ඉරානයට පහර දෙන්න මිසයිල දහසක් සූදානම්..- ට‍්‍රම්ප්

 


තමන්ව ඝාතනය කිරීමට ඉරානය කුමන්ත්‍රණය කරන බවට ලැබී ඇති තොරතුරු හමුවේ, අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා මිසයිල 1,000ක් මේ වන විටත් සූදානම් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය නියෝග දැනටමත් ලබා දී ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

තමන්ට කිසියම් හෝ හානියක් කිරීමට ඉරානය උත්සාහ කළහොත්, එම රට සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අමෙරිකානු හමුදාව සූදානම් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

"ඔවුන් මාව ඝාතනය කිරීමට උත්සාහ කරන බව මම දන්නවා. මම ඔවුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නවා. නමුත් මට යම් දෙයක් වුණොත්, ඔවුන් මීට පෙර කිසිදා අත්නොවිඳි ආකාරයේ දරුණු ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවේවි," යැයි ට්‍රම්ප් පවසා ඇත.

මෙම ප්‍රතිචාරය වසරක් හෝ ඊට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක විය හැකි බවත්, ඉරානයට එරෙහිව විනාශකාරී ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු හමුදාව ඕනෑම මොහොතක සූදානම් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඉරානයෙන් එල්ල වන මෙම ඝාතන තර්ජන හමුවේ අමෙරිකානු ආරක්ෂක අංශ ද දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.





Trump Issues Stark Warning to Iran Amid Assassination Threats

In the face of alarming reports suggesting that Iran is plotting to assassinate him, former U.S. President Donald Trump has issued a stern warning directed at Tehran.

Trump stated that as many as 1,000 missiles are reportedly prepared for an offensive against Iran, with necessary orders already given to execute the plan.

He emphasized that should Iran make any attempt to cause him harm, U.S. military forces are poised to obliterate the country entirely.

"I know they're trying to assassinate me. I'm right at the top of their list. But if anything happens to me, they will face a response like they have never seen before," Trump disclosed.

This reaction could remain in effect for an extended period, as Trump indicated that American forces are ready to launch devastating strikes against Iran at any moment.

Reports from international media suggest that U.S. security agencies are closely monitoring these threats from Iran with heightened vigilance.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්? හිටපු ජනාධිපති?

    former U.S. President Donald Trump? former?

    Please check your news script for accuracy, Lanka C News.

    ReplyDelete
    Replies
    1. මිනීමරු වල් ජිහාඩ් හම්බ ඌරෝ මරලා දාපල්ලාකෝ

      Delete
  2. 47 වසරක පූජක අන්තවාදි ත්‍රස්තවාදී පාලනය විනාශ කර ඉරානයට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කරා රැගෙන යා යුතුය. අවාසනාවකට ලෝකයේ බොහෝ රටවලට ඒබව වැටහෙන්නේ නැත. වැටහුනාද බියට හෝ වෙනත් යම් හේතුවක් නිසාවෙන් නොදන්නා සේ සිටින බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. මිනීමරු වල් ජිහාඩ් හම්බ ඌරෝ මරලා දාපල්ලාකෝ

      Delete
  3. තඹුත්තේගමට වතුර දුන් පියා, වතුර එපා කියා පිකට් කල පිම්පියා

    ReplyDelete
Previous Post Next Post