මීගමුව බන්ධනාගාර සිද්දිය පැහැදිලිවම ආණ්ඩුවේ අසාර්ථකත්වයක්..- නිර්මාල්


 මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් විශාල පිරිසක් මියයාම වත්මන් රජයේ පැහැදිලි අසාර්ථකත්වයක් බවත්, මෙය රජය මුහුණ දෙන බරපතළ අභියෝගයක් බවත් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසයි.

කොළඹදී පැවති ජන බලය සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යවරයා පෙන්වා දුන්නේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි අසහනකාරී තත්ත්වය හමුවේ මෙවැනි සිදුවීමක් ඕනෑම මොහොතක බලාපොරොත්තු විය හැකිව තිබූ බවයි.

"මේ ආණ්ඩුවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණය පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙළක් හෝ ප්‍රවේශයක් තිබුණේ නැහැ. බන්ධනාගාර පද්ධතියේ පවතින අසතුටුදායක තත්ත්වය ගැන අවබෝධයක් තිබියදීත්, එය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව මේ තත්ත්වය කලින් බලාපොරොත්තු වී එය වැළැක්වීමට පියවර ගත්තේ නැහැ," යැයි ඔහු පැවසීය.

රජය ක්‍රියාත්මක කරන මෙහෙයුම් හරහා මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට උත්සාහ කළ ද, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය තොරව එය සාර්ථක කරගත නොහැකි බව ඔහු අවධාරණය කළේය.

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දූෂිත ක්‍රියාවලට බන්ධනාගාර නිලධාරී තන්ත්‍රයේ සහයෝගය ද ලැබෙන බවත්, මෙය හුදෙක් රැඳවියන්ගේ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ත පද්ධතියේම බිඳවැටීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගැටලුව මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා සමඟ ද බද්ධ වී පවතින බව ආචාර්යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. පාසල් පද්ධතියෙන් අතරමග ගිලිහෙන පිරිස් පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට යොමුවීම වැළැක්වීමට රජය අපොහොසත් වී ඇති බවත්, බන්ධනාගාර අර්බුදයට විසඳුම් සෙවීමේදී මෙම සමාජීය සාධක ද සැලකිල්ලට ගත යුතු බවත් ඔහු පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා මෙම සිදුවීමේ වගකීම භාරගන්නා බව පැවසීමෙන් පමණක් ප්‍රශ්නය අවසන් නොවන බවත්, ආණ්ඩුවට පැහැදිලි ප්‍රතිසංස්කරණවාදී න්‍යාය පත්‍රයක් නොමැති බව මෙම සිදුවීමෙන් තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැනි දෑ තාවකාලික දේශපාලන වාසි සඳහා යොදාගන්නවා වෙනුවට, මෙවැනි බරපතළ සමාජීය අර්බුද විසඳීමට රජය වහාම මැදිහත් විය යුතු බව ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා අවධාරණය කළේය.





Political Turmoil Intensifies as Jailed Population Faces Crisis in Sri Lanka

The recent violent incident at the Meegamuwa Prison, which resulted in the loss of numerous lives, marks a significant failure of the current government, according to Dr. Nirmal Ranjith Devasiri. He emphasized that this event represents a severe challenge that the administration must confront.

Speaking at a media briefing held by the People's Power organization in Colombo, Dr. Devasiri expressed that such unrest was anticipated given the deplorable conditions existing within the prison system.

He pointed out that there has been a glaring absence of a clear strategy or approach to prison reform by the government. Despite an awareness of the unsettling conditions in the facilities, these issues should have ranked high on the list of governmental priorities. However, the administration failed to foresee the crisis and take preventive measures.

While the government has made efforts to combat drug trafficking and organized crime, Dr. Devasiri noted that without substantive prison reform, these initiatives are bound to fail.

He highlighted that corrupt practices within the prison system, including drug smuggling, are often facilitated by prison officials, indicating that this is not merely a problem for inmates but a systemic failure that affects the entire institution.

Additionally, he connected this crisis to the broader weaknesses within the country's educational system, asserting that the government's inability to divert at-risk youth away from gangs and drug trafficking has exacerbated the prison crisis. Addressing these societal factors is essential when seeking solutions to the current turmoil.

Dr. Devasiri contended that simply claiming responsibility for the incident, as stated by the Minister of Justice, will not resolve the issue. It reinforces the lack of a clear reform agenda from the government.

