හමුදා කදවුරුවල පැය දෙකක විදුලි කප්පාදුවක්...


රජයේ වියදම් අවම කර ගැනීමේ අරමුණින් දිවයින පුරා පිහිටි සියලුම හමුදා කඳවුරුවල දිනකට පැය දෙකක කාලයක් විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව සති අන්ත ‘දිවයින' පුවත්පත වාර්තා කරයි.

හමුදා මූලස්ථානයේ ඉහළම නියෝගයකට අනුව පසුගිය මාස දෙකක කාලයක සිට මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බව එම වාර්තාවේ සඳහන් වේ.

මූල්‍ය පිරිවැය ඉතිරි කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙම තීරණයට අනුව දහවල් කාලයේ එක් පැයක් සහ රාත්‍රී කාලයේ එක් පැයක් වශයෙන් විදුලිය විසන්ධි කෙරේ.

මෙලෙස දෛනිකව සිදු කෙරෙන විදුලි කප්පාදුව හේතුවෙන් හමුදා සෙබළුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.





Army Implements Power Cuts Across All Camps to Cut Government Expenses

An initiative aimed at reducing government expenses has led to scheduled power cuts in military camps throughout the country, with two-hour outages now enforced daily, according to reports from the weekend newspaper, "Divaina".

The power disruptions have been implemented over the past two months following directives from senior command within the army's headquarters. The main objective behind this decision is to conserve financial resources.

Under the new plan, electricity will be cut for one hour each during the afternoon and evening.

However, internal sources reveal that these daily power cuts are causing significant hardships for military personnel stationed at these camps.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්
    දුක් විඳින අන්තිම පැය ත් ඉවරයි ..

    ආයේ පැය දෙකක් ඇවිත්
    කොහොමද මුස්පේන්තු ආණ්ඩුව
    රාජපක්ෂ රනිල් සජිත් මුන් ගේ කුමන්ත්‍රණ ඕවා, රජයේ වැඩ නෙමේ

    ReplyDelete
  2. රාත්‍රී කාලයේ දී හමුදා කඳවුරු වල විදුලිය එක දිගට මාස ගණන් කැපීම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරන බව තේරෙන්නේ නැද්ද?

    දිනපතා රාත්‍රී කාලයේ දී කඳවුරේ පැයක් විදුලිය නැති වන බව කඳවුර ඇතුලත සිටින අයටත්, පිටත සිටින අයටත්, පෙනීයාම හේතුවෙන් ඇති විය හැකි ගැටළු ගැන සැලකිලිමත් වී තිබේද? ඒ ගැන නිසි පියවර ගෙන තිබේ ද? ඒ සම්බන්ධව උපදෙස් දීම් නියෝග නිකුත් කිරීම් සිදු වී තිබේ ද?

    මාස දෙකක කාලයක් තිස්සේ, මේ විදියට, රාත්‍රියට පැයක් විදුලිය නැතිව තිබුනා නම්, ඒ හේතුවෙන්, කඳවුරු වල පැන නැගී ඇති ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු (සහ ආරක්ෂාව හා සම්බන්ධ නොවන ගැටළු) මොනවාද යන්න ගැන සොයා බැලීම් කර තිබේද? රාත්‍රී කාලයේ දී දිනපතා පැයක් විදුලිය නැතිව යාම නිසා ආරක්ෂාව හා සම්බන්ධව පැන නැගිය හැකි ගැටළු වලට පිළියම් ලෙස ගෙන ඇති පියවර වල පලදායීතාවය ගැන මාස දෙකකට පසුව, පසුවිපරම් කර තිබේ ද?

    මොකක් හරි වෙනකම් ඉඳලා කොමිසම් පත් කරන්වට වඩා මොකක් හරි වෙන්න කලින් කරන දෙයක් කරන එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි. හැබැයි ඉතින් ඒවටත් වියදම් යනවයි කියයිද දන්නේ නෑ.

    ReplyDelete
  3. හමුදා කඳවුරු වල ආරක්ෂාවට ඍජුවම බලපාන කාරණාවක් වන මාස දෙකක් එක දිගට රාත්‍රියේදි පැයක් විදුලිය කැපීමේ නියෝගය ලබා දීලා තියෙන්නේ, කාඩිනල් සේවා දිගුවක් ලබා දෙන්න හදන හමුදා ප්‍රධානියා නම්, ඒ මුදල් ඉතුරු කිරීමේ අරමුණින් නැතිව වෙන අරමුණකින් වෙන්නත් පුළුවන්

    ReplyDelete
  4. ජාතික ආරක්ෂාව තර කරලා තියෙන්නේ , බයවෙන්න දෙයක් නෑ. කොට ලපා ඇතුළු ආප්ප අම්මා ප්‍රමුඛ පිරිස.

    ReplyDelete
  5. කෙබර කොටා සහ කල්ට් 159 cult group එක අඟුරු කාලා

    ReplyDelete
    Replies
    1. කෙබර කොටා සහ 159 cult group එක ගල් අඟුරු කාලා ලයිට් පත්තු කරන්න බලනවා.

      Delete
  6. හොඳ වෙඩේ
    රණවිරු ගාය නෙති කරන්න ඕනේ

    ReplyDelete
Previous Post Next Post