දෙහිවල වෙඩි තියයි...

 

දෙහිවල ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලිසිය සඳහන් කරන පරිදි, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් දෙහිවල - ගල්කිස්ස ප්‍රධාන මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයක් තුළ රැඳී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, දෙහිවල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.






Gunfire in Dehiwala Leaves One Severely Injured

A shooting incident in the Dehiwala area today has resulted in severe injuries to an individual, who has since been hospitalized for treatment.

According to police reports, two assailants on a motorcycle opened fire along the main road from Dehiwala to Galwisissa. Initial investigations reveal that the attack targeted a person inside a three-wheeler.

The injured individual was admitted to the Kalubowila Teaching Hospital in South Colombo for medical attention.

Authorities have not yet apprehended any suspects related to the incident, and the Dehiwala police are continuing their inquiries into the matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. පෝය දෙක ඉවර නැද්ද?

    ReplyDelete
  2. ජාතික ආරක්ෂාව නැවත වරක් තහවුරු කළ මාලිමා ආණ්ඩුවට හුත්තමාචාරය

    ReplyDelete
  3. සුදු වෑන් වලින් තාම එනවා එහෙනම් ඈ.

    ReplyDelete
  4. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ කතා වගේ තමා සුදු වෑන් කතාත්…. උස්සපු එකෙකුත් නෑ ජෙප්පෝ ඔහේ කියවනව. දවසට එකා ගානෙ මරනව. ඒවා පේන්නෙ නෑ. සුදු වෑන්… කිබුල්ලු… ගොටගෙ මෝරා… අනේ මෙහෙමත් මෝඩ ජෙප්පෙ😭😭😭

    ReplyDelete
Previous Post Next Post