නිලධාරිනගේ බාධාවලින් තොරව ව්‍යාපාර කිරීමට සහව දෙනවා..- හදුන්නෙත්ති ඉන්දීය ආයෝජකයන්ට කියයි..


 ශ්‍රී ලංකාව තුළ මේ වන විට ගොඩනැගී ඇති ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වය සහ දූෂණයෙන් තොර විනිවිදභාවයෙන් යුත් ආයෝජන පරිසරය පිළිබඳව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් දැනුවත් කිරීමට කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පියවර ගෙන ඇත.

ඉන්දියාවේ නව දිල්ලියේදී පැවති ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) ප්‍රධාන පෙළේ ආයෝජකයින් සමඟ පැවති වටමේස සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම හමුව සඳහා FICCI සභාපති ඩෙවින් නාරං (Devin Narang) මහතා, ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගම් නියෝජිතයින් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්තුමිය ද සහභාගී වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීමට ඇති දැවැන්ත විභවයන් පිළිබඳවයි.

විශේෂයෙන්ම නව රජය යටතේ වංචාව සහ දූෂණය තුරන් කරමින් විනිවිදභාවයෙන් යුත් සුරක්ෂිත ආයෝජන පරිසරයක් නිර්මාණය කර ඇති බවත්, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මීට පෙර ගතවූ කාලය සැලකිය යුතු ලෙස අවම කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

නිලධාරිවාදී බාධාවලින් තොරව පහසුවෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය රජය විසින් ලබාදෙන බවට අමාත්‍යවරයා මෙහිදී ඉන්දීය ආයෝජකයින්ට සහතික වී තිබේ.

මෙම සාකච්ඡාව මෙරටට නව ආයෝජන රැසක් ගෙන ඒමටත්, රටේ ආර්ථිකය නව මාවතකට යොමු කිරීමටත් ශක්තිමත් අඩිතාලමක් වනු ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.





Minister Highlights Investment Opportunities in Sri Lanka to Indian Investors

In a bid to showcase the political stability and transparent investment climate in Sri Lanka, Minister of Industries Sunil Handunetti took significant steps to engage leading investors from India.

During a roundtable discussion with top investors at the Federation of Indian Chambers of Commerce and Industry (FICCI) in New Delhi, Handunetti underscored the vast potential for investment in Sri Lanka's industrial sector.

The meeting saw participation from FICCI President Devin Narang, representatives from major Indian companies, and the Sri Lankan High Commissioner in India.

Minister Handunetti emphasized the improvements under the new government, which have effectively eliminated corruption and created a secure investment environment characterized by transparency. He acknowledged that the time required for establishing a business has been substantially minimized.

He assured Indian investors of comprehensive support from the government, facilitating the smooth initiation of business operations free from bureaucratic hurdles.

In a post on his official Facebook account, the Minister expressed optimism that the discussions could pave the way for a significant influx of new investments, revitalizing the country's economy and steering it onto a promising trajectory.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. ඒ කියන්නේ ඕන ජාවාරමක් අවුලක් නැතුව කරන්න ඉන්දියන්කාරයන්ට ඉඩ දෙනවා කියන එක.
    පව් යකෝ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන මුන්ගේ ලණු කාලා මැරිච්ච එවුන්.

    ReplyDelete
  2. පොහොසත් රටේ ලස්සනට ඉන්න එකාJuly 19, 2026 at 6:57 PM

    ෂුවර්ද එකමයි කිව්වේ කියලා . ළඟ ඉන්න එකාගේ බැල්මෙන්ම පේනවා මූ කියන එක උන්ට තේරෙන්නේ නෑ කියලා.

    සිංහලෙන් ද ඉංගිරිස් වලින්ද දන්නේ නෑ මේවා කිව්වේ

    ReplyDelete
  3. ආයිසේ හදුන්, ලපයා ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුම් වලට අනුව නැට්ට පුපේ ගහගෙන උන් කියන හෑම දෙයක්ම කරන්න ඕන. තමුසෙ නිකම් බොරු පම්පෝරි ගහන්න එපා. ලපයා දන්නේ නෑ. ඌ ඉංගිරිසිරෙන් අත්සන් කලේ මොනවද කියලා.

    ReplyDelete
  4. ඉන්දියාව මුංට ඇලජික් ඉස්සර
    දැන් දෙක පුනව විතරක් යැ ඇට සූප්පු කරනවා . තු.. ගෙරි හැත්ත

    ReplyDelete
  5. එහා පැත්තේ එකා බලන්නේ මුගේ ඇඟිලිවලට මොකද වුනේ කියලා ද? නැත් නම් මූ මේ කියන මේ ලෝකෙ බිග් කුච්චන් එකක් තේරෙන්නෙ නැහැ කියලා ද?

    ReplyDelete
Previous Post Next Post