අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර විශේෂ හමුවක් ලබන අඟහරුවාදා ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
මෙය ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලය තුළ මෙම නායකයන් දෙපළ හමුවන හත්වැනි අවස්ථාව වන අතර, ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙම හමුව දේශපාලනික වශයෙන් දැඩි අවදානම් සහගත එකක් වනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඉරාන - ඊශ්‍රායල යුද්ධයෙන් පසු මෙම නායකයන් දෙපළ මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙයයි.
ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමෙරිකානු මහජනතාව තුළ මෙන්ම ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් පාර්ශව තුළ ද දැඩි නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක මෙම සංචාරය සිදුවේ.
ඊශ්‍රායලයේ දැඩි හිතවාදියෙකු වූ අභාවප්‍රාප්ත අමෙරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා නෙතන්යාහු වොෂින්ටන් වෙත පැමිණීමට නියමිතව තිබුණි.
මෑතකදී සිදුකළ මත විමසුම්වලට අනුව, ඉරානය සමඟ පවතින යුද්ධයේ ආර්ථික පිරිවැය දරාගත නොහැකි බව ට්‍රම්ප්ගේ දැඩි පාක්ෂිකයන් පවා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් අමෙරිකාව අනවශ්‍ය යුද්ධයකට පටලවා ගත් බවට වන මතය රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර ද ව්‍යාප්ත වෙමින් පවතී.
මෙම තත්ත්වය ඉදිරි අතුරු මැතිවරණවලදී රිපබ්ලිකන් පක්ෂයට අවාසිදායක විය හැකි බව දේශපාලන විශ්ලේෂක ඇන්ඩෘ ඩේ පවසයි.
මෙම හමුව සිදුවන්නේ අමෙරිකාව ඉරානය සමඟ නව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ආරම්භ කිරීමට සූදානම් වන බවට ට්‍රම්ප් ඉඟි කර ඇති මොහොතකය.
මීට පෙර ඇති කරගත් එකඟතාවන් ඊශ්‍රායලයේ විරෝධය මැද බිඳ වැටුණු අතර, ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී තිබේ.
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඊශ්‍රායල ප්‍රතිපත්ති විවේචනය කර ඇති අතර, ට්‍රම්ප් ද පසුගියදා ප්‍රකාශ කළේ අමෙරිකාවේ සහාය නොමැතිව ඊශ්‍රායලයට පැවැත්මක් නොමැති බවයි.
ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ඊශ්‍රායල මැතිවරණය හමුවේ නෙතන්යාහුගේ ජනප්‍රියත්වය පිරිහෙමින් පවතී.
ලොව බලවත්ම නායකයා සමඟ පෙනී සිටීම හරහා සිය දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීමට ඔහු උත්සාහ කරනු ඇතැයි විශ්වාස කෙරේ.
කෙසේ වෙතත්, ගාසා තීරයේ සටන් විරාම උල්ලංඝනය කිරීම් සහ බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවන් සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය අමෙරිකානු පක්ෂ දෙකෙහිම දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති කරුණකි.
Trump and Netanyahu to Hold Key Meeting Amid Tensions with Iran
U.S. President Donald Trump is set to meet with Israeli Prime Minister Benjamin Netanyahu next Tuesday at the White House, marking their seventh encounter during Trump's second term. Observers warn that this meeting carries significant political risks in the context of escalating military tensions with Iran.
This meeting will be the first face-to-face discussion between the two leaders since the outbreak of the Iran-Israel conflict on February 28. It comes at a time when sentiment among the American public and within segments of Trump's Republican Party regarding Israeli operations is increasingly fraught with concern.
Netanyahu is expected to visit Washington to attend the funeral of former American Senator Lindsey Graham, a staunch supporter of Israel. However, recent polling has indicated that even Trump's most ardent supporters are expressing doubts about the economic burden of the ongoing war with Iran.
Among Republicans, there is a growing belief that the U.S. has been dragged into an unnecessary conflict by Israel. Political analyst Andrew Day suggests that this situation could pose disadvantages for the Republican Party in the upcoming midterm elections.
The timing of the meeting is significant, as Trump has hinted at a willingness to establish a new diplomatic relationship with Iran. Previous agreements have faltered amid domestic opposition in Israel, with Iran's regime change remaining a focal point of Israeli policy.
American Vice President J.D. Vance has criticized Israeli policies, echoing Trump's recent statement that Israel cannot survive without U.S. support. As Netanyahu's popularity wanes ahead of the Israeli elections scheduled for October, he may seek to bolster his political image through this high-profile meeting with a powerful leader.
However, discussions are also expected to touch on the violation of ceasefire agreements in Gaza and violent actions conducted by Israeli settlers in the West Bank, issues that have drawn sharp criticism from both sides of the American political spectrum.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Pathetic Politicians worst than Hitler ........... not Leaders
ReplyDelete