රජයට ගන්න වී මිල කියයි..


 මෙවර යළ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වන රජයේ සහතික මිල ගණන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, රජය විසින් නියම කර ඇති නව සහතික මිල ගණන් පහත පරිදි වේ.

  • නාඩු වී කිලෝග්‍රෑම් එකක් - රුපියල් 120.00
  • සම්බා වී කිලෝග්‍රෑම් එකක් - රුපියල් 130.00
  • කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් - රුපියල් 140.00

ගොවි ජනතාවට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම සහ අතරමැදියන්ගේ සූරාකෑමෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම සහතික මිල යටතේ වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති අතර, එමගින් වෙළඳපොළ තුළ සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීමට ද අපේක්ෂිතය.

Previous Post Next Post