නීතීඥයෝ රැස්වෙති.. 22 සංශෝධනයට විරුද්ද යෝජනාවක් ඒකමතිකය සම්මත කරති...


විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති හදිසි තීරණයට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පූර්ණ විරෝධය පළ වී තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සමස්ත සාමාජිකත්වය නියෝජනය කරමින් පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ඒකමතිකව ගෙන ඇත.

මෙම රැස්වීම සෘජු සහභාගීත්වයෙන් මෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ද පවත්වා ඇති අතර, ඒ සඳහා නීතීඥවරුන් 4,000කට අධික පිරිසක් සම්බන්ධ වී තිබේ.

එහිදී අදහස් දැක්වූ නීතීඥ සංගමයේ සභාපති රජීවු අමරසූරිය මහතා අවධාරණය කළේ, රජයේ මෙම ක්‍රියාමාර්ගය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන දැඩි ප්‍රහාරයක් බවයි.

"විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ මෙම යෝජනාව ඉතා අදූරදර්ශී එකක්. අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් අප සංගමය සැමවිටම පෙනී සිටිනවා. මෙම තීරණයට එරෙහිව අපගේ සාමාජිකත්වය තුළ කිසිදු මතභේදයක් නැහැ. සියලු දෙනාම එකාමෙන් මෙයට විරුද්ධත්වය පළ කළා," යැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තීරණය සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ ස්ථාවරය දැනුම් දීම සඳහා අද පස්වරුවේ අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිත බව ද ඔහු පැවසීය.

රජය මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර නීතීඥ සංගමයේ සහ අනෙකුත් පාර්ශවයන්ගේ අදහස් විමසීමට කටයුතු කළ යුතුව තිබූ බවත්, එසේ නොවන්නේ නම් මෙවැනි ව්‍යවස්ථාපිත වෙනස්කම් සඳහා ජනමත විචාරණයකට යාම අත්‍යවශ්‍ය බවත් අමරසූරිය මහතා පෙන්වා දුන්නේය.

අධිකරණ පද්ධතියේ ගෞරවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ඉදිරියේදී ගන්නා බව ද නීතීඥ සංගමය අවධාරණය කරයි.





Lawyers in Sri Lanka Strongly Oppose Government's Decision to Extend Retirement Age

The Sri Lanka Bar Association has expressed complete opposition to the government's sudden decision to extend the retirement age for lawyers.

This resolution was unanimously passed during a special meeting representing the entire membership of the Bar Association.

With over 4,000 lawyers participating, the meeting was held both in person and through online platforms.

Chairman Rajeev Amarasinghe emphasized that the government's move constitutes a severe assault on the independence of the judiciary.

"The proposal to extend the retirement age for lawyers is profoundly shortsighted. Our association is committed to safeguarding the independence of the judicial system. There is no dissent among our membership regarding this decision; everyone has united in their opposition," he further noted.

Amarasinghe also indicated that a meeting with the Minister of Justice is scheduled for later today to formally communicate the Bar Association's position on this matter.

He highlighted that the government should have consulted the Bar Association and other stakeholders before implementing such changes, stressing that public consultation is essential for significant constitutional amendments.

The Bar Association reiterated its commitment to take any necessary actions in the future to protect the dignity and independence of the judicial system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ලෝයර් නෝනා විපක්ෂ ද?

    ReplyDelete
    Replies

    1. ගොනෝ උබත් ,නැත්නම් උබට විරුද්දව මොකෙක් හරි කලොත් උබට යන්න වෙනෙත් උසාවියට ,

      උබට නීතියෙන් පිහිටක් ඕනේ නම් උබ නිතිය ඉගෙනාගෙන් තනියම කතා කරපන්

      තප්පුලන්නතුව ,උබල බලේට අවෙත් රටේ නීතියක් තිබුන හින්ද

      Delete
    2. සඟ සමුළුවට පස්සේ තග සමුළුව

      Delete
    3. සිරාණි බණ්ඩාරනායක ලංකට් නැතුව නේද ගියේ?

      ආ නෑ ලංකට් නැතුව ගියේ හිටපු ජනාධිපති නේ.

      Delete
    4. ඩෝබී කොමෙන්ට්ස් .. හිකිස්!
      මුන් දැන් කොමෙන්ට්ස් දාන්නේ 3% ජෙප්පොන්ට ආතල් එක දෙන්න!

      Delete
    5. ගනේමුල්ල සංජීව මැරුවේ අධිකරණය ඇතුලේ. මාලිමාවේ ජාතික ආරක්ශාව තහවුරු කරපු පලවෙනි කාර්යය.
      අධිකරණයේ ස්වාදීනත්වය හොඳටම කරා ඒකෙදි. පාතාල ගෑණියෙක් මුලු මාලිමා ගොන් ‍රැලම ඇන්දුවා. විලි ලැජ්ජයි ඕයි.

