මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයකින් අනතුරුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන් පිරිසක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම ස්වාධීන සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඇම්නෙස්ටි ජාත්‍යන්තරය (Amnesty International) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.
මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව, ආරක්ෂක හේතූන් මත යැයි පවසමින් රැඳවියන් පිරිසක් වෙනත් ස්ථාන කරා මාරු කර යවා තිබුණි.
කෙසේ වෙතත්, එම මාරු කිරීම්වලින් පසුව රැඳවියන් කිහිපදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී ඇති අතර, එම මරණ සිදුවූ ආකාරය පිළිබඳව බරපතළ සැකයක් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.
ඇම්නෙස්ටි ජාත්‍යන්තරය අවධාරණය කරන්නේ රජයේ භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බලධාරීන්ගේ සෘජු වගකීමක් බවයි.
මෙම මරණ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවත්, කිසියම් හෝ වධහිංසාවක් හෝ නොසලකා හැරීමක් සිදුව ඇත්නම් ඊට වගකිවයුත්තන්ට එරෙහිව ප්‍රමාදයකින් තොරව නීතිමය පියවර ගත යුතු බවත් එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින අධික තදබදය සහ රැඳවියන්ගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් දිගින් දිගටම විවේචන එල්ල වෙමින් පවතින පසුබිමක, මෙම සිදුවීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම රජයේ වගවීම තහවුරු කිරීමට අත්‍යවශ්‍ය බව ඇම්නෙස්ටි නිවේදනය මගින් පෙන්වා දී ඇත.
Amnesty International Calls for Independent Inquiry into Inmates' Deaths Following Prison Transfer in Negombo
Amnesty International has urgently requested the Sri Lankan government to conduct an independent and transparent investigation into the deaths of several inmates transferred from the Negombo Prison amidst troubling conditions recently reported at the facility.
Following unrest at the Negombo prison, officials claimed that security concerns prompted the relocation of a group of detainees to other facilities. However, reports have emerged indicating that several of these individuals have died under suspicious circumstances after their transfer.
The organization emphasizes the government's direct responsibility to ensure the safety of those in its custody. It has raised serious doubts regarding the circumstances surrounding the fatalities, highlighting the need for accountability.
Amnesty International further insists that any investigation into these deaths must adhere to international standards. Should any evidence of wrongful death or abuse become apparent, immediate legal action should be taken against those responsible.
This incident occurs against a backdrop of ongoing criticism regarding overcrowding in Sri Lankan prisons and the preservation of inmates' human rights. The organization underscores that an impartial inquiry is essential to reaffirm the government's commitment to accountability and justice.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ReplyDeleteදූශිත රාජ්‍ය යාන්ත්‍රණය සහ දූශිත මිනීමරැ ශ්‍රී ලංකා පොළීසියේ මහමොළකරැ ලෙසට කටයුතු කරනා ''රවී සෙනෙවිරත්න නැමැති දූශිත මිනීමරැ බේබදු කසිප්පුකාර කල්ලතෝ මුග්ධයා නිච ගමයා'' කසිප්පු පානයකර සිහිවිකලෙන් රිය ධාවනයකළ වරදට දඪුවමලෙසට,.
ලංකාවේ මුදලින් රැපියල් දෙදහස් පන්සීයක දඩයකට පමණක් යටත්කොට ශ්‍රී ලංකාවේ දූශිත අධිකරනය විසින්,..
නිදොස් කොට නිදහස්කළ බව සමස්ත සිව්හෙළයේ දැඩි අවධානයට,.!
සිනහ දනවන ශ්‍රීලංකාවේ අධිකරන පද්ධතිය සහ මාළිමාවේ පො දූශිත පොළීසිය සහ රාජ්‍ය පාළණය කරනා මුග්ධ නීච බටහිරගැති නායක වහලා,..
