බන්ධනාගාර මරණවල සම්පූර්ණ වගකීම ජනපතිගේ.. පරණ වීඩියෝවක් උපුටමින් මද්දුම බණ්ඩාර...


 මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ මරණවල සම්පූර්ණ වගකීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා භාරගත යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු විශේෂත්වයකින් යුතුව පෙන්වා දුන්නේ වත්මන් ජනාධිපතිවරයා මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, බන්ධනාගාර තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවට ප්‍රකාශ කර ඇති බවයි.

මෙම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් 2020 වසරේ නොවැම්බර් මස 30 වැනි දින අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ අදහස් දැක්වීමක් සහිත වීඩියෝ පටයක් මාධ්‍ය හමුවේදී ප්‍රදර්ශනය කරන ලදී.

එම වීඩියෝවට අනුව, එදා මන්ත්‍රීවරයෙකු ලෙස අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත්තේ බන්ධනාගාරයක් තුළ රැඳවියෙකුගේ ජීවිතය අහිමි වන්නේ නම්, එහි පූර්ණ වගකීම එවකට පැවති රජය භාරගත යුතු බවයි.

"එදා අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ එම තර්කයම අද ඔහුටත් අදාළ විය යුතුයි. මීගමුව බන්ධනාගාරය තුළ ජීවිත ගණනාවක් අහිමි වී තිබෙනවා. එදා ඔහු කී පරිදිම, අද රජයේ නායකයා ලෙස මෙම ඛේදවාචකයේ වගකීමෙන් ඔහුට මිදිය නොහැකියි," යනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත්, බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත් රජය අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් මහලේකම්වරයා, මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළි කළ යුතු බව ද අවධාරණය කළේය.





Responsibility for Deaths in Magazine Prison Lies with President, Says Political Leader

At a media briefing in Colombo, Ranjith Maddumabandara, the General Secretary of the Samagi Jana Balawegaya, asserted that President Anura Kumara Dissanayake must take full responsibility for the recent fatalities occurring within the Miggemulla Prison.

Maddumabandara highlighted that the current president, during his previous tenure as a Member of Parliament, had publicly stated that the government must be accountable for deaths within prison facilities.

He supported his claims by presenting a video clip from a parliamentary session held on November 30, 2020, in which Dissanayake explicitly noted that if a prisoner loses their life, the government in power at that time bears complete responsibility.

“The argument presented by Anura Kumara Dissanayake then is equally relevant today. With multiple lives lost at the Miggemulla Prison, as he stated, he cannot escape accountability as the leader of the government now,” Maddumabandara remarked.

Pointing out the apparent failure of the government to ensure the safety and security of individuals incarcerated in prisons, Maddumabandara emphasized the urgent need for a thorough investigation into the matter to reveal the truth to the public.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. Ha ha Apita ahuna..Dan uba palayan

    ReplyDelete
    Replies
    1. හර්සන නානා මිනීමරුව

      Delete
  2. Anura kumara Disanayake Rajapaksalage wikramasingha.. hik hik hingana jeppa

    ReplyDelete
  3. ලපය කෝඩ් රෙඩ් ඕඩර් එක දීල ඔක්කොම සමුලගත්නය කරලා හරි පාලනය ගන්න...ලපය මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරලා...මූව තියන්න වටින්නේ නැහැ....අස්වෙලා පල එසිගේ පුටා.

    ReplyDelete
  4. ලපයට ආයෙත් කාගෙවත් විවේචන ඕන නෑ. උන්දැගෙ ඒවම ඇති. ගොන් හරකෙක්😂😂මේ ජනාධිපති වෙලා

    ReplyDelete
  5. ආණ්ඩුව ඉල්ලා අස් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඉල්ලා අස්වෙන්නේ නැහැ යකෝ..අපි රතු තරුව කළු හෙල්මට්

      Delete
  6. ආරියතිලක

    1971 කැරැල්ලේ සිට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසින් දේශපාලනික වශයෙන් කරන ලද කිසිදු මිනී මැරුමක් සම්බන්ධයෙන් අද වන තෙක් කිසිදු ආකාරයක වගකීමක් ගෙන නැති දේශපාලන ව්‍යාපාරයක් වන ජනතා විමුක්ති පෙරමුණ, ඒ වෙනුවට කළේ තම පක්ෂයේ දේශපාලන ප්‍රචන්ඩත්වය මුදා හල මියගිය සාමාජිකයන් ඇතුලු මිය ගිය සියලු සාමාජිකයන් "බක්මහ විරුවන්" ලෙස හා " ඉල්මහ විරුවන්" ලෙස නම් කර සැමැරුම් කිරීම ය. දේශද්‍රෝහී රාජද්‍රෝහී කම් කළ ත්‍රස්තවාදී ක්‍රියා කළ තම පක්ෂ සාමාජිකයන් විරුවන් වශයෙන් සැමරුම් කරන ජවිපෙ නායකත්වය දරණ ජනාධිපතිවරයා හා පවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය ආණ්ඩුව මෙම ඝාතනවල වගකීම භාර ගනීවිය යයි විශ්වාස කළ හැකි ද? ජවිපෙ විසින් එදා මෙදා තුර කරන ලද කිසිදු ඝාතනයක් පිළිගෙන නැත.

    ජවිපෙ රාජද්‍රෝහී, දේශද්‍රෝහි, ත්‍රස්තවාදී ක්‍රියා කළ සංවිධානයක් බව බටලන්ද කොමිෂන් සභා වාර්තාව පැහැදිලිව කියා ඇත. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් හා පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් පිළිගෙන ඇත්තේ ය.

    කොමියුනිස්වාදීන් මනුෂ්‍ය ජීවිතවල හා දේපොළවල වටිනා කම දකින්නේ කොමියුනිස්ට්වාදට සාපේක්ෂකව පමණ ය. කොමියුනිස්ට්වාදීන් අන්‍ය මනුෂ්‍යයන්ගේ ලේ වල වටිනා කම්, කොමියුනිස්ට්වාදී නො වන අය මත නො දකින බව ලෝකයේ කොමියුනිස්ට් ව්‍යාපාරය විසින් ඔප්පු කොට ඇත්තේ ය. එවැනි තත්වයක් මත මේ මනුෂ්‍ය ඝාතන ගැන ආණ්ඩුවේ ස්ථාවරය අපි බලා සිටින්නෙමු.

    ReplyDelete
  7. කුඩු ලංසා ගේ වැඩ ඕවා

    ReplyDelete
    Replies
    1. ඒ උනාට වගකීම තියෙන්නේ ආන්දුවටලු නේද..
      හිකිස් ලපයා තමයි ඔන්න කියන්නේ

      Delete
  8. Madduma Bandara genapu video eka gana danagena thamai ehenan Hashana tuk gaala vagakeema baaragaththe. Dan balan yanakota Harshana nevei, ugey maha eka vaga kiyanna oney! Maha eka ehema kiyala naththan Harshanayath sadda nathuva innava. Okkoma balu gathi. Thuk!

    ReplyDelete
Previous Post Next Post