මීගමුවෙන් බූස්සට අරන් ගිය රැදවියෙක් මරුට... රෝහලේ සිටින 20කට බරපතලයි..


මීගමුව බන්ධනාගාරයේ හටගත් දරුණු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, බූස්ස බන්ධනාගාරයට මාරු කළ අදාළ රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම දරුණු ගැටුමෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 17 දෙනෙකු ඇතුළු 27 දෙනෙකුට දිවි අහිමි වී ඇත.

තුවාල ලැබූ රැඳවියන් සහ නිලධාරීන් සංඛ්‍යාව 100කට ආසන්න වන අතර, ඉන් 20 දෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ආරක්ෂක අංශ සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ගැටුමට සම්බන්ධ වූ රැඳවියන් අතිශය ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාර නිලධාරීන්ගේ හිසට විශාල ගල් අතහැරීම වැනි දරුණු ප්‍රහාර එල්ල කර ඇති බවයි.

තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙකු දිවයිනේ විවිධ බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම ගැටුම මෙහෙයවූ බවට සැක කෙරෙන 'කටුවැල්ලේගම සුරේෂ්' නමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ පිරිසට ඇතුළත් වේ.

බන්ධනාගාර පද්ධතිය තුළ උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ සියලු බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.





Inmate Dies Following Transfer Amid Riot at Meegamuwa Prison

A recent outbreak of violence at Meegamuwa Prison has led to the death of an inmate who was transferred to Boossa Prison. The inmate succumbed to his injuries after being admitted to the Karapitiya Hospital due to a sudden health crisis, confirmed A.C. Gajanayake, the prison media spokesperson.

The intense conflict that erupted within Meegamuwa Prison resulted in the loss of life for 27 individuals, including seven officials from the special operations unit and 17 inmates.

Hospital sources indicate that nearly 100 individuals, comprising both inmates and officers, sustained injuries, with 20 of those injuries reported as severe.

Initial investigations by security forces revealed that the altercation involved inmates behaving exceptionally violently, launching heavy stones at prison officers, indicative of the brutal attacks during the riot.

In a move to regain control, authorities have decided to transfer a total of 1,033 inmates from Meegamuwa Prison to various facilities across the country.

Among those transferred is a suspect linked to orchestrating the unrest, identified as 'Katuwella Gam Surresh.'

In light of the recent turmoil within the prison system, a special meeting has been convened today, gathering senior officials from all prisons nationwide to discuss the unfolding situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. me dawas tika cover karagathathahaki


    siril gaminige SALey NATAKETH IWARAY

    ReplyDelete
  2. තැන වෙනස් කරල මිනීමරනවා

    ReplyDelete
  3. මරණිය දණ්ඩනය දෙන්වා නඩු හබ අවසානයේදී...ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ...හැබයි නඩුවලින් පිටදී මරණ දණ්ඩනය ලබා දෙනවා ක්‍රම කිහිපයකට. ඒ හැම ක්රම්යකදිම සැකකරු විසින්ම තාගේ මරණය සිදු කරගැනීම ඇති විශේෂ ලක්ෂණයක්.

    උදාහරන:
    1. පොලිසිය ආයුද පෙන්නන්න එක්ක යනවා...ගංගා ඇල දොල තරණය කරලා...ඒ යනකොට සැකකරුවන් ජලයට වැටිලා පීනන්න බැරුව දියේ ගිලි අවසන් ගමන් යනවා...
    2. එහෙම තිනම් ආයුද පෙන්නන්න ගිහිල්ල එතන තිබුන ආයුදයක් අරගෙන පොලිසියට ප්‍රහාරයක් එල්ල කරලා පොලිසිය පෙරලා ප්‍රතිප්‍රහරක් එල්ල කරලා සැකකරු ඉස්පිරිතාලෙට ඇතුල් කරට පස්සේ ජිවිතක්ෂයට පත් වෙනවා...
    3. සැකකරුව පොලිසුය ඇතුලෙදි අබිරහස් ලෙස එල්ලිලා මැරෙනවා
    4. සැකකරුව හිර ගෙදර සිට බන්දනාගාර බස් රථයෙන් උසාවියට ගෙනයද්දී මග රක සිටි ප්‍රතිවිරුද්ද පාතාල කණ්ඩායමක් (හැක හැක) විසින් ප්‍රහාරක් එල්ල කොට සැකකරු මර දමනවා.
    5. සැකකරු පොලිස්යේ සිට මහේස්තත් උසාවියට ගෙනයමින් සිටියදී පොලිස් ජීප් රියෙන් පන පල යාමට තත් කිරීමේදී හිස් පොළොවේ හෝ අසල තිබුන ගසක හෝ කණුවක හෝ පාලමක වටක වැඩි ජිවිතක්ෂයට පත් වෙනවා.
    6. සැකරුවන් හතරවෙන් තට්ටුවෙන් පහලට පැන පලායාමට තකිරිමේදී බිමට වැටී එතනම මරණයට පත් වෙනවා.
    7. සැකකරුව පොලිසුයෙන් ලුහු බදිද්දී එයට බියවී පන ගොස් කාලයේදී ගසක එල්ලී සිට ජීවිතය නිරුද්දවූ ශරීර සොයා ගැනෙනවා
    8. සමහර අවස්ථාවලදී සැකකරු අබිරහස් ලෙස පරණය නිරුද්දවී ගගේ පාවෙලා එනවා මිනිස්සු දැකල පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව සිරුර ගොඩගෙන ප්‍රකශන කරනවා
    9. පෙළක් වෙලාවට සැකකරු විසින්ම තමන්ගේ ඇත පය කපගෙනෙ මැරිලා වැටී සිට සිරුර හමු වෙනවා.
    10. අනෙකුත් අවසතවලදී පොලිසියෙන් බේරීමට දුව යද්දී ආදී 50-70ක ප්‍රපාතයකින් වැටී ජිවිතක්ෂයට පත්වී සිරුඅ සොයා ගැනෙනවා
    11. මෙන්න තව ක්‍රමයක්...බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, බූස්ස බන්ධනාගාරයට මාරු කළ අදාළ රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. Another way is cutting by himself. Like the recent death of Ranga who complained to the police about the missing funds

      Delete
Previous Post Next Post