ආයු අපේක්‍ෂාව වැඩිවෙලා.. විනිසුරු විශ‍්‍රාම දීර්ඝය ගැන කැබිනෙට්ටුවේ සාකච්චා කලා..


 අධිකරණ පද්ධතියේ පවතින නඩු ගොඩගැසීම අවම කර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණ දක්වා විශාල නඩු සංඛ්‍යාවක් ගොඩගැසී තිබීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත්, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය. යුක්තිය පසිඳලීම ප්‍රමාද වීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු විය හැකි බැවින් නඩු කටයුතු කඩිනම් කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවද ඔහු අවධාරණය කළේය.

මෙහිදී කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, වෘත්තිකයන් රට හැර යාම සහ නව විනිසුරුවන් බඳවා ගැනීමේදී පවතින දුෂ්කරතා මෙන්ම මෙරට ජනතාවගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබීම වැනි කරුණු ද මෙම තීරණය කෙරෙහි බලපා ඇති බව සඳහන් කළේය. උදාහරණයක් ලෙස මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට උත්සාහ කළද, ඒ සඳහා ඉදිරිපත් වූයේ අයදුම්කරුවන් 33ක් වැනි අඩු පිරිසක් බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

2020 වසරේදී සිදුකළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවන් සංඛ්‍යාව ඉහළ නැංවූවද, විශ්‍රාම වයස පිළිබඳව එහිදී අවධානය යොමු නොවූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් මෙම තීරණයට විරෝධය පළ කර ඇති බවත්, ඒ පිළිබඳවද රජය අවධානයෙන් පසුවන බවත් අමාත්‍යවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයෙන් සවිස්තරාත්මක වාර්තාවක් කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර, අවසන් තීරණයක් ගනු ලබන්නේ එම වාර්තාව සහ පවතින ප්‍රායෝගික තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුව බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Government Considers Raising Retirement Age for Judges to Alleviate Case Backlog

In a significant move aimed at alleviating the daunting backlog in the judicial system, the Sri Lankan government is contemplating extending the retirement age for judges. Minister of Information Nalinda Jayatissa made this announcement during a media briefing, highlighting the urgent need to expedite the justice delivery process.

With an overwhelming number of cases piling up from the Supreme Court down to the Magistrate Courts, citizens are experiencing considerable distress, emphasized the minister. He pointed out that retaining the services of experienced judges is crucial in managing the current situation, as delays in administering justice could severely erode public confidence in the judiciary.

Detailing the concerns surrounding this issue, Jayatissa noted that challenges in retaining legal professionals and recruiting new judges have been compounded by the rising life expectancy of the general population. He mentioned an attempt to recruit 50 magistrates, which resulted in a mere 33 applications, highlighting the recruitment struggle.

The 20th Constitutional Amendment introduced in 2020 did increase the number of judges, but the minister reminded attendees that it did not address the retirement age of judges. This revelation underscores the government's pressing need to revisit legislation concerning judicial personnel.

However, the proposed decision has faced opposition from various groups, including the Bar Association of Sri Lanka. Jayatissa affirmed that the government is mindful of these objections. In response, the Cabinet has instructed the Ministry of Justice to prepare a detailed report, ensuring that any final decision will consider this report along with the current practical circumstances.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. Aayu apeeksaawa wediunee nadukaarayange witharada bola?

    ReplyDelete
    Replies
    1. මේ පාදඩයක්ගේ පාදඩ වැඩ විනිසුරු සංගමේම ප්‍රතික්සේප කරා

      Delete
  2. To attract stronger, more erudite candidates to the judiciary, Sri Lanka must urgently improve judicial salaries and benefits. The current pay is embarrassingly low—less than what senior officials at the Central Bank of Sri Lanka earn. The message is clear: if you pay peanuts, you get monkeys. Competitive remuneration is the first step toward a competent and independent bench.

    Consider this: in early 2024, the monthly salary of a Deputy Governor of the Central Bank was raised to approximately Rs. 1,728,419. Now compare that to the 2025 salary scales for judicial officers:

    Judicial Officer Grade 2025 Monthly Salary Scale (Rs.) Maximum (Rs.)
    Class II Grade II (Entry-level Magistrate) 108,570 – 135,270 135,270
    Class II Grade I (Magistrate) 131,300 – 160,700 160,700
    Class I Grade II (District Judge) 151,900 – 190,900 190,900
    Class I Grade I (Senior District Judge) 176,000 – 218,500 218,500
    Special Grade 194,000 – 239,000 239,000
    Judicial Position 2025 Monthly Salary Scale (Rs.) Maximum (Rs.)
    High Court Judge 212,000 – 261,500 261,500
    Court of Appeal Judge 239,000 – 300,000 300,000
    Puisne Justice (Supreme Court) / President of Court of Appeal 248,000 – 311,000 311,000
    Chief Justice 266,000 – 333,500 333,500
    The disparity is stark. A Deputy Governor of the Central Bank earns more than five times the maximum salary of a Magistrate, and over five times the salary of the Chief Justice himself. A newly appointed Magistrate earns barely 8% of what a Deputy Governor takes home.

