යෝෂිත ඇල්ලෙන් වතු යායක් මිලට අරන්.. චෝදනා පත්‍රය සංශෝධනය කරයි.. අධිකරණය දන්වයි..


රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මද්දුම පුත්‍රයා වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත කණිෂ්ක රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති තවත් නඩුවක චෝදනා පත්‍රය සංශෝධනය කර පවත්වා ගෙන යන බව පැමිණිල්ල ඊයේ (16දා) අධිකරණයට දැනුම් දුන්නේය. 

කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. එහිදී රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මහතා අධිකරණය අමතමින් විත්තිකරු විසින් අභියාචනාධිකරණය ඉදිරියේ පවරන ලද නඩුවක තීන්දුව දැනුම් දුන්නේය.

වෛද්‍ය නිර්දේශය අනුව ඩේසි ෆොරස්ට් යන අය කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග වන වෙනත් නඩුවකින් මුදාහැරීමෙන් පසු චෝදනා පත්‍රය සංශෝධනය කර යෝෂිත රාජපක්ෂට විරුද්ධව පමණක් නඩු විමසීම සිදු විය. එහිදී එක් විත්තිකරුවකුට පමණක් ‘කුමන්ත්‍රණ’ චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බව දන්වමින් විත්තිකරුවන් අභියාචනාධිකරණය ඉදිරියේ ප්‍රතිශෝධිත පෙත්සමක් ඉදිරිපත් කරන ලදි.

අභියාචනාධිකරණය එම විරෝධය ප්‍රතික්ෂේප කර ‘කුමන්ත්‍රණ’ චෝදනාව යටතේ විත්තිකරුවන්ට විරුද්ධව නඩුව පවත්වාගෙන යෑමට අවසර දුන්නේය. එම නඩුවේ ලේඛන ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ

පැමිණිල්ලේ කරුණු දැක්වීම පිළිගත් අධිකරණය නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළේය.

2009 වසරේ මාර්තු මස 31දා සහ 2013 වසරේ දෙසැම්බර් 12දා අතර කාලය තුළදී කොළඹදී සහ තංගල්ලේදී රුපියල් පන්සිය අනූහය ලක්ෂ හැත්තෑනවදහස් නවසීයක (596,79,900)ක මුදලක් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකිවීමේ චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකර ඇත.

නීතිවිරෝධි ක්‍රියාකාරකමකින් හෝ ක්‍රියාකාරකම් කිහිපයකින් ලද මුදල් ඍජුවම හෝ වක්‍ර ලෙස උපයාගත් මුදල් බව දැනදැනම නැතහොත් එසේ දැන ගැනීමට හේතු ඇතිව බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම යටතේ චෝදනා නඟා තිබේ. එමඟින් මුදල් විශුද්ධිකරණ වරද සිදුකිරීම හා එකී වරද සිදු කිරීමට අනුබල දීම සහ ක්‍රියා කිරීමට එකඟ වීමෙන් කුමන්ත්‍රණය කළ බව ද එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස එම වරද සිදු කිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 113අ සමඟ කියවිය යුතු 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ නඩු පැවරීම සිදුකර තිබේ. 2018 වසරේදී විමර්ශන ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් ඇති අතර ඉන් වසර 7කට පසු නීතිපති උපදෙස් ලැබ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා විසින් මෙම වසරේ අප්‍රේල් 11දා චෝදනා ගොනුකිරීම කර ඇත.

හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් කමාන්ඩර් ටී.ඒ.ඒ. අරන්දර ඇතුළු නාවික හමුදාවේ නිලධාරීන් 5 දෙනකු රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ. එයට අමතරව ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ.එස්. චන්ද්‍ර‍ෙස්කර ඇතුළු සාක්ෂිකරුවන් 103 දෙනකු පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ.

මෙයට අමතරව චුදිතයන් දෙදෙනා එක්ව පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 4ක ගිණුම් සාරාංශ හා විත්තිකාර යෝෂිත රාජපක්ෂ කොටස් වෙළෙඳපොළේ සමාගම් කිහිපයක ආයෝජනය කර ඇති විස්තර හා ඔහු 2009 වසරේ සිට 2015 කාලය දක්වා නාවික හමුදාවට ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශය සහ බැංකු ගිණුම් 7කට අදාළ විස්තර ඇතුළු ලේඛන 25ක් නඩු භාණ්ඩ ලෙස නම්කර තිබේ. මෙයට අමතරව රත්මලාන, කෙකටිය පෙදෙසේ නො: 4, නිවෙස මිලදී ගැනීම, ඇල්ල නිව් බර්ග් වතු යාය මිලදී ගැනීම අදාළ ලේඛන ද නඩු භාණ්ඩ ලෙස නම්කර තිබේ.

නඩු පැවරීම සිදුකර ඇති 2009 හා 2025 කාලයෙන් විත්තිකරු 2009 ඔක්තෝබර් 29 සිට 2010 අගෝස්තු 31 දක්වා යුක්රේනයේ නැෂනල් යුනිවර්සිටි ඔෆ් ඩිෆෙන්ස් ඇකඩමිහි පාඨමාලාවකට යොමුව ඇති අතර පසුව එය 2014 මාර්තු 20 දක්වා දීර්ඝ කර තිබේ. ඔහු 2006 දෙසැම්බර් 14වැනි දින නාවික හමුදාවට බැඳීම කර ඇත.