'' හේනෙ ගොයියාගේ අපූරැ පාළණය''
දෙස සබුද්ධිකව විචාර ශීළීව අවබෝධය අවධානය සහිතව බළනා ලෙසත්,
සුද්දාගේ මර්ධණයට සහ මිළේඥ පාළණයට මහජනායා යටත්කර මර්ධණකාරීලෙසට රාජ්යපාළණය කරීමට සිතීමේ නිදහසට වැටබැඳ නිර්මාණශීළීත්වය මරාදමා ,..
දේශීය ජනයාසතු උතුම් ඖෂධය නීතිවිරෝධී බවට පත්කළ , රතකළ්කය ඇතුළුව කන්සා භාවිතා කර නිශ්පාදනය කළ සියළුම ඖෂධ ස්වදේශිකයන්ගෙන් ඉවත්කරදමා සමස්ත ජාතියක් ලෙඩුන් බවට පත්කල,..
පුරවැසියන්ගේ නීරෝගීව සිටීමේ මානව අයිතිය සමඟින් හෙළවෙදකම මරාදමා , කල්ලතෝනියන් සමග ඵකතුවී ඖෂධ සඳහා පවතිනා සවභාදහමේ අයිතියද අහිමිකළ යටත්විජිත පාළණය සඳහා සුද්දා පැනවූ මර්ධනය අවනීතිය නොහොත් ,කන්සා තහනම දිගටම පවත්වාගෙන යමින්,.
වංචනීක ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙසින් පෙනී සිටිනා බටහිර ගැති කල්ලතෝනි පඩංගු වැනි පාළකයන්,..
විශ මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙසට රටතුලට පොම්පකරමින්,..
කන්සා තහනම උපක්රමශීලීව කූඨලෙස කෘෘරලෙස දිගටම පවත්වාගෙන යන අතරතුර,..
අදාළ ''කන්සා තහනම උපයෝගී කර ගිමින් භික්ශුන්වහන්සේ ඇතුළු තරැණ ප්‍රජාව කෘෘර ලෙසට දඩයම් කරමින්,සිරගතකරමින්,..විශ මත්ද්‍රව්‍ය රටතුලට පොම්පකරමින් දැවැන්තලෙස මිල මුදල් වස්තුව රැස්කරමින්,.
''නිවසේ සිටිනාලද බාළවයස්කාර තරැණයන් කනසා පානය කිරීම හෝ ලඟතබාගත් වරදට වටලා..
බුරැතු පිටින් අමානුශිකලෙස සිරගතකරදමා,..
අමාණුශික ලෙසට සිරකඳවුරේ කවුලුවකින් වෙඩිතබා කෘෘරලෙසට මරා දමනා පාළකයන් දෙස විමරශණාත්මක මණසින් බළා,.
අවභෝදය සහිතව විචකෂණශීළීව ඉදිරි කටයුතු කරනා ලෙසත්,.
සැබෑ නිදහසේ නොනවතින සටන සඳහා ඵකමිටට ඵක පොදියට පෙළගැසෙනා ලෙසත්,.
අවස්ථාව සහ විධානය ලද සැනින් ක්‍රියාත්මක වීමට,..
දූශිත දූෂ්ඨ මුග්ධ පාළකයන් පළවා හැර,. සැබෑ නිදහස,. මානව අයිතිය ස්ථාපිත කිරීමට , නිදහස ස්වාධිපත්‍ය සවාධීනත්වය ආරකෂා කර ගැනීමට නොනවතින සටනට ශක්තියට බළයට අනුගතවීමට කල්යල් බළා කටයුතු කරීමට සබුද්ධික ලෙසන් පෙළ ගැසීමට සමස්ථයේ අවධානය,.!
