඇත.
ජානතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන මේ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට දී ඇති බලය තාවකාලික ය. මාක්ස්-ලෙනින්වාදී දේශපාලන පක්ෂ, තාවකාලික ආණ්ඩු හදන ක්‍රමයක් බලාපොරොත්තු නො වේ. එවැනි ඉගැන්වීමක් මාක්ස්- ලෙනින්වාදයේ නැත්තේ ය. ජනාධිපතිවරයා හා ආණ්ඩුව, දැනට ඇති දේශපාලන රාමුව ඇතුලත රාජ්‍ය බලය මෙහෙය වන්නේ, ආණ්ඩු බලය හා රාජ්‍ය බලය යන දෙක ම මාක්ස් ලෙනින්වාදී පාලනයකට ඉදිරියේ ගෙන ඒමේ පරම බලාපොරොත්තුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය මාක්ස් අනුමත නො කරයි. කොමියුනිස්ට්වාදී තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් පමණක් කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී.අයි. ලෙනින්, ලියෝන් ට්‍රොස්කි යන කොමියුනිස්ට් න්‍යායාචාර්යවරුගේ ඉගැන්වීම ය.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ ප්‍රකාරව බලයට පත් වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට, තම අභිමතය අනුව තනි කොමියුනිස්ට්වාදී පක්ෂ ක්‍රමය ඇති කිරීමට නීතියෙන් ඉඩක් නැත. ඒ සඳහා ඇත්තේ ක්‍රියා මාර්ග දෙකක් පමණ ය. එනම්:-
1. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමෙන් ආණ්ඩු පක්ෂය හැර, අනෙක් දේශපාලන පක්ෂ බල රහිත වන ලෙස විශේෂිත බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කොට ජනමත විචාරණයකින් අනුමත කර ගැනීම හෝ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම පරිච්ඡින්න කොට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, විශේෂ බහුතරයෙන් සම්මත කොට, ජනමත විචාරණයකින් අනුමත කර ගැනීම; හෝ
2. ආයුධ සංනද්ධ කැරැල්ලක් මගින් රාජ්‍ය බලය පෙරළා දමා රාජ්‍ය බලය අත්පත් කර ගැනීම, හෝ
යන කරුණු දෙක මත කොමියුනිස්ට්වාදී තනි දේශපාලන් පක්ෂ ක්‍රමයක් ඇති, පාලනයක් ඇති කර ගහ හැක.
මේ ක්‍රම දෙකෙන් ප්‍රථම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බාධක දෙකක් ඇති කරයි.
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පත, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත් නොහළ හැකි වගන්ති හා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ප්‍රකාරව ද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ද,
ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR) ද යන අන්තර් ජාතික සම්මුතීන්ට එකඟ විය යුතු ය. එසේ නො වන බවට ආණ්ඩුව වග බලා ගත යුතු ය. එයට පිටින් ක්‍රියා කිරීමකදී, සෑම පුරවැසියෙකුට ම එය අභියෝගයට ලක් කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිත්වාසිකම් පෙත්සමක් ගොනු කොට කරුණු කියත හැක. එමගින් නීතියට පටහැනි සංශෝධන ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කරවා ගත හැක. එය තනි කොමියුනිස්ට්වාදී තන දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති කරලීමට බාධා පිණිස පවතී.
ආරියතිලක
Deleteරහසිගත තුන්වන කැරැල්ලකට

පල් හෑලි ලියන්න එපා පකෝ
Deleteඉතිරි කොටස ....
ReplyDeleteආරියතිලක
අධිකරණ විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුවේ සැලැස්ම මේ සමඟ බැදී ඇති බව අප විසින් ලියන ලද, “විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනාවෙහි සැබෑ අරුත කුමක් විය හැකිද?” ලිපියෙන් පැහැදිලි කර ඇත්තේ ය.
2. ජනමත විචාරණයකින් ආණ්ඩුවට දිනීම ද ලෙහෙසි නැත. දෙන ලද මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට නො හැකි වීමෙන් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට භාජනය වී ඇත. එයට පිළියමක් ලෙස, ආණ්ඩුව කඳුරට වතු දෙමළ ජනතාව ද මුස්ලිම් හනතාව ද, උතුරු නැගනහිර දෙමළ ජන්තාව ද, කතෝලික ජනතාව ද උපක්‍රම ශීලීව එකාරාශි කිරීමට උත්සාහ කරන බව අපගේ අදහස ය.
නැවත සංනද්ධ කැරැල්ලක් ඇති කිරීමට අවි ආයුධ නොමැති කම;
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට දී ඇති සීමිත කාල ජනවරමේ බලය ඇතුලත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මාක්සවාදී න්‍යායට අනුගත ලෙස සංශෝධනය කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම හෝ නො කළ හැකි වුව හොත්, ඉතිරිව ඇත්තේ කවදා හෝ නැවත ආයුධ සංන්ද්ධ කැරැල්ලකින් බලය ඩැහැ ගැනීම ය.
එයට ඇති එක ප්‍රධාන බාධකයක් වනුයේ ආයුධ නැති කම ය. එයට විසදුම් සේවීමට නම් අවි ආයුධ ගැනීමට මුදල් තිබිය යුතු ය. ආයුධ සංනද්ධ කැරැල්ලක් නැවත ඇති කිරීමට ආයුධ මිල දී ගැනීමට මුදල් ප්‍රතිපාදන උපයා ගැනීම පිණිස,ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරික මුදල වංචනික ගිණුම් වෙත යොමුවීමේ සිදුවීම, ජවිපෙ කාඩරයන් වෙත යොමු වූවාදැයි සැක සහිත ය. එම මුදල ජවිපෙ කාඩරයන් අතට පත් වූයේ නම් එමගින් ආයුධ මිලට ගෙන, කන්ටේනර් 323 ක් රේගු භාරයෙන් වංචනික ලෙස පිට කළ ආකරයෙන් හෝ ඊට සමාන ආකාරයකින් හෝ ජවිපෙ සාමාජිකයන් අතට පත් කර ගැත හැකි වෙනවා ඇත. ජවිපෙ දේශපාලන ඉතිහාසය අතිශයින් ම සැක සහිත ය. අවිශ්වාස ය. ආයුධ මිළ දී ගැනීමට, රහසිගත තුන්වන කැරැල්ලකට එය ඉතා ප්‍රයෝජනවත් නො වේ යයි කාට නම් කිව හැකි ද?