ඇමරිකානු මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මධ්‍යසාර සඳහා කැනඩාව "අසමාන ලෙස සලකන" බවට චෝදනා කරමින්, එරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක් සඳහා 50%ක දැවැන්ත ආනයන බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
මෙම නව බදු පැනවීම යටතේ වයින්, හොකී පිති වැනි පාරිභෝගික භාණ්ඩ මෙන්ම සිමෙන්ති වැනි කාර්මික භාණ්ඩ ද ඉලක්ක කර ඇත. කෙසේ වෙතත්, බලශක්ති නිෂ්පාදන, පොටෑෂ්, අත්‍යවශ්‍ය ඛනිජ සහ මත්ස්‍ය නිෂ්පාදන වැනි ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර කිහිපයක් දැනට මෙම බදු පැනවීමෙන් නිදහස් කර තිබේ.
ධවල මන්දිරය නිවේදනය කළේ මෙම නව බදු ප්‍රතිපත්තිය දින 30කින් ක්‍රියාත්මක වන බවයි. මෙය ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම නොසලකා හරිමින් ගත් තීරණයක් බව ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ ඇමරිකාව සමඟ වෙළඳ සාකච්ඡා තීව්‍ර කිරීමට තම රට සූදානම් බවයි. ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව USMCA ගිවිසුම සෘජුවම උල්ලංඝනය කිරීමක් බවත්, එය කැනඩාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කැනඩාව ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කරගත යුතු බවට ට්‍රම්ප් මීට පෙර කළ ප්‍රකාශයන් ද මෙහිදී වක්‍රව සිහිපත් කෙරිණි.
මෝටර් රථ නිෂ්පාදන සඳහා කැනඩාව අමතර බදු අය කරන බවටත්, කිරි නිෂ්පාදන ආනයනය සීමා කරන බවටත් ඇමරිකාව චෝදනා කරයි.
මීට අමතරව, පසුගිය වසරේ සිට කැනේඩියානු ප්‍රාන්ත කිහිපයක් ඇමරිකානු මධ්‍යසාර වර්ජනය කිරීම ද මෙම දැඩි තීරණයට හේතු වී තිබේ.
කැනේඩියානු ලැව්ගිනි දුමාරය ඇමරිකානු නගර කරා පැමිණීම සම්බන්ධයෙන් ද ට්‍රම්ප් මීට පෙර බදු තර්ජන එල්ල කර තිබුණ ද, මෙවර නිකුත් කළ විධායක නියෝගවල ඒ පිළිබඳව සඳහන් කර නොමැත.
Trump Imposes 50% Tariff on Canadian Imports Amid Trade Tensions
U.S. President Donald Trump has decided to implement a staggering 50% tariff on a wide range of Canadian imports, alleging that Canada treats American automobile, dairy, and agricultural products unfairly.
The new tariff will target both consumer goods such as wine and hockey sticks, as well as industrial products like cement. Notably, several key export sectors, including energy products, potash, essential minerals, and seafood, have been exempted from this tariff.
The White House announced that this new tax policy will take effect in 30 days, a move that reportedly disregards the existing free trade agreement between the United States, Canada, and Mexico.
In response, Canadian Prime Minister Mark Carney stated that Canada is prepared to engage in intense trade discussions with the U.S. over the coming weeks. He emphasized that Trump's actions represent a direct violation of the USMCA agreement, posing a significant threat to Canada's sovereignty.
This announcement recalls Trump's previous remarks suggesting that Canada should become the 51st state of America.
The U.S. has accused Canada of imposing additional taxes on automobile manufacturing and limiting dairy product imports.
Moreover, tensions have been escalating since several Canadian provinces have engaged in boycotts of American agricultural products over the past year, contributing to the severity of this decision.
While Trump had previously threatened tariffs related to the arrival of Canadian lumber trucks in American cities, this latest executive order makes no mention of those specific issues.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මොකෙද්ද මේ මිනිහා, තමුන්ගේ කාලකන්නි ego එක නිසා ලෝකේ සියළුම රටවල් අපහසුතාවයට පත් කරනවා. මොළේ ගොම තියන එවුන් ටික දෙනෙක් මෙයාට වන්දනා කරගෙන හිටියට බහුතරයක් ලෝකේ මිනිස්සුන්ට එපා උන චරිතයක්.
ReplyDeleteExactly. There are a few maniacs here as well favoring this bastard.
Delete🇺🇸👍
ReplyDelete