ඉරාන භූමියට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් කුවේටය, බහරේනය සහ ජෝර්දානය යන රටවල පිහිටි ඇමෙරිකානු හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
Nasr-2 මෙහෙයුම යටතේ මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, එය සිව්වන, පස්වන සහ හයවන ප්‍රහාරක රැල්ල ලෙස ක්‍රියාත්මක වූ බව ඉරාන බලධාරීහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ. ඉරානයේ දකුණුදිග වෙරළබඩ ප්‍රදේශවලට ඇමෙරිකාව එල්ල කළ මිසයිල සහ ගුවන් ප්‍රහාරවලට පිළිතුරු ලෙස මෙම පියවර ගත් බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
මෙම මෙහෙයුමේ සිව්වන අදියරේදී කුවේටයේ මිනා අබ්දුල්ලා ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු හමුදාවේ ප්‍රධාන සැපයුම් සහ සහායක මධ්‍යස්ථානයක් වන 'KJL' මධ්‍යස්ථානය ඉලක්ක කර ඇති අතර, ප්‍රහාරයෙන් එම ස්ථානය ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.
පස්වන ප්‍රහාරක රැල්ල මගින් බහරේනයේ ස්ථාපිත ඇමෙරිකානු පස්වන නාවික බලඇණියට අයත් පාලන මධ්‍යස්ථාන, ප්‍රධාන යුද උපකරණ ගබඩා සහ ඉන්ධන පර්යන්ත ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දීය සාගරය හරහා සිදුවන නාවික ගමනාගමනයට ඇමෙරිකාව බාධා පමුණුවන බවට චෝදනා කරමින් ඉරානය මෙම ප්‍රහාර එල්ල කර ඇත.
හයවන ප්‍රහාරක රැල්ල යටතේ ජෝර්දානයේ අල්-අස්රාක් (al-Azraq) ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී ඇමෙරිකානු F-15, F-16 සහ F-35 ප්‍රහාරක යානා රඳවා තිබූ මධ්‍යස්ථාන මෙන්ම MQ-9 වර්ගයේ උපායමාර්ගික ඩ්‍රෝන යානා කිහිපයක් ද විනාශ කර ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ගුවන් අංශය තහවුරු කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය ගත් තීරණයත් සමඟ කලාපය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත. "කලාපයේ තෙල් සහ ගෑස් අපනයනය සැමට විවෘත විය යුතුය, නැතහොත් කිසිවෙකුට එය හිමි නොවිය යුතුය" යන දැඩි ස්ථාවරයේ සිටිමින් ඉරානය මෙම ප්‍රහාර මෙහෙයවා තිබේ. ඇමෙරිකාව සිය ආක්‍රමණශීලී පිළිවෙත අත්හරින තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ද ඉරානය අවධාරණය කරයි.
පසුගිය මාසයේදී පාකිස්ථානයේ මැදිහත්වීමෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළද, ඇමෙරිකාව දිගින් දිගටම ඉරාන දේශසීමා උල්ලංඝනය කරමින් සිටින බවට ඉරානය චෝදනා කරයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත්, ඉරාන භූමියට එල්ල වන ප්‍රහාර නතර වී නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Iran Launches Massive Retaliatory Strikes Against U.S. Military Bases in Kuwait, Bahrain, and Jordan
In a bold response to recent American assaults on its territory, Iran's Islamic Revolutionary Guard Corps (IRGC) has unleashed a series of substantial retaliatory attacks targeting U.S. military installations in Kuwait, Bahrain, and Jordan. This operation, dubbed "Nasr-2," was executed in waves, identified as the fourth, fifth, and sixth assaults, according to Iranian authorities.
These strikes were described as retaliatory measures to counter missile and aerial attacks launched by the United States on areas along Iran's southern coastline. In a detailed announcement, officials confirmed that they had deliberately targeted crucial U.S. military supply centers in the region.
The Iranian forces specifically aimed at the 'KJL' military center located in the Mina Abdullah region of Kuwait. Reports indicate that this facility, essential for supply and support operations, was set ablaze and rendered inoperable following the assault.
The fifth wave of strikes concentrated on controlling hubs of the U.S. Fifth Marine Fleet stationed in Bahrain, targeting main military equipment warehouses and fuel depots. Iran's assaults were prompted by accusations that the U.S. was obstructing naval navigation through the Indian Ocean.
In the sixth attack, Iranian forces struck the Al-Azraq Air Base in Jordan, compromising stations that housed American F-15, F-16, and F-35 fighter jets. The IRGC's aviation unit reported the destruction of several MQ-9 Reaper drones during this operation.
As tension escalates with Iran's decisive action to close the Strait of Hormuz, the region has plunged into deeper unrest. Iran has made it clear that all oil and gas exports from the region must remain open, stressing that if it is denied, then "no one should have access to it." The IRGC also emphasized that the Strait will remain closed until the U.S. withdraws its aggressive stance.
Despite last month’s agreement reached through mediation by Pakistan, Iran alleges continued incursions by American forces across its borders. The situation remains volatile, especially since President Donald Trump had previously declared a unilateral ceasefire, which has not halted incursions into Iranian territory.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ටුම්පා එලොව ගියානං මේක විසඳෙයි නේ
ReplyDelete