වෙලද හිගය ඩොලර් බිලියන 4.6 දක්වා 70%කින් ඉහල නගී..


ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, මෙරට වෙළඳ හිඟය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර උද්ධමනය ඉහළ යාම සහ සංචාරක ආදායම් පහත වැටීම හේතුවෙන් ආර්ථිකය යළිත් පීඩනයකට ලක්ව ඇති බව අනාවරණය වේ.

වාර්තාවට අනුව 2026 වසරේ මුල් මාස පහ තුළ මෙරට වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 4,660ක් දක්වා 70%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ මෙය පැවතියේ ඩොලර් මිලියන 2,729ක් ලෙසිනි. අපනයන වර්ධනය 7.6%කට සීමා වී තිබියදී, ආනයන වියදම 29%ක දැවැන්ත වර්ධනයක් පෙන්වීම මෙම වෙළඳ හිඟය ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ. විශේෂයෙන්ම අතරමැදි භාණ්ඩ සහ පාරිභෝගික භාණ්ඩ ආනයනය ඉහළ යාම මෙහිදී කැපී පෙනේ.

පසුගිය මැයි මාසයේ 5.4%ක් ලෙස පැවති ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය, ජූනි මාසය වන විට 6.5% දක්වා ඉහළ ගොස් ඇත. මෙහිදී ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.3%ක් වැනි ඉහළ අගයක පැවතීම සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීමේ බලාපොරොත්තුවක්ව පැවති සංචාරක ක්ෂේත්‍රය ද පසුගිය ජූනි මාසයේදී පසුබෑමක් පෙන්වා ඇත. 2025 ජූනි මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම් 1.8%කින් පහත වැටී ඇති අතර, එම ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම 11.8%ක සැලකිය යුතු අගයකින් අඩු වී තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.8%කින් අගය පිරිහී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. මීට අමතරව, මැදපෙරදිග පවතින නොසන්සුන්තා හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාම ඉදිරියේදී මෙරට නිෂ්පාදන සහ ප්‍රවාහන පිරිවැය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

ව්‍යාපාරික ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එක් කරමින්, වාණිජ බැංකු මගින් ලබාදෙන ප්‍රමුඛ පෙළේ ණය පොලී අනුපාතය ද පසුගිය සතියට සාපේක්ෂව 10.46% දක්වා ඉහළ ගොස් ඇත.






Sri Lanka Faces Escalating Trade Deficit Amid Inflation Concerns

Recent data released by the Central Bank of Sri Lanka reveals a concerning trend in the nation's economy, highlighting a significant increase in the trade deficit, alongside rising inflation and dwindling tourism revenue.

Between January and May 2026, the trade deficit surged to an alarming $4.66 billion, marking a rise of over 70% compared to the same period last year, when it stood at $2.73 billion. This widening gap is largely attributed to a mere 7.6% growth in exports, contrasted by a staggering 29% increase in import expenditure, particularly in intermediate and consumer goods.

The Consumer Price Index (CPI) inflation, which was recorded at 5.4% in May, has climbed to 6.5% by June. The inflation rate for non-food items has jumped to an excessively high 9.3%, resulting in a substantial impact on the cost of living for the general population.

While the tourism sector showed promise earlier in the year, recent numbers indicate a setback. Compared to June 2025, tourist arrivals dropped by 1.8%, and revenue from this sector diminished significantly by 11.8%.

Central Bank data shows that the value of the Sri Lankan Rupee has depreciated by 7.8% against the US dollar this year. Furthermore, ongoing unrest in the Middle East and the surge in global oil prices beyond $100 per barrel are anticipated to further escalate production and transportation costs in Sri Lanka, according to economists.

Adding additional strain on the business sector, the benchmark lending rates provided by commercial banks rose to 10.46% in the past week, intensifying the pressure on enterprises.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. Mehema welanda higaya wediweddi thamai me aya kiyanne arthikaya hondai kiyala. Apita penena hatiyata upadesakayo tika ekathuwela anduwa walapallata yawanawa wage. samahara welawata plana kaju seeyageth wenna puluwan.

    ReplyDelete
    Replies
    1. අපිට කොමිස් දෙන කුණු ධම්මිකටයි, ඉශාර නානාටයි තොපි පිට රටවල් වල නැහිලා නැහිලා එවන ඩොලර් ටික පූජා කරලා අපි අත පිහදාගන්නවා. ණය තොපි ගෙවපල්ලා. එයාලගේ කැසිනෝ වලට අපි බදු ගහන්නෙත් නෑ. ඒ බදුත් තොපිම ගෙවපල්ලා. තොපි අපේ වහල්ලු.

      මීට,
      අඟුරු කුමාර බදු කොටා කම්බ හොරා.

      Delete
  2. අපනයන ආදායම වැඩිකරගන්න කිසිම සැලැස්මක් මේ ආණ්ඩුවට නැහැ. යූ එන් පී ආණ්ඩුවලින් ඇතිකරපු නිදහස් වෙළඳ කලාප සහ ඇඟළුම් කර්මාන්තය විතරයි ටිකක් හරි ස්ථාවරව තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපිට කොමිස් දෙන කුණු ධම්මිකටයි, ඉශාර නානාටයි තොපි පිට රටවල් වල නැහිලා නැහිලා එවන ඩොලර් ටික පූජා කරලා අපි අත පිහදාගන්නවා. ණය තොපි ගෙවපල්ලා. එයාලගේ කැසිනෝ වලට අපි බදු ගහන්නෙත් නෑ. ඒ බදුත් තොපිම ගෙවපල්ලා. තොපි අපේ වහල්ලු.

      මීට,
      අඟුරු කුමාර බදු කොටා කම්බ හොරා.

      Delete
Previous Post Next Post