Instead of using constitutional amendments and similar strategies for temporary political gain, the government must urgently intervene to address this severe social crisis, Dr. Nirmal Ranjith Devasiri urged.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. උඹල පල්ලියත් එක්ක එකතුවෙලා ගෙනාපු ආණ්ඩුවනෙ.
    කෝ අගරදගුරුයි, සිරිල් ගාමිණියයි, ජූඩ් පරයයි.?
    මීගමු පුරවරේටම මාලිමාව කෙලියා. උන් මීක් නෑ.

    ReplyDelete
  2. කියලා හදාගනිල්ලා. උඹල තමයි ලපටි සිපයි චූන් කරලා ගොන්නු පත් කර ගත්තෙ.
    එලවල ඉමු කිව්වා එන එකා පස්සෙ හොයාගන්න පුලුවන් කියල.
    ඔය ගෙනල්ල කොරේ. ‍තෝ වගේ නාම්බො කටපාඩම් කරලා ආචාර්ය උපාධි ගත්තට රටේ ප්‍රශ්න විසඳන්න උඹලට බැහැ. උඹලට පුලුවන් උඹල වගේම මෝඩ ගිරව් සෙට් එකක් හදන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. දැන් මේ සෙට් එක කොහොම හරි අවුරුදු 5 තියන්න ඕන හොඳේ.
      කලින් එලවන්න නම් ලෑස්ති වෙන්න එපා. පුනරුදේ 68 ලක්ශෙට පුන්නක්කු පොව පොව මුන්ව තියාගන්න ඕන අම්මෝ දැන් නම් ඇති කියනකම්.

      Delete
  3. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනවෝ කනවෝ කියල කෑ ගහනව.

    ReplyDelete
  4. දැන් සැප ද.................................................................
    අල කෑව ද..................... ලූණු කීය ද................................
    ගුටි කෑව ද.......................................... හූ.......... හූ............................................

    ReplyDelete
  5. Heta athulata dana eka kiwwama APPUDI HAHANNA DA???

    ReplyDelete
  6. පාස්කු විමර්ශනය නම් සාර්ථකව ගෙනියනවා

    ReplyDelete
    Replies
    1. විමර්ශනයද, , එහෙම නැත්නම් නාටකයද?

      Delete
  7. ane palayan gono yanna.wimalge gani thama oka mehewwe uda nagagena

    ReplyDelete
    Replies
    1. පල වේසිගෙ පුතා බේගල් නොකිය. විමල්ගෙ ගෑනි කොහෙද බොල මීගමුවෙ. එයා ඉන්නෙ වැලිකඩ.

      Delete
  8. හරි සර් අපි මොකක් හරි කරන්න බලන්නම්

    ReplyDelete
  9. මෙවැනි ප්‍රකාශයක් කරන මෙම පුද්ගලයා, අද රටේ අධ්‍යාපන ක්‍රමය මෙතරම් බරපතළ අර්බුදයකට පත්වීමට තමන් ද වගකිය යුතු පාර්ශ්වයක සිටි බව පහසුවෙන් අමතක කර ඇති බව පෙනේ. එම නිසා, මෙවැනි චෝදනා ඉදිරිපත් කිරීමෙන් ඔහු තමන්ගේම වගකීමෙන් මිදීමට උත්සාහ කරන බවක් ද පෙනී යයි.

    තවද, මෙය වසර එකහමාරක් පමණක් ගතවූ ජනතා ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමේ අරමුණින්, කලින් කලට කරළියට ගෙන එන තවත් කුලියට අදහස් ප්‍රකාශ කරන පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් ලෙස පෙනී යයි.

    ReplyDelete
  10. ආරියතිලක

    මීගමුව බන්ධනාගාරය ලේ විලක් වූයේ කාගේ වරදින් ද?

    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්වය හේතුවෙන් ජීවිත 27 ක් අහිමි වී 100 ට අධික සංඛ්‍යාවක් තුවාල සිදු වී ඇත.

    මේ මහා මනුෂ්‍ය ඝාතනයට ජනාධිපතිවරයා ඇතුලු විෂය භාර අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු බව අපගේ අදහස ය. අන්තර් ජාතික අපරාධ අධිකරණයේ අපරාධ නඩු ගොනු කිරීමට ඇවැසි නීති ප්‍රතිපාදන සලකා බැලිය යුතු ය.

