කුඩු ගහන නිලියන් රැසක් ගැන හෙලිවේ.. නළු පුතෙක් ඔත්තුව දෙයි..


ප්‍රවීණ නාට්‍යවේදියකු සහ රංගන ශිල්පියකුගේ මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ උසස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු ඇතුළු තිදෙනෙකු, රුපියල් ලක්ෂ ගණනක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟ කිරිබත්ගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් කොටු කරගෙන ඇත්තේ මෝටර් රථයකින් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදීය.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ප්‍රධාන සැකකරුගේ සමීප මිතුරන් වන අතර, ඉන් එක් අයෙකු ඔහුගේ ඥාතියෙකු බවත් අනෙක් පුද්ගලයා මෑතකදී ජපානයේ සිට මෙරටට පැමිණි අයෙකු බවත් පොලිසිය පවසයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 26 හැවිරිදි ප්‍රධාන සැකකරු කොකේන් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවයි.

මීට වසරකට පමණ පෙර ඩුබායි සංචාරයක නිරතව සිටියදී හමුවූ පුද්ගලයෙකු මාර්ගයෙන් ඔහු මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බව හෙළි වී තිබේ.

ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මොහු මෙම ජාවාරම මෙරට තුළ ක්‍රියාත්මක කර ඇති අතර, තායිලන්ත ජාතිකයන් පිරිසක් විසින් මෙරටදී ඔහුට මත්ද්‍රව්‍ය තොග ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු විසින් තවත් ආන්දෝලනාත්මක තොරතුරු කිහිපයක් හෙළි කර තිබේ. ඒ අනුව, මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුම කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.





Three Arrested in Drug Operation in Kiribathgoda

In a significant drug bust in Kiribathgoda, three individuals, including a prominent theatre actor and a senior official from the National Child Protection Authority, have been apprehended with a substantial quantity of ' Kush' cannabis, valued in millions of rupees.

The operation was carried out by officers from the Terrorism Prevention and Investigation Division while the suspects were in the process of transporting this haul in a vehicle.

The two other suspects were identified as close friends of the main perpetrator. One is reported to be a relative, while the other recently returned from Japan, according to police sources.

Investigations revealed that the 26-year-old primary suspect is heavily addicted to cocaine.

Details have emerged indicating that he became involved in this illicit trade after meeting an individual during a trip to Dubai about a year ago.

It has been disclosed that he was operating this drug network under the guidance of a drug trafficker based in Dubai, with information suggesting that a group of Thai nationals had supplied him with the narcotics in Sri Lanka.

During police interrogations, the suspect revealed more startling information, claiming that several popular actresses in the country are heavily engaged in the use of cocaine and Kush.

Ongoing investigations are being conducted by the Terrorism Prevention and Investigation Division regarding this incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ජනා - අප්‍රියා තමයි නිළියන් දෙදෙනා ගේ නම්.

    ReplyDelete
  2. ජීවන්ත පීරිස්July 28, 2026 at 1:12 AM

    අපිත් එක්ක ජංගි අරගලේ හිටපු නලු, නිලියො ඔක්කොම කුඩුගහනව. මනුවර්නයා, උරෝන යොසිකා,  සන්ගීතා, ජංගි දමිතා.

    ReplyDelete
Previous Post Next Post