මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට චීනය එකඟ වී තිබේ.
ඒ අනුව, දෙරට අතර ඇති කරගත් නව එකඟතාවයකට අනුව මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඉදිරි සති කිහිපය තුළ යළි ආරම්භ කිරීමට නියමිත බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
චීන අපනයන-ආනයන බැංකුවේ (China EXIM Bank) උප සභාපති යැං ඩොන්ග්නින්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා මෙරට සංචාරයක නිරත වූහ. එහිදී ඔවුන් මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී නව මූල්‍ය ගිවිසුම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.
මෙම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම හේතුවෙන් ගෙවිය යුතු දඩ මුදල් සහ වසර ගණනාවක් තිස්සේ රුපියල අවප්‍රමාණය වීම නිසා ඉහළ ගිය පිරිවැය පියවා ගැනීම සඳහා සහනදායී කොන්දේසි යටතේ මූල්‍ය පහසුකම් සලසා ගැනීම පිළිබඳවයි.
මෙම ව්‍යාපෘතිය සඳහා චීන අපනයන-ආනයන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් සහ ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 438ක් වැය කිරීමට නියමිතය.
2022 වසරේ සිට ඇණහිට තිබූ කිලෝමීටර් 37ක් දිගැති මෙම මාර්ග කොටසේ දැනට 51%ක වැඩ අවසන්ව පවතී. වැඩ ආරම්භ කිරීමෙන් පසු මෙම වසර අවසන් වන විට එහි ප්‍රගතිය 65%ක් දක්වාත්, 2027 වසර අවසන් වන විට 95%ක් දක්වාත් වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබේ. සමස්ත ව්‍යාපෘතිය 2028 සැප්තැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන් නිම කිරීමට අපේක්ෂිත අතර, එහි කොන්ත්‍රාත්කරු ලෙස MCC දිගටම කටයුතු කරනු ඇත.
නව ගිවිසුමේ මූල්‍ය ප්‍රතිපාදන සහ ආපසු ගෙවීමේ ක්‍රමවේදයන් පිළිබඳව අවසන් තීරණ ගැනීම සඳහා චීන අපනයන-ආනයන බැංකුවේ තවත් දූත පිරිසක් මෙම මස අගදී මෙරටට පැමිණීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
China to Reinitiate Construction on Central Expressway
China has agreed to provide necessary provisions for ongoing construction work on the segment of the Central Expressway extending from Kadawatha to Mirigama. This commitment follows a newly established agreement between the two countries.
A senior government official disclosed that the project is set to resume in the coming weeks, an optimistic move signaling progress after previous delays.
During a recent visit to Sri Lanka, a high-level delegation led by Yang Dongning, Deputy Chairman of the China Export-Import Bank, engaged in extensive discussions with Finance and Planning Minister Anil Jayant Perera and Foreign Affairs Minister Ali Sabry regarding a fresh financial agreement.
The negotiations primarily focused on addressing penalties incurred due to project delays and the increasing costs overwhelmed by years of currency devaluation. They also covered how to secure financial provisions under more favorable conditions.
For this project, the China Export-Import Bank is expected to contribute USD 500 million, while the Sri Lankan government is set to allocate USD 438 million.
Construction on this 37-kilometer stretch, which had been stalled since 2022, is currently 51% complete. The plan is to enhance progress to 65% by the end of this year and reach 95% completion by the end of 2027. Full project completion is anticipated by September 2028, with the contractor, MCC, continuing its role.
Furthermore, reports indicate that another team from the China Export-Import Bank is scheduled to arrive in Sri Lanka at the end of this month to finalize decisions regarding financial provisions and repayment methods under the new agreement.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේකට පඬු කරඳ ගහකුයි, දේවානියි අල්ලගෙන ජෙප්පො විරුද්ධ උනේ නැති නම් මෙම වියදමෙන් භාගයකට සහ 2025 වෙනකොට හදල ඉවර කරන්න තිබ්බ අධිවේගී මාර්ගයක්. දැං කොමිස් එක කාට ද?
ReplyDeleteඒ විතරද රටට පිටරටින් සල්ලි එවන්න එපා කියලා, වර්ජන කරලා පෙලපාලි ගිහින් රට බංකොලොත් කරපු එක
Deleteමෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුනෙ ජවිපෙ. උඩින් එක එක නම් වලින් සහ සංවිධාන ලෙස හිටියට මෙය ජවිපෙට බලය ගැනිමෙ කුමන්ත්‍රණයෙ කොටසක්. මෙම කුමන්ත්‍රණ සදහා දායක වුනු උන් පාපිසි දැන් නැහැ. පණු කරද ගහට ගෙම ඉල්ලනකොට සමහර රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ජවිපෙට සම්බන්ධ විද්වතුන් කිහිප දෙනෙක් දැන සිටියා තව ගස් තියනවා කියලා. නමුත් මෙය රජයට විරුද්ධව කරන කැම්පෙයින් එකක් වෙන්න හැරලා මුන් සද්ද නැතුව හිටියා. වොහාරික පරික්ෂණයක් මගින් මුන් කව්ද කියලා හොයා ගන්න පුළුවන්. රටෙ මිනිසුන්ගෙ මුදල් කාබාසිනියා කිරීම නිසා වැඩිපුර මුදල මුන්ගෙන් අයකර ගත යුතුය.
ReplyDelete