    මෙයට වඩා දරුණු අපරාධකරුවන් සිටින බන්ධනාගාර ලෝකයේ පාලනය වෙනවා.. ඒ සියලු ආකාර පාලන දක්ෂතා වලිනි. පරිපාලනයෙහි දක්ෂ බව හේතුවෙනි. අකාර්යක්ෂම ආණ්ඩුවේ විධාන හා එයට අනුගත වූ පරිපාලන නො හැකියාවන් නිසා මීගමු බන්ධනාගාරය ලේ විලක් වූ බව පැහැදිලි ය. බන්ධනාගාර ගතවූවන්ගේ ජීවිත රැක දීමේ වග කීම අධිකරණ නියෝග මත රජය සතු ය. රාජ්‍යයේ විධාන, පවතින්නේ ආණ්ඩුව මත ය. අවසානයේ ආණ්ඩුව පාලනයේ විධානයට වගකිව යුතු ය.

    සෑම පුරවැසියෙකුට ම ජීවිතය රැක ගැනීමට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමට නීතියෙන් වරදක් නො වන බව දණ්ඩ නීති සංග්‍රය පනවා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 89 වගන්තියේ සිට 99 වෙනි වගන්තිය දක්වා ඒ සඳහා නීති ප්‍රතිපාදන දක්වා ඇත්තේ ය.

    “ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා” පැතිරෙන බව දණ්ඩ නීති සංග්‍රහයේ 93 වගන්තියෙන් ප්‍රතිපාදන සළසා ඇත්තේ ය.

    නීතියෙන් ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇතත් බන්ධනාගාරයකට නීතියෙන් හිරවී සිටින අයෙකුට එම දන්ඩනීති සංග්‍රයේ 89 වගන්තියේ සිට 99 දක්වා වගන්ති වලින් දෙන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කළ හැකි ද? යන්න ගැටළුවකි. එනිසා තම ජීවිතය රැක ගැනීමට සිටින තැනින් බැහරට දිවයාමට ද හෝ ගැටුම ඇති තැනින් බැහැර වීමට අවකාශය ද අඩු ය. බන්ධනාගාරයෙන් පිටවීමට ද හැකියාවක් නැත. එය නීති විරෝධී පිටවීමක් ලෙස සලකා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමට ද හේතු ය. එහිදී වන සියලු ජීවිත් අහිමි වීම් හෝ තුවාල සිදු වීම රාජ්‍යය පැත්තෙන් නීත්‍යානුකූල ලෙස සලකන බැවින් සිරකරුවන්ට හෝ රිමාන්ඩ් රැදවියන්ට කිසිදු සහනයක් එමගින් ඇති නො වේ. දිවි බේරුණ හොත් ඔවුන්ට, බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කිරීම මත තවත් නීතිමය දඬුවමකට භාජනය වීමේ ඉඩකඩ වැඩි ය.


    දණ්ඩනීති සංග්‍රහයේ නීති ප්‍රතිපාදන මත, බන්ධනාගාරය ඇතුලත පුද්ගලිකව දිවි රැක ගැනීමට ද හැකියාවක් නැත. එසේ නම් මේ තත්වය අනුව අධිකරණ නියෝග මත බන්ධනාගාරවල රැදවා සිටින රැදවියන්ගේ ජීවිත රැකදීමේ වගකීම රජය සතු ය. රාජ්‍ය පාලනය වන්නේ පවතින ආණ්ඩුව මත බැවින් මෙම අපරාධයේ සියලු වගකීම පවතින ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රධාන කොට අමාත්‍ය මණ්ඩලය සතු බව පැහැදිලි ය. සම්පූර්ණ වගකීම ආණ්ඩු පක්ෂයට ම නිදහස් විය නො හැක්කේ ආණ්ඩු බලය බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් බලගැන්වෙන බැවිනි. පවතින බැවිනි.

    මෙම මීගමුව බන්ධනාගාර සිද්ධියේ වගකීම කිසිදු රැදිවියෙක් පිට පැටවීම, හිමි කමක් නැත්තේ ය. බන්ධනාගාරවල සිටින සියලු රැදවියන් නිරායුධ සිරකරුවෝ ය. නැති නම් රැදවියෝ ය. ඔවුන් අතට ආයුධ පත් වීම හෝ කැරැල්ලක් ඇති වීමට ඒක රාශි වීම හෝ සිදුවන්නේ ආණ්ඩුවේ විධානයේ හා පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් බව පැහැදිලි ය. සියලු වගකීම ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ බව පැහැදිලි ය.

    ReplyDelete
Previous Post Next Post