e asse kanasa karayek uge business eka
Deletekraganna hadanawa
ගංජා ඉතා භයානක ඇබ්බැහිකාරක මත් ද්‍රව්‍යයකි. ඉතිහාසයේ ගංජා ඖශධයක් වශයෙන් සිංහල බෙහෙත් වල භාවිතා කරත් ඒ භාවිතා කරේ කොලේක ඔතා සුරුට්ටු මෙන් දුම් ඉරීමට නොවේ. ඒ භාවිතා කරේ කල්ක, අරිශ්ඨ ආදී බෙහෙත් වල අමුද්‍රව්‍යයක් ලෙස ඉතා සුළු වශයෙනි. එය දඩමීමා කර ගනිමින් ගංජා වෙලෙන්දෝ මෝඩ මිනිස්සුන්ව ගංජා බෙහෙතක් කියා පොලඹවා ගනිති. මෝඩයෝ, පැනඩෝල් උනත් විශයි වැඩිපුර බිව්වම. ඇඟේ ගාන්න තියෙන හන්දි තෙල බිව්වම විසයි. ඒ වගේ තමයි ගංජත්. මෝඩ තඩියා. උඹ හිතුවද මේක බලන්නේ කොන්ඩෙ බැඳපු චීනො කියලා. ඔය ගොන් පෝස්ට් එක දාපන් ගිහින් සිරස හරි සියත හරි චැනල් එකක. මොකද ඒකෙ ඉන්න ප්‍රේක්ශකයො තණකොල කාලා පුන්නක්කු බොන උන්.
Deleteබුද්ධි තොරතුරු ලැබුණු බව සහ එනිසා මෙම කැරැල්ල සාර්ථක ලෙස මැඩ පවත්වන ලද බව මාලිමාවෙන් පත් කරන ලද, (වැඩ බලන) බන්ධනාගාර ප්‍රධානියා මාධ්‍ය හමුවෙදී පවසන ලදි. සැබවින්ම මෙය දැඩි ලෙස විමසිය යුතු කරුණක් වෙයි. ලැබුනු බුද්ධි තොරතුරු මොනවාද? ඒ සම්බන්දයෙන් මොහු සහ අධිකරණ ඇමති ගත් පියවර මොනවාද? සාර්ථක ලෙස මැඩ පැවැත්වීම යනු ලද බුද්ධි තොරතුරු අනුව මෙතරම් ජීවීත ගණනක් මරා දැමීමද? වහාම බන්ධනාගාර විෂය සම්බන්ධ ඇමති සහ බන්ධනාගාර ප්‍රධානියා ඉල්ලා අස්වී ස්වාධීන පරීක්ෂණයක් සඳහා ඉඩ ලබා දියයුතු ය.
ReplyDeleteඑකඟයි.
Deleteහිලෙන් වෙඩි තියපු පොලිස්කාරයාව පාවාදීල කොටා ඇඟ බේරාගනියි.
ReplyDeleteලපය කෝඩ් රෙඩ් ඕඩර් එක දීල ඔක්කොම සමුලගත්නය කරලා හරි පාලනය ගන්න...ලපය මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරලා...මූව තියන්න වටින්නේ නැහැ....අස්වෙලා පල එසිගේ පුටා.
ReplyDeleteආරියතිලක
ReplyDeleteමීගමුව බන්ධනාගාර ගැටුම හා එහි පශ්චාත් ප්රචන්ඩත්වය පිළිබඳව එකසත් ජාතීන්ගේ සංවිධානයෙහි හා ජාත්‍යන්තර මානව අයිවාසිකම් සුරැකීමේ සංවිධානවල අවධානය වහා යොමුවිය යුතු බව.
