අවුරුදු 76ක් කන්න දුන්නේ ලෝකෙට ණයවෙලා.. අපි කන්න දෙන්නේ අපේ රටේ සල්ලිවලින්...- TB


පසුගිය වසර 76ක කාලය පුරා මෙරට ජනතාව නඩත්තු කළේ විදේශයන්ගෙන් ලබාගත් ණය මුදල්වලින් වුවද, වර්තමාන රජය එම ක්‍රමය වෙනස් කර රට තුළ උපයන මුදලින් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

ජන හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා රජය මේ වන විට විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බවයි.

"අවුරුදු 76ක් ලෝකෙන් ණයට අරන් තමයි අපිට කන්න දුන්නේ. දැන් අපි රටේ හම්බ කරලා ජනතාවට කන්න දෙනවා. ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳන්න මුදල් වෙන් කරනවා," යැයි ඔහු එහිදී සඳහන් කළේය.

පසුගිය පාලන යුගයන් සහ වර්තමාන පාලනය අතර පවතින වෙනස පෙන්වා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පෙර පැවති පාලකයන් භාණ්ඩාගාරය කොල්ලකෑ බවත්, වර්තමාන රජය භාණ්ඩාගාරය ආරක්ෂා කරමින් ජනතාවගෙන් එකතු වන බදු මුදල් විනාශ නොකර කළමනාකරණය කරන බවත්ය.

"මේවා ඔබේ මුදල්, මහජන මුදල්. මේ බදු සල්ලි වෙනදා තිබුණේ නැහැ. ඔවුන් භාණ්ඩාගාරය හොරකම් කළා, අපි භාණ්ඩාගාරය ආරක්ෂා කරනවා. මේ ලැබෙන මුදල් අපේ මුදල් නෙවෙයි, ඔබ මහන්සියෙන් හම්බ කරපු ධනය. ඔබ දහඩිය ශ්‍රමය වගුරුවලා, වී මිටි සියයක් විකුණලා හම්බ කරන මුදලට මේ මුදල් සමානයි. ඒ නිසා මේ මුදල් නාස්ති කරන්න එපා," යැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රටේ මහජනතාව සාධාරණව උපයන ධනය විධිමත් ලෙස කළමනාකරණය කරමින් වියදම් කරන ආණ්ඩුවක් දැන් පවතින බවත්, විවිධ පාර්ශවයන් ආණ්ඩුව පෙරළීමට හෝ වෙනස් කිරීමට උත්සාහ කළද, පවතින ක්‍රමවේදයේ සාර්ථකත්වය පිළිබඳව ජනතාව අවබෝධයෙන් පසුවිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Govt Prioritizing Local Revenue for Essential Needs, Says Deputy Minister Sarath

Deputy Minister T.B. Sarath has emphasized a significant shift in government strategy, highlighting that the current administration is focusing on meeting the essential needs of the population using domestically generated revenue, rather than relying solely on foreign loans, as has been the case for the past 76 years.

Addressing a public gathering, Sarath pointed out that the government is allocating substantial funds to tackle the fundamental issues faced by the citizens.

"For 76 years, we survived on loans from the world just to have food. Now, we are ensuring that the money earned within the country is used for the people’s benefit. We are setting aside funds to resolve the people's basic issues," he stated.

In a stark contrast to previous administrations, Sarath remarked that past leaders exploited the treasury for personal gain, while the current government is committed to protecting the treasury and managing tax revenues responsibly for the benefit of the populace.

"This is your money, the public's money. These tax revenues were not always available. Previous leaders drained the treasury; we are safeguarding it. The money being collected is not ours; it is yours, earned through hard work. Think of the effort you put in to earn that money. Therefore, please do not waste it," he urged the public.