    This is not merely a matter of fairness—it is a matter of national interest. The judiciary is the guardian of the Constitution and the rule of law. It demands the finest legal minds in the country. Yet, how can we expect brilliant, experienced lawyers to abandon lucrative private practice for a bench that pays a fraction of what a Central Bank official earns?

    Magistrates, District Judges, High Court Judges, Appellate Judges, and the Chief Justice alike should be compensated at levels comparable to—or higher than—the senior officials of the Central Bank. Anything less demeans the office, undermines judicial independence, and risks turning the highest court in the land into a refuge for those who cannot succeed elsewhere.

    If Sri Lanka is serious about upholding the rule of law, it must first pay the price for it.

    ReplyDelete
  3. විශමත්ද්‍රව්‍ය රට තුළට දැවැන්ත ලෙස පොම්පකරමින් ,''දේශීය පුරවැසියන් වල්මත්කිරීමට ලක්කරනා'' මාණසිකව සහ ශාරීරිකව වධබනධනයට මර්ධණයකිරීමට යොදා ගනු ලබනා ''කෘෘර කන්සා තහනම'',.July 14, 2026 at 4:38 PM

    රජයක් විසින් සිදුකරනා කෘෘර අමාණුශික මර්ධණය පිළිබඳව සිව්හෙළයේ සබුද්ධික සැමගේ දැඩ් අවධානයට,.!


    සුද්දාගේ දැඩි මර්ධණකාරී වහල් නීතිය නොහොත් සවාභාවධර්මයට මානව ශිෂ්ඨාචාරයට මර්ධණය මුදාහැරීම සඳහාම පනවනාලද ''නාසිවාදී පාළණයේ කෘෘරතම විණාශකෙරී නීතිය, මෙවලම'' ''යටත් විජිතය පාළණයකිරීම සඳහාම පනවනාලද ''කන්සා තහනම'' දිගටම පවත්වාගෙන යමින් දැවැන්තලෙස '' විශ මත්ද්‍රව්‍ය '' කූඨලෙසට සංවිධානාත්මක ලෙස විවිධ ස්ථරයන්ගේ පුරවැසියන් ගොදුරැ බවට පත්කරමින් රටතුලට දැවැන්ත ලෙසට ආනයනය කරමින්,.
    ' කන්සා ජානගතවම පවතිනා (කැනබිනොයිඩ්) දේශීය පුරවැසියන්ගේ මාණසික ඵ්කාග්‍රතාවයට සවිඥානික භාවයට ඉවහල්වන, හෙළබිමේ දේශීය පුරවැසියන්ගේ ශරීරය තුළ 'වා පිත් සෙම්' කුපිතවී පැනනගිනා සියළුම රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය සවාභාවික දිව්‍ය ඖෂධය ''කන්සා ශාකයේ වගාව සහ භාවිතය කෘෘර ලෙසට දේශීය පුරවැසියන්ගේ භාවිතය තහනමට ලක්කිරීම" උපයෝගී කරගනිමින් විශමත්ද්‍රව්‍ය රට තුළට දැවැන්ත ලෙස පොම්පකරමින් ,''දේශීය පුරවැසියන් වල්මත්කිරීමට ලක්කරනා'' මාණසිකව සහ ශාරීරිකව වධබනධනයට මර්ධණයකිරීමට යොදා ගනු ලබනා ''කෘෘර කන්සා තහනම'',.
    කූඨලෙසත් ඉතාමත් ශුකෂමලෙසත්,දේශපාළකයන්,නිළධාරීන් ලෙසට පෙනීසිටිනා කූඨ වසළ කල්ලතෝනි වහළුන් උපයෝගී කර ගනිමින් සංවිධානාත්මක ලෙසට පවත්වාගෙන යමින්,.
    රජයක් විසින් සිදුකරනා කෘෘර අමාණුශික මර්ධණය පිළිබඳව සිව්හෙළයේ සබුද්ධික සැමගේ දැඩ් අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post