“වැලිකඩ රැදවියෙක් පහර දී මිය ගිහින්.. සිය දිවි නසා ගත්තා කියා නිවේදනය කරනවා..- CPRP
මෙම තත්වය අතිශයින් බැරෑරුම් තත්වයකි. ජනතාවගේ ජීවත් වීමේ අයිතියට කරන බලවත් තර්ජනයකි. බන්ධනාගාර නිලධාරීන්ට සිදු වී ඇති ඛේදවාචකය ද සුළු කොට නො තැකිය හැක. බන්ධනාගාර නිලධාරීන් ඇතුලු ඝාතනයට ලක් වූ සියලු ජීවිතවලට හා තුවාල සිදු වීම අලාභ හානි ආදී සියලු හානි වීම්වලට, ජනාධිපතිවරයා ප්‍රධාන කොට විෂය භාර අමාත්‍යවරයා ඇතුලු ආණ්ඩුව සම්පූර්ණයෙන් ම වගකිව යුතු ය. 2024 09.21 දින, සේනාධිනායකයා ලෙස රටේ ආරක්ෂාව භාර ගත් ජනාධිපතිවරයා, බන්ධනාගාරවල ආරක්ෂක අඩුපාඩු කම් හා පාලනයේ හා ආරක්ෂාවේ ඉහල විධාන නිකුත් කිරීම ඔහුගේ වගකීම හා කාර්ය ය. විෂය භාර අමාත්‍යවරයාගේ වගකීම පැහැර ඇති බව පැහැදිලි ය. බන්ධනාගාර ඇති කොට තිබෙන්නේ වැසියන් නිරායුධ කොට මරා දන්න ද? යන ප්රශ්නය පැන නගී. මෙය ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පාලන විධාන දීම නො සළකා භැරීමෙන් ඇති වූ, මහා මනුෂ්‍ය ඝාතනයක් බව පැහැදිලි ය.
බන්ධනාගාර ගතව සිටින පිරිස්
බන්ධනාගාර ගත සිරකරුවන් හා රිමාන්ඩ් රැදවියන්;
1. කැරළි ගැසීමට ඒක රාශී වීම,
2. නිරායුධ ඔවුන්ට කුමන හෝ ආකාරයෙන් ආයුධ අතට පත් වීම,
3. පොලු මුගුරු, යකඩ බට, ගල්, ගඩොල් කැට ඔවුන් අතට පත් වීම,
4. කැරැල්ලක් ඇති කිරීමට හේතු වන කුමන ආකාර හෝ හේතු පැවතීම;
බන්ධනාගාරවල තිබුණේ නම්, එම හේතු;
1. කල්තියා හඳුනා නො ගැනීම.
2. එම අනතුරු වළක්වා ගැනීමට පූර්ව විධාන නිකුත් නො කිරීම හා පිළියම් නො යෙදීම.
3. කැරැල්ලක් ඇති වූ පසු එම කැරැල්ල මරදනයට ඇවැසි අවම බලය හෝ අවශ්‍ය බලය හෝ පාවිච්චි කොට, කැරැල්ල මර්දනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් යෙදවීම හෝ බන්ධනාගාර නිලධාරීන්ගේ සහායට පොලිස් හමුදාව හා ත්‍රිවිධ හමුදාව අනුයුක්ත්ත නො කිරීම.
(යන කරුණු අවම වශයෙන්)
හේතුවෙන් මීගමුව බන්ධනාගාර ගැටුමෙන් විශාල ජීවිත සංකඛ්යාවක් අහිමි වීම හා 100 කට අධික තුතුවාලකරුවන් සංඛ්‍යාවක් ඇති වීමට හේතු විය.
මෙය පාලනයේ විධාන භාර ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරයාගේ කාර්ය, කර්තව්‍යය හා වගකීම් පැහැර හැරීමක් බව කිව යුතු ය. බරපතල නො සලකා හැරීමකි. ජනාධිපතිවරයා ඇතුලු සමස්ත ආණ්ඩුවේ ම වගකීම් විරහිතව ක්‍රියා කිරීමකි.
අධිකරණ නියෝග මත සිරගත වී ඇති සිරකරුවන් අතරින් ඝාතනයට ලක් වූ සිරකරුවන්ගේ ඥාතීන්ට උරුම වන්නේ තම ඥාතියා වෙනුවෙන් මරණ සහතියක් ද? රිමාන්ඩ් බන්ධනාගාර ගත වී ඝාතනයට ලක් වූ සිරකරුවන්ට ඊ ලඟ නඩු දිනයේ දී උසාවියට සැකකරු වෙනුවට ඉදිරිපත් කරන්නේ මරණ සහතිකයක් ද? සජීවී සැකකරුවෙක් වෙනුවට “අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නවා” යයි කියූ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය ද?