He affirmed that the current government is dedicated to the prudent management of fairly earned public wealth and acknowledged the attempts by various groups to undermine or challenge the government. However, he urged the citizens to have confidence in the effectiveness of the existing system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. මේ බීඩී හරක් පකයව දාල තියෙන්නෙ rage bait එකක් විදියට වලත්ත මාලිමා හැත්ත

    ReplyDelete
    Replies
    1. ඒ නිසා මේ මුදල් නාස්ති කරන්න එපා


      Hackerlata pudanna epa

      ehem karapu unta Walan sani lawa arawanna one

      Delete
  2. Ithihase wedima naya eranthiyenne thopi. Ekawath nodanna emathiya.

    ReplyDelete
  3. උබල ඔය වගේ බොරු කියල අපහාස කරන්නෙ රටේ මිනිසසුන්ට. මිනිස්සුන්ට හිටපු උන් එපා වෙලා අලුත් උන් ටිකක් පත් කර ගත්ත මිසක් උන් උබලගෙ බොරු වලට රැවටිලා චංදෙ දුන්න කියල හිතන්න එපා

    ReplyDelete
  4. මුන් 76 අවුරුද්දක් බඩගින්නේ ඉඳලා දැන් හොඳට හම්බ කරනවා. සහතික ඇත්ත. එල කිරි, .

    ReplyDelete
  5. වරෙන් ටැටේ උරන්න.

    ReplyDelete
  6. බීඩියට ඩිග්‍රියක් තියෙනවද?

    ReplyDelete
  7. මේ පොළොන්නරු බූරුවා ලංකාවේ ඉතිහාසය දන්නේ නෑ. මුන් පාර්ලිමේන්තු යවපු ඩෝබි වහල් ගව රැල ගං වලින් එලවල දන්නේ .. හිටපල්ලා

