හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් තමන්ට එරෙහිව ලබාගෙන තිබූ අධිකරණ වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
‘Truth with Chamuditha’ යූටියුබ් නාලිකාව ඔස්සේ විජයදාස රාජපක්ෂ සහ ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ යන මහත්වරුන් සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වකට එරෙහිව මෙම වාරණ නියෝගය ලබාගෙන තිබුණි.
කෙසේ වෙතත්, රඛිත රාජපක්ෂ මහතා මේ වන විට බරපතල අල්ලස් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටීම හේතුවෙන්, අදාළ වාරණ නියෝගය තවදුරටත් පවත්වාගෙන යාම යුක්ති සහගත නොවන බව පවසමින් චමුදිත සමරවික්‍රම මහතා මෙම නීතිමය පියවර ගෙන ඇත.
අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස චමුදිත සමරවික්‍රම මහතා කළ ඉල්ලීම සලකා බැලීමට අධිකරණය තීරණය කළ අතර, ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ගොනු කරන ලෙස විජයදාස රාජපක්ෂ මහතාට දන්වා සිටියේය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තාට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200ක (කෝටි 12ක) අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හරක් කටා සාමාන්‍ය සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමට පහසුකම් සැලසීම සඳහා මෙම අල්ලස ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
මෙම සිද්ධියට අදාළව රඛිත රාජපක්ෂ මහතාට අමතරව, සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුෂවිතාන යන අයද අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
Former Minister Vijith Vijayadasa Seeks to Lift Court Restraining Order
In a significant move, former Minister of Justice Vijith Vijayadasa has formally requested the court to lift a restraining order that had been placed against him. This action was reported by journalist Chamuditha Samarawickrama during a recent court session.
The restraining order was issued following a provocative revelation made on the YouTube channel 'Truth with Chamuditha', which implicated Vijayadasa and his son, Rakitha Rajapaksa, in various allegations.
However, with Rakitha Rajapaksa currently held in remand over serious corruption allegations, Chamuditha Samarawickrama has contended that it is unreasonable to maintain the restraining order. This legal step comes amidst growing scrutiny surrounding the Rajapaksa family's affairs.
The court has agreed to consider Samarawickrama’s request for the removal of the interim restraining order, while indicating that any objections should be formally submitted by Vijith Vijayadasa.
Rakitha Rajapaksa is one of three suspects arrested in connection with a significant bribery case involving an illicit payment of 120 million rupees (approximately 12 million USD) aimed at facilitating the release of notorious organized crime figure Nadun Chinthaka, also known as ‘Harak Kata’.
The Department of Criminal Investigation claims that this payment was made to allow for special treatment under the anti-terrorism law, placing Harak Kata in a general prison cell.
Alongside Rakitha Rajapaksa, the case also involves Charith Abeysinghe, the organizing secretary for the Samagi Jana Balawegaya party from Horana, and Arun Warushawithana, a former Director of Airports and Aviation Services, both of whom appeared in the Colombo Chief Magistrate’s Court on the same day.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
කෝ බං මේවට කලබල වෙන්නේ නැද්ද කොමෙන්ට් බලකාය
ReplyDeleteතවම ඕඩර්ස් ආවෙ නෑ ඩයි සීයගෙන්
Deleteමේ චෝදනා තියෙන්නේ රජයේ මුදල් හෝ මහජන දේපොල අයුතු පරිහරණයට ගත්තා කියා නොව පාතාලයෙක්, කුඩු කාරයෙක් නියමිත බදු මුදල් ගෙවා දුක් මහන්සියෙන් හම්බ කළ ධනය නඩු ගාස්තු හෝ සේවා ගාස්තු ලෙස අයකළා කියි අපරාධ කාරයා දුන් සාක්ෂියි. එසේම අහිංසක බාර් කාරයෙක්ගෙන් පොලියට සල්ලි ගත්තත් හිරේ. එකම වෙනස මේ අහිංසක අපරාධකාරයේ මාලිමාව දිනවන්න බොහෝ ධනය වැය කළ එකයි.
Deleteඅපි ඉන්නේ උගන්ඩා ඩොලර් මිලියන ගණනක මුදල් එනකම්, මහේන්ද්‍රන් කුදලන් එනකම් ..
ReplyDelete