හරි අපූරුයි නේද? අධිකරණ නියෝගයකින් බන්ධනාගාර ගත වී මරණ සහතියක් උරුම කර දීම. එපමණකින් අධිකරණ නියෝගය හමාරයි ද? නිරායුධ කොට මරණයට පත් වීමට සැලසීම හරි අපූරුයි නේද?
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
බන්ධනාගාර නිලධාරීන්ගේ පවුලේ ඥාතීන්ට ජීවිත කාලයේ සිහිවටනයට හිමිවූයේ මරණ සහතිකයකි. රාජ්‍ය සේවයේ නිලධාරීන්ට හා රටේ පුරවැසියන් ඝාතනයට ලක් වීමට සලස්වා මරණ සහතිකයක් දීම ද ජනාධිපතිවරයාගේ පාලන විධානයේ වගකීම? විෂය භාර අමාත්‍යවරයාගේ වගකීම? ආණ්ඩුවේ වගකීම?
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවත්, අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නා බවත් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබිණි.
අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නා බව කියන්නේ කුමක් ද?
විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කාර්ය, කර්තව්‍යය හා වගකීම හරි හැටි ඉටු නො කළ බව ය. අමාත්‍ය ධූරයේ කාර්ය, කර්තව්‍යය හා වගකීම ඉටු නො කිරීම වරදකි. එම වරද නිසා බන්ධනාගාර නිලධාරීන් ඇතුලු ජීවිත 28 අහිමි වී තිබේ. 100යකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත; දේපොළ හානි ද සිදු වී අත. මේ සියල්ලට මුල කාර්ය, කර්තව්‍ය, වගකීම පැහැර හැරීම ය. තම වගකීම පැහැර හැර මහත් වරදක් රාජ්‍යයට හා පුරවැසියන්ට සිදු කොට, මේසා විශාල ඛේදවාචකයක් සිදු වීමෙන් පසු
“අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නවා” යයි කියා එකී අමාත්‍ය ධූරය තවදුරටත් දැරීමට, අධිකරණ අමාත්‍යවරයාට තවදුරටත් සදාචාරමය අයිතියක් තිබේ ද? යන්න සිතා බැලිය යුතු ය.
මීගමුව බන්ධනාගාරයේ සිදුවීමෙන් පසු එම බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාවලට මාරු කළ රැදවියන් පහර දී ඝාතනය වනවා නම් එය ද කෲර අමානුෂික ඛේදවාචකයකි.
මේ සියල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වහාම මැදිහත් විය යුතු ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මැදිහත් වීම වහාම අත්‍යාවශ්‍ය වනවා ඇත. අන්තර්ජාතීක මානව හිමිකම් සංවිධානවල නිරීක්ෂණයට ද භාජනය විය යුතු ය.
ශ්‍රී ලංකා රාජ්‍ය හා පාලනය හුදකලා වීමට ඉඩ නො දිය යුතු ය.
අප එසේ කියන්නේ වත්මන් ජනාධිපතිවරයා, රාජ්‍ය ද්‍රෝහී ත්‍රස්තවාදී කැරළි දෙකක් මෙහෙය වූ දේශපාලන පක්ෂයක් වන ජනාතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ද නායකයා වන බැවිනි.