    ReplyDelete
  8. ''සියරට දේ සිරි සැප දේ......July 18, 2026 at 5:58 PM

    මාලිමාවේ උද්දච්ච අමනෝඥ ජනාධිපති,..
    උද්දච්ච මෙලෝ වැඩක් බැරි ඵලොවට මෙලොවට දෙකටම නැති කෙෙරාටික අමන ''රතන ගමගේ'' ''හේවගේ'' වැනි යම්කිසි ප්‍රමාණයක අමනොඥ වංචනික පිරිස හැරැණකොට අනෙකුන් ගැන තවදුරටත් සාදනීය ලෙසට සිතා බැලීමට අවස්ථාව පවතින අතරම,.
    ''අයි ඵම් ඵෆ්'' මර උගුලෙන් හැකි ඉක්මනට අයින් වී,..
    බදු වංචා කරනා,ආනයන මාපියාව,කැසීනෝ ජාල වටළා බදු ගසා,..
    ඉන්දීය ආක්‍රමණයෙන් ආරකෂාවීමට අත්‍යවශ්‍ය ප්‍රතිකර්ම යොදාගනිමින්,.
    ''සියරට දේ සිරි සැප දේ'' යැයි ගැඹුරැ ලෙසට හැගෙන පරිදි කටයුතුකරමින්,.ලංකාවේ විශ්වවිද්‍යාළ සහ දේශීය යාන්ත්‍රණයක් නිර්මාණය කර පුරවැසි දත්ත හැඳුනුම්පත් යනාදී කාරනා පුද්ගළික රහස්‍යභාවය ජාතික ආරකෂාවේ මුදුන් මල්කඩ ලෙසට සලකා කටයුතු කරමින්,..
    දීර්ඝ කාළයක් තිස්ස්සේ ඉතාමත්ම අමාරැවෙන් මාරාන්තික සටන්වලට මැදිවී උගත් දැනුම බුද්ධිය තුළින් සියල්ල ජයගත්.. ඉතාමත් අසීරැතාමැද දිවි පරදුවට තබා සූකෂම ලෙසට ගොඩනගනු ලැබූ දෙස් විදෙස් තුළ ක්‍රීයාත්මක බුද්ධි ජාළ ආරකෂා කිරීම රාජ්‍යයේ අත්හළ නොහැකි වගකීමක් ලෙසට සලකා,.
    විදේශීය බලවේග විසින් නිරන්තරව, නිරාවරණයට ලක්කරගැනීමට,අඩපනකිරීමට උත්සාහ දරනා සුවිශේෂීය ශ්‍රී ලාංකිකීය තොරතුරැ ජාළ ආරකෂා කර ගැනීම ඉදිරියටම පවත්වාගෙන යමින්,පුද්ගළික දත්ත සුරකෂිත භාවය පිළිබඳව ගැඹුරැ අවභෝදය සහිතව දුර දිග බලා කටයුතු කරමින්, පුරවැසියන් දඩයම් කිරීමට යොදාගන්නා කන්සා අවනීතිය නිවැරදිකර, කන්සා වගාකරනා දේශීය ගොවියන්ට නීතියානුකූලව වගා කිරීමට, ජෙ ්‍යශ්ඨ පුරවැසියන්ගේ, වැඩකරන ජනතාවගේ,වැඩිහිටි වයස්ගත පිරිසගේ කන්සා අවශ්‍ය තාවයන් මාණුශීයත්වයෙන් යුක්තව භාවිතය ලග තබාගැනීම නීත්‍යාණු කූළ බවට පත්කිරීමට, නව නීති සකස්කර,මහජනතාවගේ ආත්ම තෘප්තිය සාමය සමානාත්මතාවය, සමාජ සාධාරනය ස්ථාපිත කිරීමට ,මරධණය වෙනුවට තෘප්තිමත් නිර්මාණශීළී සමාජයක් බිහිකිරීමට, දේශීය දේ වැඩිපුර භාවිතා කරීමට පුරැදු පුහුණු කිරීමට,නිරන්තරයෙන් රටතුලට පැමිනීමට උත්සාහ දරනා විෂ මත්ද්‍රව්‍ය වලට සාදනීය ලෙසත් සාර්ථක ලෙසත් මුහුණ දීමට ජන සමාජය බළගන්වා, විෂ මත්ද්‍රව්‍ය සමාජය විසින්ම ප්‍රතිකෂේප කරනා තතවයට සැලසුම් සූකෂම ලෙසට සකස් කර දේශීය ක්‍රමයකට රාජ්‍ය පාළණය කරනා ලෙස අවසන් වරට රාජ්‍ය පාළණය පිළිබඳව අත්‍යාවශ නිර්ණායක සහ සරළ සීමා මායිම පිළිබඳව රජයේ දැඩි අවධානය,.!

    ReplyDelete
  9. රට ණය උනේ බීඩියො කන්න දීල නෙවෙයි.⁣ ජෙප්ජොකියන පාහරයොන්ගෙ, වර්ජන කඩප්පුළි වැඩ, කප්පන් නිසා වෙච්ච පාඩුවයි ජෙප්පොයි, කොටියි කියන ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලයි, ⁣ජවිප ත්‍රස්තවාදි⁣යෝ පුච්චපු බස්, ට්‍රාන්ස්පෝමර් ගොඩනැගිලි නැවත ඉදිකරලයි පමනයි.

    ReplyDelete
  10. Who is this useless guy spewing lies 24/7. This is what they only do. They are incapable of anything else. Living off party fund. This is a disgrace to people's intelligence.

    ReplyDelete
  11. IMF ලංකාවෙද බූරුවො

    ReplyDelete
  12. යකෝ ලෝකෙට ණය උනේ තොපිය් තොපි කඩේ යන කොටිය් රටේ සම්පත් විනාස කරපු හින්ද. තොපි දෙගොල්ල මේ රටට බිහි උනේ නැත්තම් මේ රට කොච්චර දියුණු වෙලාද. දැනුත් තොපි කරන්නේ මේ රටේ ඉතුරු වෙලා තියන ටිකත් විනාස කරන එක. බීඩි බිබී බෝක්කු උඩ හිටිය උන්ට පුලුවන්ද රටක් පාලනය කරන්ඩ.

    ReplyDelete
Previous Post Next Post