යෝෂිත කණිෂ්ක රාජපක්ෂ නාවික හමුදාවේ සේව කළ කාලය තුළදී මාසිකව රුපියල් 73000/ක වැටුපක් ඔහුගේ ගිණුමට ලැබී ඇති බවත් ඔහු එම මුදල ආපසු ගෙන නොමැති බව හා ඩේසි ෆොරස්ට්, ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාවක ලෙස සේවය කර තිබෙන බව සහ ඇයට ඒ සඳහා වේතන ලෙස එකල රුපියල් 300ක පමණ මුදලක් ලැබී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මහතා පෙනී සිටියේය. 1 වැනි විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් හා 2 වැනි විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහත්වරු පෙනී සිටියහ.

Dinamina





Charges Against Former President's Son and Associates in Money Laundering Case Amended in Court

Yoshitha Kanishka Rajapaksa, the son of former President Mahinda Rajapaksa, and his 98-year-old mother, Daisy Forast, are facing renewed scrutiny as allegations emerge related to a substantial fixed deposit amounting to Rs. 596 million. The charges, which fall under the Money Laundering Prevention Act, involve the inability to disclose the means by which these funds were acquired, as revealed in court proceedings on October 16.

During the hearing at the Colombo High Court, presided over by Justice Rashmika Singappuli, the defendants appeared before the court while currently released on bail. Government Counsel Oswald Jayasinghe Perera provided a statement regarding the proceedings of a case previously brought before the Court of Appeal.

Following a medical recommendation that allowed Daisy Forast to be released from another case, the prosecution proceeded to modify the charges against Yoshitha Rajapaksa specifically. An appeal was submitted to the Court of Appeal, indicating that only one of the defendants would face charges under the 'conspiracy' allegations.

The Court of Appeal dismissed this objection, permitting the continuation of the case against the defendants under the 'conspiracy' allegations. The court acknowledged the documents and statements presented in the prosecution's case, forwarding the matter to pre-trial consultations.

The case pertains to unspecified means through which the defendants allegedly acquired Rs. 596,799,900 between March 31, 2009, and December 12, 2013, in Colombo and Tangalle. Allegations suggest that these funds were obtained either directly or indirectly through illicit activities, prompting charges related to money laundering and conspiracy.

Under the Money Laundering Prevention Act No. 40 of 2011, amended by Act No. 5 of 2006, the cases involve serious accusations against the defendants. Investigations were initially submitted to the Attorney General's Department in 2018. After a seven-year span, formal charges were filed on April 11 of this year by Senior State Counsel Udara Karunathilaka.

Among the 103 witnesses named in the case are several naval officers—including former Naval Chief Vice Admiral Travis Sinniah and Senior Officer Lieutenant Commander T.A.A. Arandara. Additionally, notable figures such as former Director General of the Sri Lanka Customs and former Director General of the Department of Inland Revenue have been listed as witnesses.

The prosecution has also presented evidence that includes details of four bank accounts allegedly linked to coordinated fraudulent activities and investments made by Yoshitha Rajapaksa in various companies on the stock market. Furthermore, documents concerning properties purchased in Ratmalana and Kelaniya along with 25 additional items related to the case have been submitted as evidence.

Rajapaksa's military service record indicates he attended the National University of Defence in Ukraine from October 29, 2009, to August 31, 2010, extending his military education until March 20, 2014. He joined the Navy on December 14, 2006.

Evidence revealed in the Magistrate's Court indicates that during his time in service, Yoshitha Rajapaksa received a monthly salary of Rs. 73,000, which he reportedly failed to return, coupled with Daisy Forast's past post as a warden at St. Thomas' College receiving a meager salary of approximately Rs. 300.

Government Counsel Oswald Jayasinghe Perera represented the Attorney General's Department, while prominent legal representatives appeared for both defendants in court.

Dinamina



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. එතකොට කිසිම දවසක රස්සාවක් නොකරපු ලාල්කාන්ත් කොළඹින් තට්ටු තුනේ ගෙයක් ගත්තේ වල්ලෙන්ද ?

    ReplyDelete
    Replies
    1. Lal wath NPP eka wath balaye hitiyada pako? Un government eke hitiye nathuwa hamba karanne kohomada? Ane pala pako yanna... Ochchara saka nam nadu dapan ko balanna...

      Delete
    2. ewa ubata wadak naha.

      api kiwwe parana horu allanawa kiyala witharay

      Delete
    3. ඇයි මිනිහෝ උන් අවුරුදු එකයි මාස හයක් බලයේ හිටිය නේ අනික වෘතීය සමිති කාරයො බොහොම සමීප හිතවත් කම ක් පවත්වාගෙන යනවනෙ කොම්පැණි අයිතිකාරයෝ එක්ක ඉතින් ආණ්ඩුවේ ඉන්නවාට වඩා විපක්ෂයේ ඉන්න ඒක ලාබයි.උද්ඝෝෂණ එහෙම කරා කියලා වැඩ වර්ජන කළා කියලා තමුන්ගේ ආණ්ඩුවට නෙවෙයිනේ හිරිහැර වෙන්නේ.උඹලා වගේ මිනිස්සු මොන තරම් මෝඩ ලාමක මිනිස්සුද.ජේවීපී එකේ ස සමහර නායකයන් ගේ නමට ඉදිරියෙන් කප්පම් කියන වචනය මීට අවුරුදු 20ක 30 ක ඉඳලා තියෙන්නේ නිකං නේවෙයිනෙව්න් නේද.ගින්නක් නැතිව දුමක් එන්නේ නෑ නේ ද?

      Delete
    4. කැරියෝ මිනීමරු රාජපක්ශ සක්කිලි පල් හොරු හුත්තෝ 😹😹😹😹💩💩💩. පුක දෙන තැරි බෛයි පොන්න බල්ලා තෝ කුණුවෙලා පණුවෝ ගහලා මැරියන් පාහරයා.🤮🤮🤮🤮🤮🤮🤮

      Delete
  2. කාගේ කාගෙත් alle වට .

    ReplyDelete
Previous Post Next Post