වත්මන් ආණ්ඩුව ද, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව වශයෙන් ක්‍රියා කරන ජාතික ජන බලවේගය පක්ෂයේ බැවිනි. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය තරම් අකාලයේ, ජීවිත වෙනුවෙන් මරණ සහතික දීමට දායක වූ වෙනත් දේශපාලන පක්ෂයක් හෝ, සංවිධානයක් හෝ ශ්‍රී ලංකාවෙහි නැත්තේ ය. 1971 ජවිපෙ කැරැල්ලේ දී හා 1987/88/89 ජවිපෙ කැරැල්ල යන කැරැළි දෙකේදී, අකාලයේ අහිමි වූ ජීවිත එයට සාක්ෂි දරනවා ඇත. කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ නායකයන් හා සමාජිකයන් කොමියුනිස්ට්වාදී නො වන පුද්ගලයන්ගේ ජීවිත තඹ දොයිතුවකට සලකන්නේ නැත. අන්‍යයන්ගේ නැති වූ ජීවිත හා ඉදිරියේ නැති වන ජීවිතවලට වටිනා කම් දෙන්නේ කොමියුනිස්ට්වාදී දේශපාලනයට දෙන ලද දායකත්වයට සාපේක්ෂකව ය. කොමියුනිස්ට්වාදීන් කරන කිසිදු මනුෂ්‍ය ඝාතනයක් අපරාධයක් ලෙස ඔවුන් සලකන්නේ නැත. කොතෙක් මිනී මැරුව ද කොමියුනිස්ට්වාදී නොවන මනුෂ්‍යයන් කොතරම් දිවියෙන් සමුගත්තේ ද එය කොමියුනිස්ට්වාදියාට අදාළ නත්තේ ය.
සරල උදාහරණ ලෙස 1971 හා 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ කැරැළි දෙක හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන කිසිවක් ඔවුන්ගෙන් සිදු වුණ අපරාධ ලෙස, ඔවුහු නො සලකති. ඉදිරියෙහි දී ද කොතරම් දිවි අහිමිම් ඇති වුව ද, ඒ සැම කොමියුනිස්ට්වාදයට දායකත්වය නැති නම් එම ජීවිත තුට්ටුවකටවත් නො වටිනා ලෙස සලකනවා ඇත. කොමියුනිස්ට්වාදීන්ගේ ප්‍රමුඛතාවය කොමියුනිස්ට්වාදින්ට පමණ ය.
ශත වර්ෂ දෙකකට පමණ ආසන්න කාලයක් කොමියුනිස්ට්වාදය තරම් ලෝකයේ ත්‍රස්තවාදය ව්‍යාප්ත කළ, වෙනත් කිසිදු දර්ශනයක් නැත්තේ ය. මිත්‍යා සංකල්ප මත බිහි වී ඇති කොමියුනිස්ට්වාදී දේශපාලනය මගින්, ත්‍රස්තවාදී ප්රචණ්ඩත්වය, මනුෂ්‍ය ඝාතන, ලේ වැගිරීම්, පහරදීම්, අනුන්ගේ දෙපොළ බලහත්කාරයෙන් ගැනීම, දේපොළ කොල්ලකෑම්, අධ්‍යාත්මික ගුණ ධර්ම පිරිහිවීම, ත්‍රස්තවාදී ස්ංවිධානවලට අවි සැපයීමෙන් ත්‍රස්ත සංවිධාන හරහා ඒ ඒ රටවල ත්‍රස්තවාදී ප්රචන්ඩ ක්‍රියා ඇති කිරීම (උඋදාහරණ :- චීන රජයේ නිෂ්පාදිත T56 හා T 81 ස්වයංක්‍රිය ගිනි අවි හා විවිධ පුපුරණ ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන ද, රුසියාවේ නිෂ්පාදිත AK 47 ස්වයංක්‍රිය ගිනි අවිය ද, එල්ටීටීඊ LTTE දෙමළ කොටි සංවිධානයට අවි ජාවරම්කරුවන් මගින ලබා දීම) කොමියුනිස්ට්වාදී පාලනයන් මගින් ඒ ඒ රාජ්‍යයන්හි මානව නිදහස අහිමි කිරීම ඇති කළේ ය.
එම නිසා මේ ආණ්ඩුව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, යුරෝපා සංගමයේ, පොදුරාජ්‍ය මණ්ඩලයේ, විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අවධානයට හා විමසුමට භාජනය වීම අත්‍යාවශ්‍ය කාරණයක් බව අපගේ අදහස ය.
ජර්මාණු ජාතික කාල් මාර්කස් සැඟවුන නාසි වාදි මෝඩයෙකි . ඔහු ගේ අනුගාමිකයන් ද කුහක බිහිසුණු සමාජය දුෂණය කළ මෝඩ රැළකි .
ReplyDelete