      Delete
  2. ආණ්ඩුවට තමන්ගෙ බලය පෙන්වන්න සහ මේ වෘත්තීය සමිති මර්දනය කරන්න හොදම අවස්ථාව. අඩුකුලේ මෝඩ අමනසූරියලද මාලිමාවෙ ජන බලයද? ගේමට ගේම ඉල්ලයිද, බයේ අකුල ගනීද?

    ReplyDelete
    Replies
    1. ගොනෙක්

      Delete
    2. මාලිමාවෙ ජන බලය

      MEKA DUNNE THOPI KIWWA BORUWALATA

      Delete
    3. නීතීඥයෝ == Horu

      Delete
  3. 2029 මාලිමාවට කෝටියක්. මේ යන විදියට ලොවෙත් නවත්තන්න බෑ

    ReplyDelete
  4. වයස වෙනස් කරන්න ජනමත විචාරනයකට යන්න කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ කොතනකවත් නෑ. නීතිය එකක්, සදාචාරය තව එකක්. නිතිය හැම විටම සදාචාරය රකින්නෙ නැ. හැමදාම විපක්ෂය හිතාන හිටියෙ සදාචාරයට එරෙහි දේට ජනතාව නැගිටිවි කියල. නමුත් මෙච්චරකල ඒක වුනේ නෑ. මේකටත් ජනතාව නැගිටිනකම් බලාන හිටියොත්, සදාචාරයටයි, විපක්ෂයටයි දෙකටම එකවර කෙලවෙනව. ජනතා අරගල නැතිව බන්දේසිවට වැටෙනකම් හිටපුවිපක්ෂයට මෙදා කෙලවෙනව.

    ReplyDelete
    Replies
    1. සදාචාරයට කෙලවන්න කතා කරපු JVP එකට 75 වසරක් 3%කින් එහාට එන්න ජනතාව ඉඩ දුන්නේ නෑ ..
      පස්සේ පච කෙලලා සදාචාරාත්මක සුචරිතවත් සීන් දාලා රවටලා බලය ගත්තා..
      දැන් තෝ කොමෙන්ට් දාලා කෙලවහන් ආයෙත් මුන් සදාචාර විරෝධී කියලා..
      කැම්රි ආතල් මෙව්වා!

      Delete
  5. මුන්ගේ කාලය හරි වගේ. එච්චර උද්ධච්ච වෙන්න හොඳ නෑ.

    ReplyDelete
  6. ආරියතිලක

    නීතිඥ ප්‍රජාවේ විරුද්ධ බව නො සලකා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම, හා නීති පනත් සංශෝධනය කොට අනෙකුත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම කළ හොත්, අධිකරණයන්හි නඩු කටයුතු පැවැත්වීමට බාධා ඇති වීම නො වැළැවිය හැකි ය. ඒ 4009 ක් පමණ වූ තීතිඥවරුන් උසාවි වර්ජනය කිරීම හේතුවෙනි. සමස්ථ අධිකරණ පද්ධතියේ ම පසු බෑමට හා පමාවට මෙය හේතු වේවි. ආණ්ඩුවට අත්තනෝමතික, පටු දේශපාලනික අරමුණු ජයගත හැකි ද? යන්න කාලය විසදනු ඇත. ආණ්ඩුව විසින් ගත් දැනට ගන්නා ලද තීන්දු අතර ව්‍යවස්ථා විරෝධී අඥා ම තීන්දුව මෙය විය හැක.

    ReplyDelete
  7. ආරියතිලක

    නීතිඥ ප්‍රජාවේ විරුද්ධ බව නො සලකා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම, හා නීති පනත් සංශෝධනය කොට අනෙකුත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම කළ හොත්, අධිකරණයන්හි නඩු කටයුතු පැවැත්වීමට බාධා ඇති වීම නො වැළැවිය හැකි ය. ඒ 4000 කට අධික වූ තීතිඥවරුන් උසාවි වර්ජනය කිරීම හේතුවෙනි. සමස්ථ අධිකරණ පද්ධතියේ ම පසු බෑමට හා පමාවට මෙය හේතු වේවි. ආණ්ඩුවට අත්තනෝමතික, පටු දේශපාලනික අරමුණු ජයගත හැකි ද? යන්න කාලය විසදනු ඇත. ආණ්ඩුව විසින් ගත් දැනට ගන්නා ලද තීන්දු අතර ව්‍යවස්ථා විරෝධී අඥා ම තීන්දුව මෙය විය හැක.

    ReplyDelete
  8. ජවිපෙ =LTTE

    ReplyDelete
Previous Post Next Post